IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇඹිලිපිටියේ සැත්කම් නවතී.

ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය අබලන් වීම හේතුවෙන් එය අද සිට වසා රොගීහු රත්නපුර රෝහලට මාරුකරනු ලැබූහ. වෛද්‍යවරුන් පවසන්නේ එහි කිසිදු දොරක් වැසිය නොහැකි තරමට වේයන් කා දමා ඇති බවයි. වහලේ පුස් ශල්‍යාගාරයට වැටෙන බවත් කුහුඹුන් වැනි කෘමීන් එහි බහුල බවත් ශල්‍යාගාරයට සෞඛ්‍යාරක්ෂිත කරාමයක් නැති බවත් ඔවුහු කියති. උදර කුහරය විවරකර සිදුකරන සියළුම වර්ගයේ සැත්කම්, සිසේරියන් සැත්කම්, හර්නියා සැත්කම් මෙන්ම පිළිකා ඉවත්කිරීමේ සැත්කම් ද මෙතෙක් මේ රෝහලේ සිදුකැරුණි. අද සිට එහි කළ හැක්කේ අක්ෂි සැත්කම් පමණි.  රෝහලේ වෛද්‍ය අධිකාරී අනෝජ රොඩ්‍රිගු මහතා පවසන්නේ අලුත්වැඩියා කටයුතු ඇති බැවින් හදිසි නොවන සැත්කම් නවතා දැමූ බවයි.



අදහස් (0)

ඇඹිලිපිටියේ සැත්කම් නවතී.

kumar mendis Monday, 26 March 2012 09:21 PM

ශ්‍රී ලංකාවේ ආශ්චර්යය

:       0       0

නාලක පුෂ්පකුමාර Tuesday, 27 March 2012 07:56 PM

ඇඹිලිපිටියට ඕන වෙලා තියෙන්නේ ජෙනරල් හොස්පිටල් එකක්. පළාත් සභාවෙන් පාලනය කරන්න බැහැ. ආණ්ඩුවේ නාස්තිය අඩු කළොත් සුලු දෙයක්

:       0       0

බණ්ඩා Tuesday, 27 March 2012 08:44 PM

මගේ කොමෙන්ටුවට නොසිතු පරිදි පක්ෂව හෝ විරුද්ධව ප්‍රතිචාර දැක්වූ සැමට පින්... මගේ වචන වලට විරුද්ධ වූ අයත් එහි මූලික අදහසට එරෙහි වෙලා තිබුනේ නැහැ. සුපුරුදු ''හැබැට.. ඔහේ පලයන්,... අනේ අපොයි... " කියන ආකාරයේ කමෙන්ට් වෙනුවට මෙතන සංවාදයක් ඇතිවුනේ මැරෙන්න යන සෞඛ්‍ය සේවය ගුණාත්මකව පවත්වාගෙන යන්න නම් එඩිතරව ගතයුතු නිවැරදි,එහෙත් ජනප්‍රිය නොවන පියවර ගැන. මේ ගැන වඩා පුළුල් සංවාදයකට මග පැදීමට ලංකාදීපයට පුළුවන් නම් අද දවසේ පත්තරයකින් කල හැකි ඉහලම සමාජ යුතුකමක් යයි සිතමි .

:       0       0

ජානක Tuesday, 27 March 2012 02:23 AM

බණ්ඩාගේ අදහස අති විශිෂ්ඨයි. මම එයට එකගයි. සංවර්ධනය වන රටක සියළු පහසුකම් සංවර්ධනය වියයුතුයි. මිනිසුන්ගේ අනවශ්‍ය වියදම් කපාහරින්න ඕනෑ.

:       0       0

විජේන්ද්‍ර Tuesday, 27 March 2012 04:38 AM

මම බණ්ඩා සමග සියයට සියයක් එකගයි. මත විමසුමක් අවශ්‍ය නැහැ. හොද සේවාවකට සාධාරණ ගාස්තුවක් අයකරන්න.

