අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා රජය සම්මත කර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සිය ප්‍රසාදය පළ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපති අතුල් කේෂාප් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වඩාත් අර්ථවත් ප්රතිසන්ධාන ක්‍රියාවලියක් වෙනුවෙන් එය ඓතිහාසික ජයග්‍රහණයක් වනු ඇති බවයි.
මේ අතර දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකා සහකාර ලේකම් නිෂා බිස්වාල් ද මේ ගැන අදහස් දක්වමින් කියා ඇත්තේ සත්‍ය හා ප්රතිසංවිධාන ක්‍රියාවලිය යහපත් ප්රවේශයකට ගෙනයාම වෙනුවෙන් පැවති බාධකයක් අභිබවා යාමක් ලෙස එය දැකිය හැකි බවයි.
ශ්‍රී ලංකාව තැබූ ඓතිහාසික පියවරක් ලෙස මෙය සැලකිය හැකි බව ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම් හා කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් ටොම් මැලිනොස්කි ද ට්විටර් පණිවිඩයක් මඟින් සඳහන් කර ඇත.
COMMENTS
හෙට අනිද්දා වෙනකොට තව තව පැසසුම් එයි? බලමු ඉදිරියේදීවත් පිනට මොකුත් දෙයිද කියලා??? (හේ)
මේක කෙලවෙන වැඩක් .(හේ)
ඔය පාන්නේ බලල මල්ලෙන් එලියට මංගල කවද හරි යන්නේ ලොකු අවමංගල්‍යක් කරලා තම ඔය රටට. ඇමරිකාව ඇයි පැනල දුන්න ඉස්තුති කරන්න (අ)
එංගලන්තේ ඉන්න සුද්දන්ටත් වඩා ඇමරිකන් කාරයොන්ට අල්ලන බඩේ අමාරුව මොකක්ද අපේ රටේ සිදුවෙන දේවල් ගැන.ශ්‍රී ලංකාව තාම ඇමරිකානු කොලනියක් නොවෙන බැවින් අපි මේවට විරුද්ධයි. (අ)
අවුරුද්දක් ගෙවෙද්දී ශ්‍රී ලංකාවේ නමත් වෙනස් කිරීමට පෙළඹෙනු ඇත (නි)
ක්‍රිස්ටි, ශ්‍රී ලාංකික 60% මෝඩයින් නිසා කළු සුද්දෝ ශ්‍රී ලංකාවට ඇඟිලි ගසා අවසානයි (නි)
අනාගතයේදී රටේ ඊළමක් හැදුවොත් තව කොපමණ සතුටු වෙන්න පුලුවන්ද, නේද? (නි)
මෙය කාලෝචිත දෙයක් ,(හේ)
රටක ආණ්ඩුවක් තියෙන්න ඕනේ රටේ සුබ සිද්ධිය සහ ජනතාවගේ සුභ සිද්ධිය ගැන හිතල වැඩකරන්න. එහෙම නැතුව වෙනත් රට වලට ඕනේ විදියට නැටවෙන්න නොවෙයි (බ)
88-89 කොළ රතු කල්ලි විසින් අතුරුදහන්කළ අය ගැනත් හොයනවාද? (බ)
අහෝ අපේම සිංහල මෝඩයන් බල තණ්හාව නිසා කරගත් අපරාදයක් .සල්ලි ලබාගැනීමට මෙයාකාරයෙන් රට ඇමරිකාවට බිලි දුන්නේ ඇයි.ලංකා මෑණියනි ,ඔබ අපට අහිමි වන දිනය ඉතා ආසන්නයි අපි හඬා වැළපෙමු (බ)