රුසියාවේ සංචාරයකින් පසුව තමා ඇමෙරිකාව බලා යෑමට උත්සාහ කළ අවස්ථාවේ ඇමෙරිකන් බලධාරීන් ඊට අවසර නොදුන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්පතට පවසා ඇත.
නාමල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා යෑමට සැරසී ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටය. ඔහු මොස්කව් නුවරට ගොස් සිටියේ ඉකුත් 18 වැනිදා එරට පැවැති ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු ලෙස කටයුතු කිරීමටය.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයකු ‘ඉන්දියන් එක්ස්ප්‍රස්‘ ප්රවෘත්ති සේවය සමග පවසා ඇත්තේ, ඇමෙරිකාවට පැමිණීමට අවසර නොදෙන බව, ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවය.
ඒ වනවිට නාමල් රාජපක්ෂ මහතා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්, මොස්කව් සිට ඇමෙරිකාවේ හූස්ටන් බලා පිටත්ව යෑමට සූදානමින් සිට ඇත. තහනම පැනවූයේ ඇයිදැයි යන්න ඇමෙරිකා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැහැදිලි කර නොමැති බවද නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයා පැවැසීය.
මොස්කව් නුවර ඇමෙරිකා තානාපති කාර්යාලය හෝ කොළඹ ඇමෙරිකන් තානාපති කාර්යාලය හෝ මේ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කර නැති බව ද වාර්තා වේ.
ඇමෙරිකාවට යෑමට නාමල් රාජපක්ෂ මහතාට වීසා බලපත්‍ර තිබූ බව ද ඔහුගේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත. මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මෙසේ සටහනක් යොදා ඇත.
‘හූස්ටන් බලා යන එමිරේට්ස් ගුවන් යානයට ගොඩවීමට මට ඉඩ නොදෙන ඇමෙරිකාවේ බලධාරීන් දැනුම් දී තිබෙන බව එමිරේට්ස් සමාගමේ මොස්කව් කාර්යාලය මට දැනුම් දුන්නා. ඒ කුමන හේතුවක් නිසාදැයි තවම දැනගන්නට නෑ. මගේ නම නිසා හෝ රුසියානු ජනාධිපතිවරණයේ නිරීක්ෂකයකු ලෙස මා මෙහි පැමිණීම නිසා හෝ ඔවුන් මට මෙවැනි තහංචියක් දැමුවා වෙන්න බෑ. කොහොම වුණත් තීරණයක් ගැනීමේ පරම අයිතිය ඔවුන්ට තිඛෙනවා.‘
නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශකයා පැවසුවේ ඔහු ආපසු ශ්‍රී ලංකාව බලා පිටත්වන බවත් මේ සම්බන්ධයෙන් ඔහු එහිදී ප්‍රකාශයක් කරනු ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ ජනපතිවරණයේ නිරීක්ෂකයෙක් විදියට ගත්තේ ඇයි.?
හරිම සවුත්තුව. ලජ්ජාවක් කියල දෙයක් නැත්ද මන්දා .?
ඔය කැපිල්ලෙන් හැමදාම ගොඩ එන්න බෑ.
බලාගෙන ගියහම මුළු පවුලම ඇමෙරිකන් කාරයෝ වගේනෙ.?
නාමල් මෙහෙ එන්න හැදුවේ තමන්ගේ නැන්දනියගේ අවමගුලට සහභාගී වෙන්නයි.
මේක නම් පැහැදිලිවම අධිරාජ්‍යවාදීන්ගේ දීන කුමන්ත්‍රණයක් වෙන්න ඕනේ.
හොඳ වැඩේ!
වංචා නඩු ඇත්නම් ඇමෙරිකාව වගේ රටවලට යාම බොරු.
ඔහොම කොන්ඩේ අවුල් කරගෙන ප්ලේන් නගින කොට ඇමරිකාව එහෙම බාර ගන්නේ නැහැ.
රුසියානු ජනාධිපතිවරණයේ ස්වාධීන නිරීක්ෂකයකු.?
ලංකාවට සෙල්ලන් දැම්මට අන් රටවල් වලට සෙල්ලන් දමන්න බැහැ.
බයියාලගේ කැරැට්ටුව ගැන දන්නා ඇමරිකාව මෙවැනි තීරණයක් ගත්තා වෙන්න බැරි කමකුත් නැහැ.
මේ කට්ටිය ගමේ පියදාසලාට,සියදොරිස්ලාට කියන්නේ තමන් ඇමරිකන් විරෝධීන් කියලා නේද ? ඉතින් ඇමෙරිකාවට යන්නේ මොන කෙන්ගෙඩිය කටද ?
තාජුදින් ඇමරිකාවේ ඉපදිලා ඉන්නවා වීසා නිලදාරීයෙක්ගේ පුතෙක් වෙලා එම නිලදාරියා වැඩ කරන්නේ පුතාගේ කැමැත්තට පමණයි
එහෙම කරන්නේ කොහොමද ? ජාතිය බේරාගත් කෙනාගේ පුතාට.
රුසියාවේ ඡන්දෙ ගැන හිතාගන්න පුළුවන් මේ වගේ මිනිස්සු නිරීක්ෂණයට ගන්නකොට. අපේ රටේ උන් ගොන්නු උනාට ඇමෙරිකාවට මොලේ තියෙනවා.
ඕකට කියන්නේ කොලේ ඉරාගෙන කියලා.
පුලුවන්නම් මෙයාට ලංකාවට එන්න නොදී තහංචියක් දාමුද.?
මම හිතුවේ පච වෙලා ඉන්නේ ලංකාවට විතරයි කියලා.
රුසියාවේ චන්දෙ නිරීක්ශනේ කොරන්න යනකොට අර ඡන්ද දිනන`ජිල්මාට්` යන්තරෙත් අරන් ගියාද දන්නෙත් නැහැ.