:       0       0

ශානක Tuesday, 27 March 2012 07:27 AM

බන්ඩා, මම ඔබේ අදහසට සම්පූරණයෙන්ම එකඟයි. ලෝකෙ කිසිම දෙයක් නිකන් ලැබෙන්න නෑ. ඔය හැම දේටම අපි හැමෝම වෙනත් විදිහකින් ගෙවනව. වැඩි දෙනෙක්ට ඔය දේ තේරෙන්න නෑ.

:       0       0

වීරසිංහ Tuesday, 27 March 2012 07:27 AM

බන්ඩෝ උඹේ ගොන් කමට මොනවා කරන්නද? ඇවිත් මේ ඉස්පිරිතාලේ දිහා බලපන්. ටයිල් කරපු කාමරයක් තිය අපිට හොඳට සිමෙන්ති දාපු කාමරයක් වත් නෑ බන්. අපි ඇමති තුමාගේ පළාතේ එවුන් නෙවෙයි.

:       0       0

වීරසිංහ Tuesday, 27 March 2012 07:29 AM

අනේ බණ්ඩෝ.ලංගම සාදාරන ගාස්තුවක් අය කරනවා කියන එකෙක් ගැන ඇහුවමයි.

:       0       0

එස්.එල්.ටී.කේ. Tuesday, 27 March 2012 08:46 AM

බණ්ඩා සාධාරණ ගාස්තුවක් අයකිරීම ගැන කියන කතාවට මමත් එකගයි. කිසිම දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. මහජනයාම තමයි ඒවට ගෙවන්නේ. ඒක තේරුම් නොගන්න එකයි ප්‍රශ්නේ. හරියටම බැලුවොත් සහනයක් දෙනව කියන්නේ මුලු මහජනතාවම එම බර දරා ගන්නවා කියන එක. උදාහරණයකට ධීවරයින්ට දෙන භූමිතෙල් සහනාධාරය ගැන හිතමු. ඔය සහනාධාරයෙ ්බර දරන්නේ මාලු කන හෝ නොකන සියලුම මහජනතාව තමයි. තව සැලකිය යුතු කරුණක් නම්, නොමිලේ බෙහෙත් ගන්න ආර්ථික තත්ත්වය ටිකක් හොද සමහර අය කීයක් හරි ගෙවන්න කැමති වුනත් ගෙවන්න හැකියාවක් නැති වීම

