අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ක‍්‍රීඩා සංවර්ධන වැඩසටහන යටතේ සංවිධානය කරන තෙදින ජිම්නාස්ටික් තරගාවලිය සහ සංදර්ශනය අද (22) පෙරවරු 9.00 ට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම වැඩසටහන මේ මස 24 වැනිදා අවසන් වේ.
මෙම වැඩසටහනට ඇරෝබික්ස් ජිම්නාස්ටික් සහ ‘ජිම් ෆෝ ලයිෆ් චැලේන්ජ්’ තරග ඇතුළත් වේ. ‘ජිම් ෆෝ ලයිෆ් චැලේන්ජ්’ ජිම්නාස්ටික් තරග ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව අධ්‍යාපන අමාත්‍යංශයේ ව්‍යාපෘති නිලධාරී (ජිම්නාස්ටික්) මිල්රෝයි ජයමාන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
මෙම වැඩසටහනට දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 1,500 ක් පමණ සහභාගී වීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd