
(විමුක්ති එස් රුද්රිගු)
ඇමෙරිකාවේ ටොලිඩෝ නගරයේ පැවැති උත්සවයකදී එයට සහභාගීවූ පුද්ගලයන් 12කට වෙඩි තැබු සැකකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව ටොලිඩෝ පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 12න් 10කගේ තත්වය බරපතළ නොවන බවත් ඉතිරි දෙදෙනාගේ තත්වය බරපතළ බවත් ටොලිඩෝ පොලිසිය පැවැසුවේය.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද පොලිසිය ප්රකාශ කළේය. ඔවුන් දෙදෙනා එකිනෙකාට වෙඩි තබාගෙන ඇති බවත් එහිදී ඒ අවට සිටි පුද්ගලයන්ට මෙලෙස වෙඩි වැදී ඇති බවට විශ්වාස කෙරෙන බවත් ටොලිඩෝ පොලිසිය පැවැසුවේය.
වෙඩි වැදුණු පුද්ගලයන් වයස අවුරුදු 16 සිට 61 දක්වා වයස් පරාසයට අයත්වන බවද ටොලිඩෝ පොලිසිය ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
12 මැරිලා කිව්වාට 12කට වෙඩි තියලායි තියෙන්නේ...
මේ මැරෙන හැටියට 12ක් මැරිලා කිව්වේ නැත්තම් කියවන්නෙ නෑනේ.