:       0       0

හේරත් Tuesday, 27 March 2012 08:46 AM

ඉතාම වැදගත් හොද අදහසක් නමුත් දේශපාලකයින් ක්‍රියාත්මක කරන්න අකමැති යෝජනාවක් ! මොකද ඔයා ණයට කහින විරුද්ධ පක්ෂ වල දේශපාලුවන්ට හොද මාතෘකාවක් වෙයි මේ රුපියල් දහය. මම කියන්නේ ලොතරැයියකුත් විස්සක් වෙන නිසා ගන්නවනම් රුපියල් 20 ක් වත් කරන්න ඕනේ. රෝහලේ වැඩ කරන කෙනෙක් හැටියට මම දන්නවා එක රෝගියාම තමන්ට ලැබුන බෙහෙත් ටික ගැන සතුටු නැත්නම් එම බෙහෙත් ටික විසිකරලා ආයෙත් තුණුඩුවක් අරගෙන වෙන ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්නවා. එතකොට ආණ්ඩුවට වියදම ඩබල්. තව සමහරක් පෝලිමක් දකින්න නැත්නම් ලෙඩක් හදාගෙන ඇවිත් බෙහෙත් ගන්නවා. උදාහරණයක් හැටියට පැනඩෝල් ටිකක් ගන්න ඕනනම් ඩොක්ටර් ගාවට ගිහිල්ලා ඔලුව කැක්කුමක් කියනවා. ඩොක්ට මේ සීන් එක දන්නේ නැති හින්දා තව බෙහෙතුත් දෙනවා. අපරාදේ ! මෙහෙම බොරු ලෙඩ ගොඩක් තියෙනවා. ලියන්න ඉඩ මදි. තවත් අය ගෙදර ඉන්න බල්ලට , කුකුලන්ට පවා බෙහෙත් ගෙනියනවා. කුකුලට ඇස් ලෙඩනම් තමන්ට එවැනි රෝග ලක්ෂණ තිබූ බව ඩොක්ටර්ට කියනවා. සමහර ඩොක්ටර්ස්ලා නිකම්ම බෙහේත ලියල දෙනවා. සමහරක් හරස් ප්‍රශ්න අහලා එහෙම රෝගලක්ෂණයක් නෑ කිව්වොත් නෑ උදේ තිබ්බා කියනවා. ඉතින් එහෙම ඩොක්ටර්ටත් බෙහෙතක් ලියලා නිදහස් වෙන්න වෙනවා. මේ නිසා රුපියල් විස්සක් අය කරන එක කොහෙත්ම නරක නැහැ. ඔය විස්සෙන් ලොකු දෙයක් කරන්න බැරි බව ඇත්ත. නමුත් අනවශ්‍ය අය ඉවත්වන නිසා ඇත්ත රෝගීන්ට ඩොක්ටර් ගාව වැඩිවෙලාවක් සාකච්ඡා කරමින් වඩා ගුණාත්මක සේවයක් ලබාගැනීමට හැකිවේවි.

:       0       0

බන්ඩා Monday, 26 March 2012 08:55 PM

ඕන ඔට්ටුවක් අල්ලන්නම්, තියටර් එක ඔහොම වුනාට ඔය ඉස්පිරිතාලේ ආයතන ප්‍රධානියාගෙයි, එකවුන්ටන්ගෙයි, ඒඕ ගෙයි, මෙට්‍රන්ලාගෙයි කාමර ලස්සනට AC කරලා ටයිල් අල්ලලා, දවසට දෙතුන් වතාවක් ක්ලීනින් සර්විස් එකෙන් නියමෙට නඩත්තු කරලා ඇති. රටේ අනික් රෝහල් වල නම් තත්වේ ඒකයි. අපි මේවා ගැන කතා කරනවා නම් එක ඇත්තක් පිළිගන්න වෙනවා. ඇත්තටම ආදායමක් නොලබන දන්සල් වගේ පවත්වාගෙන යන මේ ඉස්පිරිතාල කෙරුවාව යම් දවසක (අද නෙවේනම් හෙට...) රටට දරන්න බැරි තැනක් එනවා. ලංගම, ධීවර සංස්ථාව, ඔසුහල, සතොස, දුම්රිය වැනි සියලු රාජ්‍ය ආයතන යම් සාධාරණ ගාස්තුවක් අයකරමින් සේවය කරත්දී ඇයි ජනතාවට සංකේතාත්මක සුළු මුදලක් සෞඛ්‍ය සේවය වෙනුවෙන් ගෙවන්න බැරි? හැමදාම ලෙඩ වෙන්නේ නැහැනේ.. එහෙම රු: 10/- ක සුළු මුදලක් අය කරනවානම් දවසක opd ආදායමෙන් හර්ද සැත්කමක් නොමිලේ කරන්න පුළුවන්. දැන් ඔන්න නිදහස් සෞඛ්‍යයට කෙලින්න එනව කියල මට විරුද්ධ වෙන්න එන අයගෙන් අහන්න තියෙන්නේ, පාරේ දාල එන බයිසිකලේ බලාගන්න එකාට රු: 10/-ක් දෙන්න පුළුවන් නම් පරීක්ෂණ කරලා රෝග විනිශ්චය කරලා දෙන බෙහෙත් ටිකට ලෝබ ඇයි කියන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 147 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 230 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 180 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 492 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1176 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 564 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1296 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1541 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site