
(ටී.කේ.ජී.කපිල)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් " කොවැක්ස් " පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ "ෆයිසර්" එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද බාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිප්ස් ඇතුළු පිරිසක් අද සවස කටුනායක ගුවන්තොටුපෙළ වෙත පැමිණ සිටියහ.
මෙම එන්නත් තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට මාලදිවයින ඔස්සේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක , සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( මහජන සෞඛ්‍ය ) ලක්ෂ්මී සෝමතිලක යන මහත්ම මහත්මීන් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා බලන්න. මෙච්චර උදව් කරන ඇමරිකාවටනේ මේ සමහරු පණ යනකල් බනින්නේ?
කොඩිත් ඇමෙරිකන්, ලේබලුත් ෆයිසර් නේද?
චීන කොළනිය ඉවරයි.. දැන් ඇමෙරිකානු කොලනිය... දැන් සැපද? ලංකාවේ හදපු පස්පංගුව එතකොට?