ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය අබලන් වීම හේතුවෙන් එය අද සිට වසා රොගීහු රත්නපුර රෝහලට මාරුකරනු ලැබූහ. වෛද්‍යවරුන් පවසන්නේ එහි කිසිදු දොරක් වැසිය නොහැකි තරමට වේයන් කා දමා ඇති බවයි. වහලේ පුස් ශල්‍යාගාරයට වැටෙන බවත් කුහුඹුන් වැනි කෘමීන් එහි බහුල බවත් ශල්‍යාගාරයට සෞඛ්‍යාරක්ෂිත කරාමයක් නැති බවත් ඔවුහු කියති. උදර කුහරය විවරකර සිදුකරන සියළුම වර්ගයේ සැත්කම්, සිසේරියන් සැත්කම්, හර්නියා සැත්කම් මෙන්ම පිළිකා ඉවත්කිරීමේ සැත්කම් ද මෙතෙක් මේ රෝහලේ සිදුකැරුණි. අද සිට එහි කළ හැක්කේ අක්ෂි සැත්කම් පමණි. රෝහලේ වෛද්‍ය අධිකාරී අනෝජ රොඩ්‍රිගු මහතා පවසන්නේ අලුත්වැඩියා කටයුතු ඇති බැවින් හදිසි නොවන සැත්කම් නවතා දැමූ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ආශ්චර්යය
ඇඹිලිපිටියට ඕන වෙලා තියෙන්නේ ජෙනරල් හොස්පිටල් එකක්. පළාත් සභාවෙන් පාලනය කරන්න බැහැ. ආණ්ඩුවේ නාස්තිය අඩු කළොත් සුලු දෙයක්
මගේ කොමෙන්ටුවට නොසිතු පරිදි පක්ෂව හෝ විරුද්ධව ප්‍රතිචාර දැක්වූ සැමට පින්... මගේ වචන වලට විරුද්ධ වූ අයත් එහි මූලික අදහසට එරෙහි වෙලා තිබුනේ නැහැ. සුපුරුදු ''හැබැට.. ඔහේ පලයන්,... අනේ අපොයි... " කියන ආකාරයේ කමෙන්ට් වෙනුවට මෙතන සංවාදයක් ඇතිවුනේ මැරෙන්න යන සෞඛ්‍ය සේවය ගුණාත්මකව පවත්වාගෙන යන්න නම් එඩිතරව ගතයුතු නිවැරදි,එහෙත් ජනප්‍රිය නොවන පියවර ගැන. මේ ගැන වඩා පුළුල් සංවාදයකට මග පැදීමට ලංකාදීපයට පුළුවන් නම් අද දවසේ පත්තරයකින් කල හැකි ඉහලම සමාජ යුතුකමක් යයි සිතමි .
බණ්ඩාගේ අදහස අති විශිෂ්ඨයි. මම එයට එකගයි. සංවර්ධනය වන රටක සියළු පහසුකම් සංවර්ධනය වියයුතුයි. මිනිසුන්ගේ අනවශ්‍ය වියදම් කපාහරින්න ඕනෑ.
මම බණ්ඩා සමග සියයට සියයක් එකගයි. මත විමසුමක් අවශ්‍ය නැහැ. හොද සේවාවකට සාධාරණ ගාස්තුවක් අයකරන්න.
බන්ඩා, මම ඔබේ අදහසට සම්පූරණයෙන්ම එකඟයි. ලෝකෙ කිසිම දෙයක් නිකන් ලැබෙන්න නෑ. ඔය හැම දේටම අපි හැමෝම වෙනත් විදිහකින් ගෙවනව. වැඩි දෙනෙක්ට ඔය දේ තේරෙන්න නෑ.
බන්ඩෝ උඹේ ගොන් කමට මොනවා කරන්නද? ඇවිත් මේ ඉස්පිරිතාලේ දිහා බලපන්. ටයිල් කරපු කාමරයක් තිය අපිට හොඳට සිමෙන්ති දාපු කාමරයක් වත් නෑ බන්. අපි ඇමති තුමාගේ පළාතේ එවුන් නෙවෙයි.
අනේ බණ්ඩෝ.ලංගම සාදාරන ගාස්තුවක් අය කරනවා කියන එකෙක් ගැන ඇහුවමයි.
