දඹුල්ල ඇලහැර ප්‍රදේශයෙන් ග්‍රෑම් 500 ක් පමණ බර අඟල් 3.5 පමණ දිග බ්ලූ සපායා වර්ගයේ නිල් මැණිකක් හමු වී ඇත. එහි වත්මන් හිමිකරු බේරුවල පදිංචි පාරම්පරික මැණික් ව්‍යාපාරිකයෙකි. ඔප දැමූ මෙම මැණික මිල කළ නොහැකි බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති කියයි. මෙය දැනට ලංකාවෙන් හමු වී ඇති වටිනාම මැණික යැයි ද විශ්වාස කරයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මුලින් හිතාගෙන හිටියේ ඇලහැර තියෙන්නේ රත්නපුර පැත්තේ කියලා. (නි)
මේකට මොකක් කියලා නම දායිද දන්නේ නැහැ (නි)
පසුගිය සතියේ රත්නපුරයෙන් ලෝකයේ ලොකුම නිල් මැණික ගැන වාර්තාවුණා. මේ සතියේ ඊටත් වඩා ලොකු එකක් හමුවෙලා. පාලකයෝ යහපත් වුණාම රටට ඔය වගේ සම්පත් පහළවෙනවා. (නි)
ගලට ගලක් බේරුවලදී මුණගැහෙනවලු! (නි)
පහුගිය රජය කාලෙත් මීටවඩා වටිනා දේවල් අහුවෙලා ඇති. කවුද දන්නේ ඒවාට මොනවා වුණාද කියලා. (නි)
ඔය කියන්නේ අර ඊයේ පෙරේදා පෙන්නපු මැණිකමද? (නි)
වාසනාවන්තයෙක්! (නි)
ඕක ඇත්තටම මැණිකක්ද? (නි)
ඇත්තටම ඉස්සර නම් ඉතින් මැණිකටත් සොරි! මැණිකේ අයිතිකාරයටත් සොරි! යහපාලනයට ජයවේවා! (නි)
බේරුවලට අනේ වාසනාවම වේවා.දෙන දෙවියෝ ගෙටම ගෙනත් දෙයි.බේරුවලට ජයම ජය වේවා.(අ)
මේවා අපේ රටටයි අයිති (නි)
ඕක සුද්දගේ කාලේ හම්බ වුණානම් එ්ක හොරෙන් උන්ගේ රටට අරන් ගිහින් කෞතුකාගාරයක තියනවා. ලංකාවේ කට්ටියට බලන්නත් සල්ලි ගෙවන්න වේවි. (බ)
දැක්කනේ "රාගම සුදු සීයට" වුන නස්පැත්තිය.හොද වෙලාවට"යහපාලනය" රජ කරවන්නේ .නැත්නම් ඔය මැණිකටත් මැණිකේ අයිතිකාරයටත් සොරි ඩොට් කොම් තමයි. (බ)
පසුගිය ඒකාධිපති යුගය ගැන රටේ මිනිස්සු මොන තරම් දැනුවත්ද කියන එක මේ ලිපියේ අදහස් වලින්ම පෙනෙනවා.ඒ ගැන හරිම සතුටුයි. (බ)
දවස ගානේ කටුනායක ගුවන් තොටුපළෙන් පිට කරද්දී සහ ඇතුලට ගෙන එද්දී රත්තරන් හොරුන්ගෙන් අල්ල ගත්තු රත්තරන් කන්දරාවම ඇති රටේ දුප්පත් කම තුරන් කරන්න.ඒ "රත්තරන් ටොන්" ගානට මොකද වුනේ?එකත් පිටරටකට විකුනම් කැවද?ඒ ගැන අහන්න අපිට අයිතියක් තිබෙනවා. (බ)
මේ මැණිකක් ගැන කියනවා.පහුගිය රජය කාලෙදී හිටපු පාලක කෙනෙක් අපේ ගෙවල් පාරෙන් යනවා කියද්දීත් මෙහෙ ඉන්න මගේ අැගේ ලේ වතුර වෙනවා.මම අවුරුදු 5-6 දුක් විදලා හදා ගත්තු මගේ ලස්සන නිවස දකීවිද කියල? (බ)
කෞතුකාගාරයේ අාරක්ෂිත කැමරා තියෙද්දිත් රත්‍රන් කඩු හොරකම් කරපු කම්බා හොරුන්ට මේ මැණිකත් කජ්ජක්ද කිව්වලු. (බ)
රාවනා රජ්ජුරුවෝ අවදිවෙලා කියන්න තවත් සාක්කියක්. තව තව දේවල් ඉස්සරහට බලාපොරොත්තු වන්න. (බ)
මොනවා හම්බ වුණත් මොකද රටේ ආර්ථිකේ එන්න එන්නම යට යනවා, සංඝයා වන්සේලාවත් නීතියෙන් කොටු කරලා ස්වාධීනත්වයේ කොන්ද කඩන්න යනවා.රට ග්‍රීසියක් වීමේ තර්ජනයක. එ්ත් සමහරු මර නින්දේ හින දකිනවා. (බ)
හොඳ වෙලාවට යහපාලනය ආවේ. නැත්නම් අරගොල්ලෝ මේකටත් විදිනවා (නි)
දැන්නම් ඔන්න ඉස්සරහට ලොකු ලොකු විදේශීය අමුත්තෝ එන්න පුළුවන් (නි)
අදහාගන්නත් අමාරුයි (නි)
අපේ රට මොනතරම් වටිනවාද? (නි)
600 මිලියන් ඩොලේර් වලින් වෙන්දේසිය පටන්ගන්න ඒ විට ලෝක වෙළද පොලෙන් ප්‍රතිචාරය දක්වයි. (ර)
හැම කුණු ගොඩක්ම බේරුවල බොක්කට කීව වගේ මේකෙත් අයිති කාරය බේරුවල. (ර)
නිධන් වල දොර ඇරිලද මන්දා? (ර)
හොද වෙලාවට යහ පලනය් තියන්නේ.. නැත්නම් මනිකත් තියා මොකක්වත් නැහැ. (ර)
අමල් කියපු දේ සීයට දෙසීයක්ම සත්තයි. (ර)