ලංකා මිරර් හා එක්ස් නිව්ස් වෙබ් අඩවි ගැන පරීක්‍ෂණ පැවැත් වූ පොලිසිය අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැන්වූයේ ලංකා මිරර් කාර්යාලයේ පරිගණකවල අසභ්‍ය දර්ශන තුබු බවයි. ඒ ගැන නීතිමය පියවර ගන්නා බවද රහස් පොලිසිය කරුණු සැල කෙළේය. රුවන් පර්ඩිනන්ඞ් ගෙන් ප‍්‍රකාශයක් ලියාගැනීමට නියමිත බවද පරීක්‍ෂණ අවසන් නැති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. වැඩිදුර විභාග ලබන 27 වැනිදාට කල් තැබිණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිටත් බලන්න බැරිද ?(ස)
මේකට මම ප්‍රතිචාර දැම්මෙත් නැහැ. කවුද මගේ නම දාලා. මගේ කීර්ති නාමයට හානි කරන්නේ. ? මේකත් නිකන් කම්පියුටර් එකේ අසභ්‍ය දර්ශන තිබ්බා කිව්වා වගේ වැඩක්නේ. කවුදමේ...........? (ස)
මොවුන්ට උපරිම දඩුවම් දිය යුතුයි. (නි)
දිල්ශාන් ඔයා නිකං රහස්පොලිසිය වගේනෙ...?(නු)
ඉතින් දැන් ඔය කියන අසභ්‍ය දර්ශන වලටත් ෆෝමලීන් දානවද ඇපල් වලට කරනවා වගේ....(නි)
ඕනේ නැති වැඩක් නැහැ පොලිසියටත් (දී)
මේක මේ නඩුවක් දාගන්න බැරිව අන්තිමට හොයාගත්ත දෙයක්ද කොහෙද?(නු)
තමන් ගේ පරිගනකයේ තමන්ට ඕන දෙයක් දාගන්න බැරිද? මොන නීති පොතේ ද එහෙම බැහැ කියලා ලියලා තියෙන්නේ.(නු)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගෙද? (නි)
වැරැද්ද තබාගැනීම විතරක් නෙමෙයි මේගොල්ලො ඕවා අන්තර්ජාලෙ හරහා හැමෝටම පෙන්නපු එක. හොඳ වැඩේ ඕකුන්ට, රටේ සදාචාරය විනාස කරනවට. රටේ ස්ත්‍රී දූෂණ වැඩි වෙන්නෙත් මුන් වගේ එවුන්ගෙ කෙරුවාවල් න්සා තමයි. (වි)
ළමා අපචාර, ස්ත්‍රී දූෂණ ලංකාවේ දේශපාලඥයන් ප්‍රසිද්ධියේ කරන මේ කාලේ මේ අසභ්‍ය දර්ශන මොන කජ්ජක්ද? (නි)
මොකක් ද මෙහි වරද. ඔවුන් තමන්ගේ පවුල් ජීවිතයේ තවත් පැත්තක් වර්ධනය කරගන්න මෙවැනි දර්ශන බලන්න ඇති. මේ 21 වැනි ශතවර්ෂය. නිදහස සහ හොඳ ලිංගික ජීවිතයක් මිනිසකුගේ ජීවිතයට අවශ්‍යයි. (ස)
දැන් ඉතිං නොතිබෙන්න ඕනේ අනෙක් හැම දෙයක්ම ඕකේ තියෙයි. (නි)
මොකක්ද පරිඝණකයක නිල් චිත්‍රපටියක් තියෙන එකේ වැරැද්ද? (නි)
ඇයි දන්නේ නැහැ පොලිසියේ කට්ටිය මේ වගේ දේවල් එක්ක තරහා? (නි)
දැන් ඒ ටික අයින් කලාද (දී)
