බේදබින්න දේශපාලනයෙන් හා ගජමිතුරු ආර්ථිකයෙන් මිදුණු ශ්‍රී ලංකාවේ නව පාලනය සංහිඳියාව හා සංවර්ධනය කරා ආරම්භ කර ඇති නව මාවතට සහය දෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා රජය ශක්තිමත් කිරීම සඳහා උපරිම සහය දෙන බවත්, විශේෂයෙන්ම රටේ නීතිය හා මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට අතදෙන බවත් අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා හා මධ්‍යම ආසියානු කටයුතු බාර නියෝජ්‍ය අතිරේක ලේකම්(ප්‍රතිපත්ති) රිචර්ඩ් ඊ හෝලන්ඩ් මහතා අදහස් දක්වමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අද (3) කියා සිටියේය.
මානව හිමිකම් සුරක්ෂිත කිරීම ඇතුළු යහපාලනය ප්‍රවර්ධනය කිරීමට වත්මන් ශ්‍රී ලංකාවේ නව රජය කටයුතු කිරීම පිළිබඳ තම ප්‍රසාදය හිමිවන බවද ඔහු එහිදි සඳහන් කර ඇතැයි ඇමෙරිකාව රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ සදහන් වේ.
එසේම ඉන්දීය සාගරයේ නාවික ආරක්ෂාව තර කිරීමද ඉතා වැදගත් බව අමෙරිකා රාජ්‍ය නිලධාරියා අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමිකගේ කතාව හරියටම හරි.ලංකාවේ වැඩි හරියක් ඉන්නේ නුගත් මිනිස්සු.උන් හිතන්නේ ඇමෙරිකාව බලන් ඉන්නේ ලංකාව අල්ලගන්න කියල.දකුණු කොරියාව දියුණු වුනේ ඇමරිකාව නිසා.ලංකාවත් ඒ තත්ත්වෙට ගෙන්න පුළුවන් රනිල් අගමැති නිසා වැඩේ ලේසි..(බ)
නවෝද්, චාමික ඇමරිකාවට ගැතිකම් කරනවනම් පවු නොදී එහෙටම යනවලකෝ. ඉරාක ජාතිකයන් ලැබුණු අවස්ථාවට පයින් ගැහුවේ නෑ. ඇමරිකාවට ඉරාකය දියුණු කරන්න ඕනේ නෑ. ආසියාවේ ඔය කියන අනිත් රටවල් දියුණු කලේ චීනයට විරුද්දව මිසක් රටවල් වලට ආදරේට නෙමෙයි. (ස)
මෙයාලට ඕන අපේ රටත් ලිබියාවක්, ඉරාකයක්, කරන්ට. (ස)
මං පොඩි කලේ පාසල් යන කාලයේ තිබුන ඇමරිකන් දීමනා හැමතැනම බෙදාහැරීමේ සංවිධානය කියල පාන් පිටි කිරි වගේ දේවල් ලංකාවට ( ආසියාවේ බොහෝ දුප්පත් රටවලට ලැබුන ) ආධාර වශයෙන් ලැබුන. නමුත් ලංකාවට කිසිම අවැඩක් සිදු උනේ නැහැ මොකද අපේ රටේ නොබැඳි ප්‍රතිපත්ති නිසා. (ස)
අපි ඇමරිකාවත් එක්ක සුහදව වැඩකරන්න ඕනි ඒ තුලින් රටට අවශ්‍යකරන දේ ලබාගන්න වර්තමාන රජය බුද්ධිමත්ව වැඩ කරන්න ඕනි. ජපානය,කොරියාව,මැලේසියාව,සිංගප්පුරුව වැනි රටවල් ඇමරිකානු සහයෙන් තමයි ගොඩනැගුනේ දැනට ලංකවෙන් නිෂ්පාදන 40% මිලදිගන්නේ ඔය රටෙන් තමයි. (බ)
ඇමෙරිකාවට ආවඩනවා නම් ඕනෑ කෙනෙක් හොඳයි. (නි)
සමහරු මෙතැන ඇමරිකාව කලුද සුදුද නොදැන මෝඩ කථා කියනවා. ඇමරිකාව අතදීලා නැගිට්ට රටක් නැතිලු.දෙවැනි ලෝක යුද්ධයට පස්සේ මුලු යුරෝපයම නැගිට්ටේ මාර්ෂල් ගිවිසුම හරහා දුන් ආධාර වලින්.එතකොට දකුණු කොරියාව, තායිවානය, මැලේසියාව වගේ රටවල් නැගිට්ටේත් ඇමරිකාව එක්ක ව්‍යාපාර කරලා.ඇමරිකාව නිසා වැටිච්ච රටක් නැහැ. වැටිලා තියෙන්නේ ජිහාඩ් ත්‍රස්තවාදයට උදවුකළ රටවල්.මැදපෙරදිග ඇති කුවේට්, කටාර් වැනි රටවල් එහෙම තියෙන්නේත් ඒවායේ ඇති ඇමරිකානු බේස් වලට පින්සිද්ධ වෙන්න.අපේ රට යන මාර්ගය හරි. අපි සිටිය යුත්තේ ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව, ජපානය වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ මිස රුසියාව, චීනය වගේ ඒකාධිපති රටවල් සමඟ නෙමෙයි (නි)
