ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව පවත්වාගෙන යෑමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ඇවන්ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකුට එරෙහිව පනවා ඇති නඩු විභාගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (13) කැඳවිණි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මුලික විරෝධතා මතු කරමින් සඳහන් කළේ මෙම චෝදනා ගොනු කිරිමේ දී අල්ලස් කොමිසමේ අවසරය වගඋත්තරකරුවන්ට ගොනුකර නැති හෙයින් එම නඩුව ගෙන යා හැකි නොහැකි බවත් සැකකරුවන් මුල් අවස්ථාවේදී මුදා හරින ලෙසයි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අල්ලස් කොමිසමේ නිර්දේශය මත අධ්‍යක්ෂකවරිය මෙම චෝදනා ගොනු කර ඇති හෙයින් එම නඩුව පවත්වා ගෙන යා හැකි බවයි.
පැමිණිල්ලට මුලික විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත ස්ථාවරයක් ගොනු කිරිම මාර්තු 15 වැනි දා අවසර දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ මහතා අද (13) නියෝග කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුණු දැක්කම හිතාගන්න පුලුවන් ගොඩක් දේවල් (නි)
රට ජාතිය බේරාගත් රණවිරුවෝ අද උසාවි ගානේ ගෙනියනවා. මහ දවල් මහා බැංකුව හොරාකාපු අය එළියේ බඩ පිනුම් ගහනවා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පලිගැනීමයි. මට නම් හිතෙන විදියට මේ පාලකයින්ට දහම් පාසල් අධ්‍යාපනය ලබාදිය යුතුයි (නි)