ඔය කතා වලට කියන්නෙ බොලද කතා කියලයි. (නි)
කවුරුහරි මේක බලන කෙනෙක් දන්නවනම් කියන්න වැඩිහිටියනට පමණයි තියෙන චිත්‍රපට, අසභ්‍ය දර්ශන යැයි කියන දේවල් තමන්ගේ පුද්ගලික පරිගණකයේ හෝ දුරකථනයේ තබාගැනීම නීති විරෝධී වන ආකාරය. එය නීතිය ඉදිරියේ ගැනෙන්නේ මොන වරදක් හැටියට ද ? ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම වරදක්. මට හිතෙන්නේ මෙතන මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියලා. (ස)
මොනවද ඔය වැඩ පිස්සු (දී)
මේ විදියට අපි නාන කාමරේ ඉන්දිත් උස්සන් යයිද දන්නේ නෑ.(ත)
මාර නීතිනෙ ලංකාවෙ තියෙන්නෙ...?(නු)
අල්ලා ගත්ත පරිඝණකයකට මොනවා එකතු කරන්න බැරිද? අපි පිළිගන්නේ නැහැ මේවා. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.... (නි)
පොඩි මිනිස්සුන්ට තමයි හැම තහංචියම......සල්ලි තියෙනවනම් ඕව බලනවයෑ....... (ස)
එහෙමනම් අන්තර්ජාල වහන්න වෙයි..තව කරන්න කොච්චර වැඩ තියෙනවාද? (නු)
කාගේ කාගෙත් කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවානේ..... (ස)
ඔහොම තමයි. ලංකා ඊ-නිවුස් වහලා කිවුවේ මොකක්ද? ඒ කාර්යාලයේ තිබුනා කියලා කිවුවේ මොනවද කියලා මතක ඇතිනේ. මේක තමයි අපේ සැබෑ මාධ්‍ය නිදහස. දැන් මේක තහනම් කරපු එකටත් ජනතාවට මොනවා හරි කියන්න එපායැ ! (නි)
වෙබ් සයිට් එකක් බ්‍රවුසරයෙන් බැලුවම එකේ තියෙන පින්තුර වින්ඩෝස් පත්ධතියේ හිස්ට්‍රි ෆෝල්ඩර් වල සේව් වෙනවා. ඔනම් කොම්පියුටරේක මේවා තියෙනවා. අපි තැන්පත් නොකලත් පරිගණකයේ හිඩන් ෆෝල්ඩර් වල මේවා ඉබේ තැන්පත් වෙනවා. මෙහෙම නම් ලංකාවේ ඔක්කොම මිනිස්සු හිරේ දාන්න වෙනවා. (ස)
සදාචාර විරෝදී තමයි (දී)
මෙයාව කලිනුත් මාට්ටු උනා නේද ? ක්‍රෙඩිට් කාඩ් එකෙන් හොරෙන් ෆිල්ම් බලලා......(ස)
මේව ඔක්කොම කතා විතරයි... (ස)
මින්පසු ලංකාවේ ඇතුළත කිසිම කෙනෙකුට අළුතින් පරිඝණකයක් මිළදී ගැනීම හෝ විකිණීම තහනම් කරලා, ගෙවල් වල දැනට තිබෙන පරිඝණක වලටත් බද්දක් පැනෙවුවොත් හොද නැද්ද? (නි)
මොකද වෙන්නේ අනේ. ගණිකා වක් දැක්කහම නොදැක්ක වගේ යනවා. මේවා අල්ලනවා (දී)
මේ යන විදියට තව අවුරුද්දක් යද්දී ලංකාව පිලිපීනෙටත් හපන් වෙනවා. (නි)
