IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ඇල්ල නාය තවත් සක්‍රිය වේ

(ප්‍රසාද් රුක්මල්)

ඇල්ල කරඳගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම වඩ වඩාත් සක්‍රීය වෙමින් විශාල බොරදිය ජලපහරක් ගලායමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා අද (28)පැවසීය .

මේ නිසාවෙන් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය ට දැඩි අවධානමක් දිනෙන් දිනම මතු වෙමින් පවතින බවද හෙතෙම කීය .

කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ මෙම නාය යාම 2019 වසරේ ආරම්භ වූ බවත් , මේ වනවිටත් එහි පදිංචිව සිටි පවුල් 13ක් ඉවත් කර ඉන් පවුල් 5ක් වෙනත් තැනක පදිංචි කර සෙසු පවුල් 8 නැවත පදිංචි කිරීමට සුදුසු ඉඩමක් සොයා ගෙන නිවාස තනා ගැනිමට අවශ්‍ය මූලික කටයුතු කර ඉදිරි මාස කීපය තුල ඔවුන් නැවත පදිංචි කිරිමේ කටයුතු ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉංදික ගයාන් පතිරණ මහතා ගේ මැදිහත් වීම මත සිදු කරන බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි .

උමාඔය උමං මාර්ගයට ජලය පිරවීම නිසා මේ කරදගොල්ල මලිත්තගොල්ල ප්‍රදේශයේ නාය යාම සිදුවෙනවා කියලා ජනතාවගේ මතයක් තිබෙන බවත් , ඒ සම්බන්ධයෙන් මෙතෙක් ජලවිද්‍යාත්මක හෝ භූ විද්‍යාත්මක පර්යේශනයක් සිදු කර නොමැති නිසාවෙන් ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරිම ට නොහැකි යැයි දිස්ත්‍රික් ලේකම්වරයා කීය .



අදහස් (7)

ඇල්ල නාය තවත් සක්‍රිය වේ

වැඩ පරක්කුගේ ලංකෝනිස් Sunday, 28 April 2024 03:30 PM

2019 සිට නාය යාම සිදුවන බවත් උමා ඔය උමගට ජලය පිරවීම නිසා ජනතා මතයක් තියෙන බව කියන දිසාපතිතුමා 2019 සිට අවුරුදු පහක් ගතවීත් මෙතෙක් ඒ සම්බන්ධ ජලවිද්‍යාත්මක හෝ භූවිද්‍යා පර්යේෂණාත්මක යමක් නොකල නිසා මතයක් ප්‍රකාශ කරන්න නොහැකි බවත් දිසාපතිතුමා ප්‍රකාශ කර ඇත. දැනට අපි නිදහස ලබා අවුරුදු 76 ක් වෙනවා. ඒක පහෙන් බෙදුවාම (අවුරුදු පහක් ගියාට විමර්ශනයක් නැහැ ඒක තමයි කියන්නේ) 15.2 යි මාලිමා රජයේ ඇමති කෙනෙක් වීමට නියමිත සමන්ත සහෝදරයා වත් මේ ගැන කිව්වාද කියලා ඇහුනේ නැහැ ඉතින් අවුරුදු 75 ක් හිටපු පාලකයෝ වැඩ කලත් මොකද වෙන්න ඇත්තේ කියලා කල්පනාවට ගන්න සැදැහැවතුනි...!

:       2       33

RuwanSunday, 28 April 2024 04:59 PM

සමන්ත විද්‍යාරත්න ගොඩක් දේවල් කිව්වා. ඔබලා වගේ අම්බරුවන් කනකටවත් නොගෙන රාජපක්ෂලාගේ හුරතලුන් බලයට පත් කරද්දී ඒ කියපු දේවල් ගණන් ගත්තෙ නෑනේ. දැන් කිව්වාද නැද්ද කියලා හොයන්න කලින් කරපු වැරැදි නිවැරැදි කරගන්න.

:       11       25

කොට්ටහච්චි Sunday, 28 April 2024 03:55 PM

උමා ඔයටත් ඉවුරෙ.. යයි.!

:       1       15

රනේ Sunday, 28 April 2024 04:10 PM

නායකයත් අවුල්. නැකතත් අවුල්. කරඳගොල්ලත් අවුල්. අනිත් ගොල්ලත් අවුල්. ලබන පාරවත් බලමු.

:       4       17

සෙනෙවිරත්න Sunday, 28 April 2024 05:25 PM

සමන්ත සහෝදරයා සියල්ල දතයුත්තෙක් නොවෙයි... ඔය පැත්තේ නාය යෑම් හැමදාම වෙනවා... රජයේ දිසාපති උන්නැහේ දන්නා තරම පේනවානේ, සමන්ත ඕවා කතාකරලා නමකුත් හදාගත්තා, දැන් මේකත් වෙන්නේ මොකද කියලා බලලා සමන්ත හරිද? වැරැදිද? කියලා කියමු...

:       3       19

ජයනාත් Sunday, 28 April 2024 06:33 PM

උමා ඔය ව්‍යාපෘතිය නිසා තිබුණු කාන්දුවක් වැඩි වෙන්න පුළුවන්... දේශපාලන වශයෙන් තමන්ගේ මතයේ නොසිට මෙවැනි දේ වෙන්න පුළුවන් කියන මතයේ ඉන්න එක හොඳයි. සමනල වැව ව්‍යාපෘතිය ගැන කතා කරනවාද? ඒකේ කාන්දුව දකින්නට ඇති. ඒක වෙනම උමං මාර්ගයක් වගේ විශාල කාන්දුවක්. පිළියමක් තවම නැහැ. විනාශය ගැන හිතෙන්නේ නැහැ...

:       1       18

CHANAKA Sunday, 28 April 2024 11:11 PM

හිටවල තියෙන ෆයිනස් ගස් ඉවත්කරල කොස්, අඹ ගස් හිටෙව්වා නම් හරි.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 1410 1

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 1476 5

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 271 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 1153 2

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 3187 12

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 484 1

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 790 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2342 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2009 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site