හර්ෂණ තුෂාර සිල්වා
ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ප්‍රකාශයට ඉවත් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 128ක් හිමිවිය.
ශ්‍රී ලංකාව ද අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 9ක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මේ අතර යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන රටවල් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවටත් මූල්‍යාධාර ලබා නොදෙන බවටත් ඇමෙරිකා එක්සත් ජනපදය එම රටවලට අනතුරු අඟවා ඇතැයි රොයිටර් ඇතුළු පුවත් සේවා වාර්තා කර තිබිණි.
ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අරාබි සහ මුස්ලිම් රටවලින් කෙරුණු ඉල්ලීමක් අනුව එක්සත් ජාතීන්ගේ හදිසි හා විශේෂ මහ මණ්ඩල සැසියක් කැඳවූ අතර එහිදි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නැයි ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් විය. අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාවේ අයට පිස්සුද. අපි ඇමෙරිකාව පැත්ත නේද ගන්න ඕනි හරි හො වැරදි හරි.
බලාගෙන ඉන්න ට්‍රම්ප් දැන් යූඑන් එකට බයවෙලා තීරනය අකුලාගනියි...
නූතන ගෝලීය දේශපාලනය තුල , විශේෂයෙන්ම රටක සෛවරීභාවය පිළිබදව සහ රටක ස්වාධීන භාවය පිළිබදව අතීතයේ මෙන් තනි තීරණ ගැනීමට ලෝකයේ බලවත් රටවල් විසින් ඉඩ ලබා නොදෙයි. මෙම තත්වය එක අතකින් නූතන යටත් විජිතවාදයේම අංගයකි. ඒක නිසා තමයි ඇමරිකාව කියන්නේ අපිට විරුද්ධව ඡන්දය දෙන රටවල් වලට අපි ආධාර දෙන්නේ නැහැ ඒ රටවල් පිළිබදව විමසිල්ලෙන් ඉන්නවා කියලා. මෙයට විසදුම තමයි බලය අඩු රටවල් ඒකරාශි වී බලවත් රටවල් වලට පොඩි රටවල් වල සාමූහික බලය පෙන් වීම. ශ්‍රි ලංකාව විසින් නිවැරදි තීරණයක් මෙම අවස්ථාවෙ දී ගෙන තිබීම හොද දෙයකි.
ජේසු උපන් ජෙරුසෙලම කිතුණුවන්ට අයිති නෑ දැන්. අපේ රටටත් වෙන්නෙ ඕක තමයි මේ රටේ අධම පාලකයො අනිත් ජාතීන්ට අපේ දේවල් කොල්ල කන්න දීල ඡන්දෙ බලාගෙන ඉන්නකොට.
මොක කරත් ප්‍රබලයාට ඕනේ විධියට තමයි වැඩ වෙන්න ඕනේ . අපි රටක් විදියට ශක්තිමත් නොවී මේ මට්ටමක ට වැටෙනවා. යුරෝපා සංගමය කියන විදියට ත්රස්තවාදීන්ට නිදහස දෙන්න ඕනේ. නැතිනම් හාල් ටික පොල් ටික කොහෙන් ගෙනෙන්නද.එහෙම නේද රනිල් මහත්තයෝ ඔබ තුමා රට ශක්තිමත් කරන්නේ !
අපේ හැලපන්ස්ල වගේ නෙමෙයි ඇමෙරිකන්ස්ල. කවුරු විරුද්ධ වුණත් නිෂේධ බලය පාවිච්චි කරලා හරි තමුන්ට ඕන දේ කරනවා.
මෙයින් පැහැදිලි වෙන්නේ රටවල් නමයක් හැර අනික් සියලුදෙනාම ඇමරිකා අදහසට විරුද්ධ බවයි. කරුණාකර ඔය රටවල් නමය නම් කරන්න. ඇමරිකාව හදන්නේ මුළු ලෝකෙම සල්ලිවලට ගන්න . එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇමරිකාවේ අත කොළුවක් කියල කියන්නයි ඔය හදන්නේ.
දැන් එහෙනම් අපේ ශ්‍රී ලංකාවත් ඇමරිකානු "බ්ලැක් ලිස්ට් " එකට වැටිලා. රටට ඇමරිකානු මුල්‍ය සහ වෙනත් ආධාර, සහයෝගිතා වැඩ සටහන් අවශ්‍යම වෙලාවට ඒවා දැන් කොට උඩද? ශ්‍රී ලංකා ඇමරිකානු ද්විත්ව පුරවැසි භාවය ලබා සිටින අපේ බයියලාටත් වැඩ වරදීවිද?
අපේ රට ඡන්දය නොදෙන කණ්ඩායමේ හිටියා නම් වඩාත් හොඳයි ..
ඇමරිකාවට පක්ෂ වෙලා තියෙන්නේ මොන වගේ රටවල්ද කියලා දැක්කම ඇමරිකාව මේ වෙලාවේ තනිවූ තරම පේනවා. (යෝජනාවට විපක්ෂ වූ රටවල් අතරට ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ගෝතමාලා, හොන්ඩියුරාස්, මාෂල් දිවයින්, මයික්‍රොනීසියා, නාවුරු, පලාවු සහා ටෝගෝ යන රාජ්‍ය අයත් වූහ.) යෝ්ජනාව ක්‍රියාත්මක වුණත් නැතත් මේ වෙලාවේ ලංකාවට කොන්දක් තිබ්බ එක ගැන සතුටු වෙන්න පුළුවන්...
අපට පරුදු අපි මෙතෙක් කල් පිළිපැද්ද මැදපිලිවෙත අනුගමනය නොකර මේ රනිල් මොන මගුලක් කරන්න හදනවාද දන්නේ නැත. වත්කම් නොකියා ඉන්න අපව බිල්ලට නොදී. මෙරට ඔබගේ බූදලයක් නොවෙයි.