ඇයි මිනිස්සුන්ට බැරිද තමන්ට ඕනි දේවල් පරිගණක වල දාගෙන ඉන්න. පුදුම නීතියක්නේ මේ ලංකාවේ තියෙන්නේ. ඔය නීති හදපු අයගේ හෝමෝන වැඩ නොකෙරුවට නිරෝගී අනිත් මිනිස්සුන්ගේ වැඩකරනවා........(ස)
මාධ්‍ය නිදහස . හරිම මංගල කටයුත්තක් ? (දී)
පොලිසිය නිකන් කතා කරන්නේ එහෙම දේවල් දෙකල නැහැ හීනෙකින්වත් ඒ දෙයක් ගෙන හිතල නැහැ වගේ..ලංකාවේ ඔය වගේ දෙයක් නොබලපු කෙනෙක් මම හිතන්නේ නැහැ දැන් නම් හොයා ගන්න ලැබෙයි කියල..මේකයි ඇත්ත තත්වේ..පිළිගතයුතු ඇත්ත මේකයි.. (දී)
ලොක්කෝ කරන අපරාධ නොපෙනුනාට මේවනම් පේනවා.........(ස)
මෙහෙම ගියොත් ඔක්කොම වෙබ් සයිට් වහන්න වෙනවා. දැන් මෙච්චරකල් තිබුනනම් දැන් මොකද අළුත් ප්‍රශ්න එනවනේ දවසින් දවස. (ස)
මේ කට්ටියට වෙන වැඩ නැහැ (දී)
මොනවද තිබ්බේ කියන්නකෝ (දී)
ඕනම කෙනෙක්ගේ පරිගනකයක් බැලුවත් අසභ්‍ය ජයාරූප තියෙන්න පුළුවන්. අන්තර්ජාලය හරහා මොනතරම් අසභ්‍ය දේවල් අපේ පරිගණක වලට ඇතුලත් කරනවාද? මාධ්‍ය ආයතනයකට සමහරවිට මේවත් ප්‍රවෘත්ති සඳහා අදාල වන්නත් පුළුවන්. මේවද මේ රටේ කෙරෙන ලොකුම වැරදි? ලඟදි නාලිකාවක උඩුකය නිරුවත් දර්ශන සහිතව සහ සිංහල උප සිරැසි සහිතව චිත්‍රපටයක් පෙන්නුවා. ඒවා හොඳා....මොකට කියනවද මේවා (ස)
රුපවාහිනියේ යන සිංදුවල ඉන්න කෙල්ලෝ බාගයක් ඇදුම් නැතිව ඉන්නේ. සිප ගන්න දර්ශනත් තියෙනවා. පොලිසිය එකට මොකුත් කරන්න බැරිද ? (දී)
ඔයවගේ දෙකයි පනහේ වැඩකරලා නිකන් සපත්තු පොලිස් වෙන්න හදන්න එපා. වැඩ පෙන්නනවනම් කටුගෙයින් කහවත්තට යමු. (ස)
වැඩ නැද්ද අනේ විකාර කරන්නේ (දී)
අනේ මන්දා...?(නු)
ඔවුවත් ප්‍රශ්නද ඔයිට වැඩ විසදන්න කොච්චර ප්‍රශ්න තියෙනවද (දී)
ඕවා පැත්තක දාලා කට්ටයව අත්අඩංගුවට ගන්න..(ස)
අන්තර්ජාලයට අසභ්‍ය දර්ශන මුදා හරින්නේ මිනිස්සුන්ට බැලීමටයි. මොකටද මේ අනුන්ගේ පරිගණක අල්ලන් පොලීසිය දගලන්නේ. (ස)
මෙවගේ දේවල් නම් ලොකු කරලා ප්‍රසිද්ධියක් දෙනවා.. නඩු දාන්න කරුණු හොයනවා නේද?(නු)
මගේ ළඟත් තියනවෝ.......(ස)
එකුදු අසභ්‍යය දර්ශණයක් හෝ පිංතූරයක් නැති පරිගණකයක් ලංකාවෙන් සොයා ගත නොහැක..(ස)
පොලිසිය මොකටද ඕව බලන්න ගියේ (දී)