
(ප්‍රසාද් රුක්මල්,සමන් පාලිත නානායක්කාර සහ පාලිත ආරියවංශ)
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 20 කනුව ප්‍රදේශයේ දී අද (14) අලුයම නාය යාමක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
වැස්සත් නොමැතිව මෙසේ අද (14) අලුයම විශාල පස්කන්දක් ගස් කොලන්, ගල්පර්වත සමග කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේය .
මාර්ගයට කඩා වැටී ඇති පස්කඳු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට කටයුතු සිදු කරන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු කාර්යාලය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd