
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
තම නිවස පිටුපස කානුවේ ගිණිඅවියක් සඟවා බොරු සාක්කි සෑදීම, ශරීරයට හෝ කීර්තියට හානිවන ආකාරයට චෝදනා කළැයි පවසමින් ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් හයදෙනකුට එරෙහිව අගතියට පත් අයකු ගොනු කළ පැමිණිල්ල අගොස්තු මස 05 දින විභාගයට ගැනීමට ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් දිලූම් ප‍්‍රනාන්‍දු මහතා අද නියම කළේය.
නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ ඇඹිලිපිටිය කාවන්තිස්ස පුර, පදිංචි වේරහැර මල්ලව ආරච්චිගේ හර්ෂ නුවන් චතුරංග යන අයයි.
ඇඹිලිපිටිය පොලිසියේ නිල අංක 69228 ලියනගේ, රුවන්, නිලඅංක 86436 සුරංග, වනිගරත්න, බණ්ඩාර සහ නම නොදත් තවත් අයෙක් පැමිණිල්ලෙන් චුදිතයන් ලෙස නම්කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd