ලෝක හදවත් දිනය නිමිත්තෙන් හෘදයාබාධ වළක්වා ගැනීමේ පා ගමනක් කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා පැමිණ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් එහිදී රැස්වීමක්ද පැවැත්විණි. හදවත් සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා සංගමයේ තේමා ගීතය ඇතුළත් සංයුක්ත තැටිය ජනපතිට පිරිනැමීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනයට හදවත් නෑ..මොන ඇවිදිලිද ??? (ස)
ඇවිදින එක ගොඩක් හොඳයි .මම හැමදාම කිලෝමීටර 3 ක් ඇවිදානවා . මට ඇඟට වගේම හිතටත් ලොකු සතුටක් , තමන් ඇවිද්දොත් තමන්ටමයි හොඳ .(ස)
මමත් මැනිලා වල ඔහේ ඇවිදගෙන යනවා වෙලාවකට පාරේ ඉන්න ගැහැණු ළමයි දිහා බල බලා (නි)
දිනයට විතරක් ඇවිදලා වැඩක් නෑ .(ස)
ඇවිදිල්ල කෙසේ වෙතත් බඩු මිලනම් හඳවතට දැනෙනවා .(ස)
දැන් තියෙන්නේ වාහන මේනියාවක්නේ. මීටර් 100ක් යන්නෙත් කාර් එකේ. (නි)
පාවහන් නිෂ්පාධකයන්ගේ කොන්ත්‍රාත්තුවක් වෙන්න ඇති..(ස)
නිරෝගි කම රැක ගන්න මුතු දහඩිය වගුරන්න හැකි පමණින් ඇවිදින්න තව ආයුෂ වැඩි වන්න... (නි)
මේක දැක්ක ගමන් මගේ හෘද්‍යාබාධය කොහේ ගියාද කියලා හිතාගන්නවත් බෑ . හදවත් තියෙන කට්ටිය මේ පා ගමනට ගියානම් හොඳයි නේද ?? (ස)
අපි නම් දැන් මහ පාරේ මයි. එවා බලාගෙන සංතෝෂ වෙන අයට ලෙඩ වෙන්න හදවත් කොහෙද. අපි එක්ක පා ගමනකට එකතු උනානම් වා, පිත්, සෙම් සියල්ල සමනය කර ගන්න තිබුනානේ. (ස)
දේශපාලනයෙන් තොර ලෙඩක්වත් දැන් ලංකාවේ නැහැ. (නි)
ඇත්තටම මාත් පයින් යන්න කම්මැලියි (ස)
හදවත් දිනයට මෙහෙම පා ගමන ්ගියාට වැඩක් නැහැ. කරන්තන තියෙන්නේ අපි පයින් යන එක වැඩි කරන එක. ලංකාවේ මිනිස්සු පයින් යන්න හරිම කම්මැලිවෙලා. අනිත් රටවල මිනිස්සු ලංකාවේ අයට වඩා ගොඩක් පයින් යනවා. ඒවගේ හොද පුරුදු ආදර්ශයට ගන්න ඕනේ. (ස)
ඇවිද්ද පය දහස් වටී කිව්වේ පාවහන් නිෂ්පාදකයෝග ඔතන හිටි කී දෙනෙකුට හදවත් තිබුණ ද දන්නේ නෑ. (ස)
සරසවි ආචාර්යවරුන්ගේ ලොකු පාගමනක් තිබුනා පහුගිය දවස්වල ගොඩක් අය සහභාගීවුනා. අපරාදේ මේ පාගමනට ඒ අයටත් ආරාධනා කරන්න තිබුණේ. (ස)
දැන් රුපියල බැහැලා නිසා ඇවිද්ද පය කෝටි ගණන් කියලාවත් කියමු. (නි)