IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඇල්ල බස් අනතුර ගැන මහින්ද දුක් වෙයි

(අංජුල මහික වීරරත්න)

මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ ඇල්ල බස් අනතුරට මුහුණ දුන් ජනතාව වෙනුවෙන් අතිශය කණගාටුවට පත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි. 

හිටපු ජනාධිපතිවරයා මෙසේද කියයි.

ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඊයේ රාත්‍රියේ (04) සිදුව ඇති බස්රථ අනතුර පිළිබඳව අසා බෙහෙවින් කම්පාවට සහ ශෝකයට පත් වූයෙමි. තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ, නැවත යමින් සිටිය දී රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් තංගල්ල නගර සභාවේ ලේකම් වන ටී. ඩබ්ලිව්. කේ. රූපසේන මහතා ඇතුළු තවත් පිරිසකගේ ජීවිත රැසක් අහිමි ව ඇති බවත්, තවත් බහුතරයක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ. මුළු රටේ ම ජනතාව සංවේගයට පත් කළ මෙම අනතුර මාගේ ගම් පළාත වන තංගල්ල ප්‍රදේශයේ සැමට අතිශය කණගාටුදායක කරුණක් බව මම දනිමි. 

ඉතා අනතුරු දායක පරිසරයක් තුළ ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් කඹ ආධාරයෙන් ප්‍රපාතයට බසිමින් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ විශේෂයෙන්ම තරුණ දරුවන් ඇතුළු ප්‍රදේශවාසීන්, පොලිස්සිය ඇතුළු යුද හා ගුවන් හමුදා නිල දරුවන්, ගිනි නිවීමේ ඒකක නිලධරයන්, වෛද්‍ය කණ්ඩායම් ඇතුළු සැමට මාගේ ස්තුති පූර්වක ආචාරය පුද කරමි. බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවේ සිහිපත් කරමි.

මෙම ඛේදනීය අනතුර හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තංගල්ල නගර සභාවේ කාර්ය මණ්ඩලයේ පවුල්වල පිරිස ඇතුළු සියලු දෙනාට මාගේ බලවත් කනගාටුව පළ කරමි. බස් රථ අනතුරින් තුවාල ලැබූ සැමට ද, විපතට පත් පිරිස බේරා ගැනීමට යාමේදී තුවාල ලබා ප්‍රතිකාර ගනු ලබන ආදරණීය මිනිසුන්ට ද ඉක්මන් සුවය ලැබේවා යන්න අප සැමගේ ප්‍රාර්ථනයයි.



අදහස් (6)

ඇල්ල බස් අනතුර ගැන මහින්ද දුක් වෙයි

Sam Friday, 05 September 2025 03:24 PM

ඔබතුමා කාපට් කරලා හදලා දුන්නු පාරවල් ටිකේ හරයට බස්එකක් යවා ගන්න රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන්නවත් මේ අයට බැරිය...

:       14       138

විපරමා Friday, 05 September 2025 06:07 PM

කාපට් කිරීමේ හොන්දකම තමයි, ඒවායින් ගසාකාපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා...

:       96       11

ගමේ එකාලා Friday, 05 September 2025 03:52 PM

ජනතාව රවට්ටලා බලයට ඇවිත් පෙන්වපු ආස්චර්‍ය ගැන දුකක් නැත. සුදුවෑන් අතුරුදහන් මිනිමෝරු කරවන කොට ,පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම බන්කොලොත් වෙනකොට, පාස්කු ප්‍රාහාරය එල්ල වෙන තැනට වැඩ සිද්ද කරලා මිනිස් ජීවිත නැතිවෙන කොට තමුන්ගේ හදවත ගල්වෙලා තියෙන්න ඇති...?

:       81       17

යෝගාFriday, 05 September 2025 05:25 PM

හැම දේකටම දේශපාලනය ගාවාගන්නේ මෝඩ මූසලයෝයි. විපතකදී මනුස්සකම ඉස්මතු වෙන්න ඕනෑ...

:       5       75

පිටරැටියා Friday, 05 September 2025 07:51 PM

මනුස්සකම තිබුනු හින්දා වෙන්ඩැ අවතැන්වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගානක සුනාමි ආධාරත් ගසා කෑවේ?

:       37       2

C.K.Lankaputhra Friday, 05 September 2025 06:55 PM

මේ ගොල්ලෝ දුක්වෙනවා අහනකොට අපිට පුදුම හිතෙනවා.

:       25       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16749 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site