ශ්රී ලංකාවේ පැවැත්වූ ජනාධිපතිවරණය සාර්ථක හා සාමකාමී එකක්වීම සම්බන්ධයෙන් ප්‍රශංසාකරමින් නිවේදනයක් නිකුත් කරණ ඇමෙරිකාවේ ජනාධිපති බරක් ඔබාමා මහතා පවන්නේ ජනාධිපතිවරණයෙන් පරාජය වී නික්මයන පාලකයන් අප්‍රමාදව හා ක්‍රමාණුකූලව බලය හැරයාම සම්බන්ධයෙන් මනා ආදර්ශයක් සැපයූ බවයි.
එසේ ම ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දක්වන සියළු දෙනාගේ බලාපොරොත්තුවල සංකේතයක් ලෙස ශ්‍රී ලංකාවේ මැතිවරණය දැක්විය හැකි බවයි.
මෙම බලාපොරොත්තුවේ නිමේෂයේ දී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා එහි පාලකයන් සමග සම්බන්ධතාවයන් තව දුරටත් වර්ධනය කරගන්නා බවත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලංකාවාසීන්ට සාමයෙන්, ප්‍රජාත්නත්‍රවාදයෙන් හා සෞභාග්‍යෙයන් සවිමත්ව කටයුතු කිරීමට හැකිවනු ඇති බවත් ජනපති ඔබාමා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේයාට බඩේරුදාව හැදිලා වගෙයි නේද? (ස)
අනේ අපිට පිහිට වෙන්න අපි දිනුව ඒ උනත් ණය බරින් අපිව වෙලාගෙන අපිට නැගිටින්න අත දෙන්න මගේ දෙයියෝ ඔබ තුමාට අපේ රටම වැඳ වැටෙනවා උදව් කරන්න අපිට හොරු පැන්නුවා අපි. (ස)
බලන්න මේ වාක්‍ය දිහා. "අප්‍රමාදව හා ක්‍රමාණුකූලව බලය හැරයාම සම්බන්ධයෙන් මනා ආදර්ශයක් සැපයූ බවයි" මෙයින් පේන්නේ මහින්ද බලය අත්හැර නොයන කෙනෙක් බවට මොවුන් තුල අදහසක් තිබු බවයි. පහුගිය වසර ගණනාවක සිට බටහිර පිරිස් මහින්ද ගැන වැරදි මත වල සිටි බවත් ඒවා වැරදි බවත් මේ සිදුවීමෙන් ඔප්පු වෙනවා. මහින්දට තම පාලනය ගෙන යාමට මොවුන් නොයෙක් බාදා කලේ මේ වැරදි අදහස් නිසයි. ඉහල ගිය ජාතියක් උවත් මහින්ද හමුවේ ඔවුන් සදාචාරාත්මකව පැරදී ඇත. (නදී)
මොනවා හිතාගෙන ඉන්නවද දන්නෙ නැහැ (නි)
ඔබමට ජය වේවා! 3 වන පාරක් ගැන නොසිතේවා (අ)
හැමවිටම ඇමරිකාවට ගරු කරනවා. එහෙත් සමහර දේශපාලනමය ප්‍රතිපත්ති ගැන දෙවරක් සිතිය යුතුයි. (අ)
ලෝකය පුරාවට බහුතරයක් මනුෂ්‍ය ගාතතනයන්ට උඩ ගෙඩි දෙන අයට ලංකාවටත් සහය දීමට ලැබීම මොවුන්ට සතුටක්ම වනු ඇත. (නදී)
මේ සහතික කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා වියරු ඒකාධිපති පාලකයෙක් නොවන වග නොවේද? (දිල්)
පොලිස්පතිට මැතිවරණ කොමසාරිස්ට පින්සිදු වෙන්න සාදාරන ඡන්දයක් ලැබුනා. දූෂිත ආණ්ඩුව ගෙදර ගියා. දැන් අපිට ඕනේ වැරදි කරුවන් නීතිය ඉදිරියට ගේන්න.(නදී)
ඔබාමාගේ ආශාව ඉටුවුනා. ඔවුන්ගේ එන් ජි ඕ සල්ලි වලින් ලංකාවේ දේශපාලනය වෙනස් කලා. (නදී)
ඔබාමටත් අන්තිම මොහොතෙ නටන්න ගිය නාඩගම ගැන දැනගන්න ලැබිල වගේ. තව ටික කාලයක් ගිහිං විකිලීක්ස් වලිංම හෙලිවෙන් නැතෑ. (නදී)
සාමකාමී රටක් සුබ අනාගතයක් අපට උදාකර දුන් හිටපු ජනපති තුමනි ඔබට ජයවේවා !(දිල්)
මෙයාලට ගොඩක් වියදම් ඇති ඡන්දෙට (දිල්)
වසර 10 ක් බලයේ සිටියත් විශාල ජනප්‍රසාදයක් එතුමා සතුව තිබු බව මැතිවරණ ප්‍රතිඵල වලින් පිළිබිඹුවීම සහ එතුමාගේ නික්මයාම ඉතා අසිරිමත් සිදුවීමක් ලෙසට ඉතිහාසයට එක්වුණා. (නි)
මෛත්‍රී මහත්තයට මෙයාල ගෙන්නම් හොඳටම පරිස්සම් වෙන්න වේවි. මෙයාල අතදාපු තැනක් විනාශ වෙලා මිසක් ගොඩ ගිහින් නෑ (නදී)
මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා වංක, බලපෙරේතකමක් ඇති කෙනෙකු ලෙස හැඳින්වූ පුද්ගලයන් හට එතුමා නියම උත්තරය ලබාදී තිබෙනවා. (නි)
ඔබාමා මහත්තයෝ බොහොම ස්තුතියි ඔබගේ සුබපතුමට?නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියන වචනය ගැන තමයි?කොහොම වුනත් අපේ මහින්ද මහත්තයා ගැන නම් කතා කරන්න එපා?(හේ)
අපේ ප්‍රාර්තනාවත් ඕකම තමයි මැතිඳුනි. ඔබට ස්තුතියි (නදී)