IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඇමැති පෞද්ගලික ලේකම් - දේශපාලන ක්‍රියකාරියක අල්ලස් දැලේ

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් බලපත්‍රයක් ලබාදීමට රුපියල් ලක්ෂ පහළොවක අල්ලස් ගත් බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම් සහ තවත් දේශපාලන ක්‍රියාකාරිකයෙක් අල්ලස්සො දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මඩකලපුව ජයමිණි වැවේ රොන්මඩ ඉවත් කර එම රොන්මඩ නිස්සාරණය කර පැමිණිලිකරු ගේ සමාගම නමින් වැලි කැණීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා බලපත්‍ර ලබාදීම සඳහා එම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරඩියනාරු ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන දේශපාලන ක්‍රියාකාරකයකු සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙකි.

එම දේශපාලන ක්‍රියාකාරිකයා මඩකලපුව නගරයේදී සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහුගේ මඩකලපුව දේශපාලන කාර්යාලයේදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (2)

ඇමැති පෞද්ගලික ලේකම් - දේශපාලන ක්‍රියකාරියක අල්ලස් දැලේ

Nimal Thursday, 01 August 2024 11:09 PM

තප්පරයක් දෙන්න

:       0       0

CC Friday, 02 August 2024 09:24 AM

වංචනික දූෂිත වංක දේශපාලන සංස්කෘතියේ තවත් අදුරු පැතිකඩක් තමයි මෙයින් නිරූපණය වෙන්නේ. රටට සංවර්ධනය සෞභාග්‍ය අනාතයේ දරුවන්ට උරුම කරනවා යැයි පුරසාරම් දොඩමින් ජනතාව අන්දමින් සිදුකරන මහා වංචාවේ එක් පැතිකඩක් තමයි අල්ලස දූෂණය හොරකම් ඥාති සංග්‍ර හිතවත් ව්‍යාපාරිකයන්ට රටේ මහජන ධනය හොරාකෑමට අවස්ථාව දීම. මේවා වැළැක්වීමට කිසිදු බලයට පැමිණි දේශපාලකයකු හරි හමන් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගුවේ නැත. ඒ නිසා ජනතාව ලෙස ඔවුන්කරන හොරකමේ වන්දිය අපවිසින් පොදු ජනතාව විසින් ගෙවමින් සිටියි මේ වංක ,ඡන්ද අල්ලස් දෙන හොර දේශපාලන සංසකෘතිය වෙනස් කිරීමට තිර ලෙසම අදිටන් කරගනිමු.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site