බණ්ඩා සාධාරණ ගාස්තුවක් අයකිරීම ගැන කියන කතාවට මමත් එකගයි. කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. මහජනයාම තමයි ඒවට ගෙවන්නේ. ඒක තේරුම් නොගන්න එකයි ප්‍රශ්නේ. හරියටම බැලුවොත් සහනයක් දෙනව කියන්නේ මුලු මහජනතාවම එම බර දරා ගන්නවා කියන එක. උදාහරණයකට ධීවරයින්ට දෙන භූමිතෙල් සහනාධාරය ගැන හිතමු. ඔය සහනාධාරයෙ ්බර දරන්නේ මාලු කන හෝ නොකන සියලුම මහජනතාව තමයි. තව සැලකිය යුතු කරුණක් නම්, නොමිලේ බෙහෙත් ගන්න ආර්ථික තත්ත්වය ටිකක් හොද සමහර අය කීයක් හරි ගෙවන්න කැමති වුනත් ගෙවන්න හැකියාවක් නැති වීම
ඉතාම වැදගත් හොද අදහසක් නමුත් දේශපාලකයින් ක්‍රියාත්මක කරන්න අකමැති යෝජනාවක් ! මොකද ඔයා ණයට කහින විරුද්ධ පක්ෂ වල දේශපාලුවන්ට හොද මාතෘකාවක් වෙයි මේ රුපියල් දහය. මම කියන්නේ ලොතරැයියකුත් විස්සක් වෙන නිසා ගන්නවනම් රුපියල් 20 ක් වත් කරන්න ඕනේ. රෝහලේ වැඩ කරන කෙනෙක් හැටියට මම දන්නවා එක රෝගියාම තමන්ට ලැබුන බෙහෙත් ටික ගැන සතුටු නැත්නම් එම බෙහෙත් ටික විසිකරලා ආයෙත් තුණුඩුවක් අරගෙන වෙන ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා. එතකොට ආණ්ඩුවට වියදම ඩබල්. තව සමහරක් පෝලිමක් දකින්න නැත්නම් ලෙඩක් හදාගෙන ඇවිත් බෙහෙත් ගන්නවා. උදාහරණයක් හැටියට පැනඩෝල් ටිකක් ගන්න ඕනනම් ඩොක්ටර් ගාවට ගිහිල්ලා ඔලුව කැක්කුමක් කියනවා. ඩොක්ට මේ සීන් එක දන්නේ නැති හින්දා තව බෙහෙතුත් දෙනවා. අපරාදේ ! මෙහෙම බොරු ලෙඩ ගොඩක් තියෙනවා. ලියන්න ඉඩ මදි. තවත් අය ගෙදර ඉන්න බල්ලට , කුකුලන්ට පවා බෙහෙත් ගෙනියනවා. කුකුලට ඇස් ලෙඩනම් තමන්ට එවැනි රෝග ලක්ෂණ තිබූ බව ඩොක්ටර්ට කියනවා. සමහර ඩොක්ටර්ස්ලා නිකම්ම බෙහේත ලියල දෙනවා. සමහරක් හරස් ප්‍රශ්න අහලා එහෙම රෝගලක්ෂණයක් නෑ කිව්වොත් නෑ උදේ තිබ්බා කියනවා. ඉතින් එහෙම ඩොක්ටර්ටත් බෙහෙතක් ලියලා නිදහස් වෙන්න වෙනවා. මේ නිසා රුපියල් විස්සක් අය කරන එක කොහෙත්ම නරක නැහැ. ඔය විස්සෙන් ලොකු දෙයක් කරන්න බැරි බව ඇත්ත. නමුත් අනවශ්‍ය අය ඉවත්වන නිසා ඇත්ත රෝගීන්ට ඩොක්ටර් ගාව වැඩිවෙලාවක් සාකච්ඡා කරමින් වඩා ගුණාත්මක සේවයක් ලබාගැනීමට හැකිවේවි.
ඕන ඔට්ටුවක් අල්ලන්නම්, තියටර් එක ඔහොම වුනාට ඔය ඉස්පිරිතාලේ ආයතන ප්‍රධානියාගෙයි, එකවුන්ටන්ගෙයි, ඒඕ ගෙයි, මෙට්‍රන්ලාගෙයි කාමර ලස්සනට AC කරලා ටයිල් අල්ලලා, දවසට දෙතුන් වතාවක් ක්ලීනින් සර්විස් එකෙන් නියමෙට නඩත්තු කරලා ඇති. රටේ අනික් රෝහල් වල නම් තත්වේ ඒකයි. අපි මේවා ගැන කතා කරනවා නම් එක ඇත්තක් පිළිගන්න වෙනවා. ඇත්තටම ආදායමක් නොලබන දන්සල් වගේ පවත්වාගෙන යන මේ ඉස්පිරිතාල කෙරුවාව යම් දවසක (අද නෙවේනම් හෙට...) රටට දරන්න බැරි තැනක් එනවා. ලංගම, ධීවර සංස්ථාව, ඔසුහල, සතොස, දුම්රිය වැනි සියලු රාජ්‍ය ආයතන යම් සාධාරණ ගාස්තුවක් අයකරමින් සේවය කරත්දී ඇයි ජනතාවට සංකේතාත්මක සුළු මුදලක් සෞඛ්‍ය සේවය වෙනුවෙන් ගෙවන්න බැරි? හැමදාම ලෙඩ වෙන්නේ නැහැනේ.. එහෙම රු: 10/- ක සුළු මුදලක් අය කරනවානම් දවසක opd ආදායමෙන් හර්ද සැත්කමක් නොමිලේ කරන්න පුළුවන්. දැන් ඔන්න නිදහස් සෞඛ්‍යයට කෙලින්න එනව කියල මට විරුද්ධ වෙන්න එන අයගෙන් අහන්න තියෙන්නේ, පාරේ දාල එන බයිසිකලේ බලාගන්න එකාට රු: 10/-ක් දෙන්න පුළුවන් නම් පරීක්ෂණ කරලා රෝග විනිශ්චය කරලා දෙන බෙහෙත් ටිකට ලෝබ ඇයි කියන එකයි.