(ෂෙහාන් චාමික සිල්වා)
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින් රජයට රුපියල් බිලියන 11.4 ක් පාඩු කළැයි චෝදනාවට සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනකුට එරෙහි නඩුව මැයි 29 දක්වා කල් තැබිණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ මීට පෙර විත්තිය විසින් නඩුව පවත්වාගෙන යෑමේ නීතිමය තත්ත්වය ගැන මතුකළ මූලික විරෝධතාවය සඳහා ලිඛිත දේශන අධිකරණයට ගොනු කෙරිණි. ඒ අනුව සති දෙකක කාලයක් තුළ ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙස අධිකරණය පැමිණිලි පාර්ශවයට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිස්නිලන්තයේ ගිය අයගෙන් සහනයක් ලැබෙයි