ඔය ඇමරිකාවට බනින දේශප්‍රේමින් එහෙ විසා දුන්නොත් නොගෙන ඉදි... (බ)
යුද්දේ කාලේ මේ කට්ටිය කොහෙද හිටියේ ? අපිට උදව් කළේ චීනය සහ රුසියාව (බ)
නාමල් කියන එක හරි. මුස්ලිම් රටවල් සමග සන්සන්ධනය කරන්න බෑ. ඔහු කියපු රටවල් ගැන හොයල බලන්න දන්නේ නැත්නම්. අද දකුණු කොරියාව මායිම් ඇරියොත් මොකක් වෙයිද? මිනිස්සු උතුරට යයිද? දකුණට යයිද? ඇයි ඒ? හිතන්න. ඒකාධිපතිවාදයට අනාගතයක් නෑ! ප්‍රජාතන්ත්‍රවාදය, මුලික මිනිස් අයිතිවාසිකම් නැත්නම් එතන ඉතුරු වෙන්නේ වහල්ලු විතරයි. (බ)
සිංහල නම් ගහන් හිටියට සමහර කට්ටිය සිංහල නෙමෙයි (බ)
රසිකට ඇමරිකන් වීසා දුන්නොත් නම් ඕනෑම දෙයක් දෙන්න සූදානම් වගේ. (නි)
නිකන් බොරුවට එක එක්කෙනා කියන බොරු අහලා රැවටෙන්න එපා.මේ රටට එම කාර්යන්ට සහය දීමට මුදල් තිබෙනවා ඕනෑතරම්..ලෝකයේ සියලු රටවල් වල තිබෙන නිෂ්පාදනයන් මෙම රටේ අළෙවි වෙනවා අපේ රටේ නිෂ්පාදනයන් හැර.මේ රටේ වෙළෙඳ පොළට අප ඇතුළුවිය යුතුයි.මෙහි පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගන්න දෙවරක් හිතන්නේ නැහැ.මෙහි වෙළඳ පොළ අපිට ආක්‍රමණය කරන්න හැකිවුවොත් අපේ රට ලබන මහත් භාග්‍යයක්.එකම ප්‍රශ්නයකට තිබෙන්නේ එම නිෂ්පාදන භාණ්ඩ පාරිභෝගිකයාට අහිතකර කර ලෙස නිෂ්පාදනය නොකිරීමට වගබලා ගැන්මයි.එක දවසකට හෝ විසා එකක් ලබා එන කෙනෙක් නෙවත පෙරළා නොයන්නේ මෙම රටේ තිබෙන ක්‍රමය ඉතා විශිෂ්ට නිසා (නි)
ලංකාවේ ගොඩක් මිනිසුන්ට ලෝකය ගැන අවබෝධය අඩුයි. ඒ නූගත්කම ප්‍රයෝජනයට අරගෙන පටු දේශපාලන වාසි ගන්න හදනවා කට්ටියක්. අපි ඇමරිකාවත් එකක් වැඩ කළයුතුයි. ඔවුන්ගේ සහයෝගය රටේ සංවර්ධනයට යොදාගන්න ඕනෑ. (නි)
සහතික ලැබෙන එක පුදුමයක්ද? සමහරු පැණි හැළියේ වැටෙන්න යන කුඹි වගේ කෙළ හළාගෙන බලා ඉන්නවා. (නි)
ඔවු ඉතින් සමහරුන්ට එයාලව හරි හොඳයිනේ! (නි)
නාමල්, ලෝක හොරාගේ දොස් සමහරුන්ට පෙනෙන්නේ නැහැ (නි)
නාමල් මහත්මයා, පොඩි ඌණ පුර්ණයක්. රුසියාවට කඩේ ගිහින් දියුණු වුණ එක රටක් නැහැ නේද? ඉන්දියාව රුසියාවට වසර ගානක් කඩේ ගියා.මොකද වුණේ? රුසියාවෙන් ඇෆ්ගනිස්ථානෙට වසර දහයක් එකදිගට ගහද්දි හුරේ දාපු උන්දැලා ඇමරිකාවෙන් ගහද්දි අතන මෙතන හු තිය තියා යනවා. (නි)
ඇමෙරිකාව අපගේ මිතුරාය. ඇමෙරිකානුවන් ලෝකයේ උදව් ඉල්ලන සහ නිදහස ඉල්ලු අයට, ඇමරිකාවේ දරුවන්ගේ ලෙයින් සහ මුදලින් නොසෑහෙන උදව් දී ඇති රටකි. නමුත් ඒ සමහර රටවල් වලට ලබාගත් හෝ ලබාදුන් නිදහස රැක ගැනීමද නොහැකිව, ඇමෙරිකාවට දෝෂාරෝපනය සහ විනකම් කිරීම දකින්නට ලැබීම සුලබ දර්ශනයකි. (නි)
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ජපානය මෙන්ම කොරියා යුද්ධයෙන් පසු දකුණු කොරියාව ඇමෙරිකානු ජෙනරාල් මැකාතර්ගේ අධීක්ෂණයෙන් බොහෝ දියුණු වුණා. ජපානයට ප්‍රජාතන්ත්‍රවාදය ගෙනාවේ ඇමෙරිකානුවන්. බුද්ධිමත් ජපනුන් එය උදව්වෙන් ලෝකේ දියුණුම ජාතිය වුණා. නමුත් ඉරාක ජාතිකයන් ලැබුණු අවස්ථාවට පයින් ගහලා අඩියටම වැටුනා. ඇමෙරිකාවට හෝ වෙන රටකට තවත් රටක් මුළුමනින් දියුණු කරන්න බැහැ, ඒ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ රටේ කැපවීමෙන් තමයි දියුණු වියහැක්කේ. විශේෂයෙන් ආසියාවේ ඇති දියුණු රටවල් 4ම ඒ තත්වයට පැමිණියේ ඇමෙරිකානු මැදිහත්වීම හරහා. චීනේ මැදිහත්වීමෙන් නම් දියුණු වූ කිසිම රටක් නැහැ. චීනුන්ට ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඔවුන් කරන්නේ චීනුන් පදිංචි කරමින් රටවල් සූරාකෑම. දියුණුවීමට සහයෝගය සඳහා හොඳම රටවල් වෙන්නේ ජපානය, කොරියාව, තායිවානය, සහ යුරෝපය. (නි)
ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට. ලඟදීම ඇමරිකන් බේස් එකක් ලංකාවේ පටන් ගනී.(ම)
කොටසක් බලන් ඉන්නේ බළල්ලු මල්ලෙන් පනිනකන්... (ර)
තුන්වෙනි ලෝකය ගැති වී සිටීනම් යැංකි සහතික යහමින්...... (ස)
ඒ ආදරය ගැනනම් පොඩ්ඩක් බුද්ධියෙන් හිතල බලන්න ඕන, මොකද ඇමෙරිකාව අත දීල ශක්තිමත් උන රජයක් ලෝකයේ කොහෙවත් නැහැ. ඇමෙරිකාව අත දීල විනාශකරපු රටවල්නම් ඕන තරම් තියනවා. (ර)
මෙයාල සම්බන්ධ වෙලා ලොකේ සාමයක් පවත්වාගෙන ගිය රටක් තියනවානම් කියන්න . 48 ඉදන් මෙයාල ලංකාවට මොනවගේ දේවල් කරලා තියනවද කියල පොඩ්ඩක් කල්පනා කරන්න. (ර)
ප්‍රවේසමෙන්, ඇමෙරිකාව කියන්නේ විස්වාස කරන්න පුළුවන් රටක් නොවෙයි. (ර)
ඇමරිකාවට හොද උනාට අපිටනං ඇතිවෙලා. රබර් ෂීට් එකක්, තේ දළු ටිකක් විකුණල ජීවත් උන එකක් නැතිවෙලා. (ර)
මංගල උතුමාණන් නියම දක්ෂයෙක්. (ර)
අපි ඇමරිකාව අපේ මානව සම්පත යොදාගන ආක්‍රමණය කරන්ඩ ඕනේ. අපිව නැතුව වැඩ කරගන්ඩ බැරි කරන්ඩ පුළුවන්.තොරතුරු තාක්ෂණ සහ අනෙක් තාක්ෂණික දේවල් වල කොටස් අපි කරන්ඩ ඉල්ලා ගන්ඩ ඕනේ (කේ)
මේ රට ගැන කැක්කුමක් තියෙන උදවිය තමයි පක්ෂ භේදයෙන් තොරව රටට වෙන විනාශය ඉක්මනින්ම වටහාගන්නේ. ඒත් අපි දන්නවා තවත් පිරිසක් ඉන්නවා රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ ප්‍රතිපත්තීන් රැකෙනවානම් කියල හිතන. (කේ)
රටට ආදරේ ඕනෑම කෙනෙකුට තේරෙනවා ඇමරිකාවට මොනවද අපේ රටෙන් ඕනෑ කියලා. ඒ වගේම තමන්ට අවනත නැති රටවල් කීයක් විනාස කරාද.(කේ)
ඇමෙරිකාවට අවශ්‍ය ලෙස නටන රුකඩ ආණ්ඩුවක් තියෙන නිසා සහතික දීලා තමයි තියෙන්නේ.මේ අයගේ උදව් ගැන අපි දන්නවා. (හේ)
සුරන්, ලංකාවේ කෙසේ වෙතත් ළඟදීම මාලදිවයිනේ ඇමෙරිකන් බේස් එකක් පටන්ගන්නවා. (ර)