IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමෙරිකාවේ තව බෝම්බයක්?

ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර කම්හලක සිදුවූ විශාල පිපිරීමකින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ.

එවැනිම සංඛ්‍යාවක් මිය යන්නට ඇති බවට සැක කෙරෙන නමුත් ඒ පිළිබඳ වාර්තා තවමත් හෙලි කර නැත.

බටහිර ටෙක්සාස්හි ඇතිවූ මෙම පිපිරීම උතුරු ටෙක්සාස් ප්‍රදේශයටත් දැනිණි. එය රිච්ටර් මාපාංක 2.1 ප්‍රබලත්වයකට සමාන බව කියති.

1995 දී ඔක්ලහෝමා නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමට වඩා විශාල විනාශයක් සිදුව ඇති බවත් වාර්තා වේ.

මෙය බෝම්බ තැබීමක් විය හැකි බවට අනුමාන කෙරෙන නමුත් එය ස්ථිර වශයෙන්ම තහවුරු වී නොමැති බවත් වාර්තා වේ.



අදහස් (0)

ඇමෙරිකාවේ තව බෝම්බයක්?

සුනිල් පෙරේරා Friday, 19 April 2013 06:55 AM

කෝටි 700 වැඩි අපි මානව සංහතිය ඉන්නේ එක බෝට්ටුවක. කවුරුන් හෝ ලේ විසිරි දුක් වෙනකොට අපේ ඇසෙහි කදුලක් නැගේ නම් ඔබ සැබවින්ම විශිෂ්ට මානවයෙක්. (නි)

:       0       0

අමිල Thursday, 18 April 2013 02:22 PM

අනිත් රටවල් වලට කල දේවල් වලට තමයි ඔහොම වෙන්නේ. නරක වැඩ කලාම නරක ප්‍රතිපල ලැබෙනවා. (ස)

:       0       0

මොහිදීන් Thursday, 18 April 2013 02:22 PM

කළ කළ දේ පල පල දේ (ස)

:       0       0

අමිල Thursday, 18 April 2013 02:24 PM

පව්, අහිංසක මිනිස්සු. ලොක්කොන්ගේ තියන බල තණ්හාව සහ උද්දච්චකම නිසා කරන වැඩ වලින් ඇති වන ප්‍රතිපල. (ස)

:       0       0

නිශාර්ඩ් Thursday, 18 April 2013 02:26 PM

බූමෙරන්ගය විසි කල තෙනටමයි ආපහු කැරකිල එන්නෙත් (ස)

:       0       0

රියාල් Thursday, 18 April 2013 07:40 PM

යුද්ධයේදී මියයන්නේ ලොක්කන් නොව අහිංසක කොල්ලන් සහ සිවිල් වැසියන්ය (නි)

:       0       0

ගාමිණී Thursday, 18 April 2013 02:36 PM

එක මකුණයි ළමයෝ කන්නේ! ඇයි ? ඔක්කොම මකුණෝ මරන්නේ! (ස)

:       0       0

මොහිදීන් Thursday, 18 April 2013 02:37 PM

ණය ඉල්ලද්දී සහනාධාර දෙද්දී හොඳයි. අනේ පව් අහිංසක ජීවිත. (ස)

:       0       0

සනත් Thursday, 18 April 2013 02:40 PM

දිට්ටධම්ම‍වෙදනිය කර්මය කියන්න ඕකට තමයි.(ස)

:       0       0

අසේල Friday, 19 April 2013 10:08 AM

අපි හැමෝම මිනිස්සු. මනුස්සයෙකුට කරදරයක් වෙද්දි උදවු කරන්න ඕනැත් මිනිස්සුම තමයි.ලංකාවට කරදර වෙනකොට වැඩියෙන්ම උපකාර කලේ ඇමෙරිකාව. (නි)

:       0       0

අරුණ Thursday, 18 April 2013 02:53 PM

අපේ ජනපතිට තවත් ශෝක පණිවිඩයක් ඔබාමට යවන්න වේවි (ස)

:       0       0

යමුනා Thursday, 18 April 2013 08:42 PM

පව් අහිංසක මිනිස්සු (නු)

:       0       0

අනුර Thursday, 18 April 2013 03:01 PM

අපේ මවුබිමෙත් මෙහෙම තමයි වුණේ. අපේ රණවිරුවෝ අපිට නිදහස දුන්නා, දැන් ඔයාලත් රසේ අත්විදලා බලන්න. තව හොඳ දේවල් ඉදිරියට වේවි (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 18 April 2013 03:04 PM

පහුගිය කාලෙ අර කට්ටිය ඔය පැත්තෙ ගියා නේද? (නි)

:       0       0

දීපානන්ද හාමුදුරුවෝ දික්වැල්ල Thursday, 18 April 2013 03:06 PM

ඇමරිකන් නායකයා බෞද්ධ චක්‍රවර්ති රාජ සංකල්පය ආදර්ශයට ගෙන ලෝක පාලකයා වෙන්න උසසාහ කළා නම් ඇමරිකන් අරමුණු මේ භද්‍ර කල්පයේම ඉෂ්ට වේවි (නි)

:       0       0

ජෝයි Thursday, 18 April 2013 03:14 PM

සනත් එතකොට පිටකොටුව බොම්බේ, මහා බැංකු බොම්බේ,සහ අපේ අනෙකුත් බෝම්බ මොන දම්මවේදනියද...? (ස)

:       0       0

සම්පත් Thursday, 18 April 2013 03:18 PM

බෞද්ද ධර්මය රකින අහිංසක මිනිස්සු ඉන්න ලංකාවට කෙණෙහිලිකම් කරලා මාසයක් ගියේ නැහැ. (ස)

:       0       0

ෂෙහාර් Thursday, 18 April 2013 03:21 PM

හැබැයි අද ඇමරිකාවට වුණා වගේ හෙට අපිට වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔය ත්‍රස්තවාදේ නැති කරලා දැමීම තමයි හොද. (නි)

:       0       0

නිශාන්ත Thursday, 18 April 2013 03:33 PM

මොනව හරි දෙයක් උනත් බුදුදුදහම ගාවගන්න එක පුරුද්දක් වෙලානේ. ඕක එතරම හොද දෙයක් නොවේ. අපේ ධර්මය ගැන අපිට වඩා කැක්කුමක් වෙන කට්ටියට මොකටද අප්පේ මේ.. (ස)

:       0       0

විමුක්ති Thursday, 18 April 2013 03:36 PM

අහෝ දුකකි ! (ස)

:       0       0

නිරෝෂන් Thursday, 18 April 2013 03:37 PM

මිනිස්සු ලෝකේ හැමතැනම හොද සහ නරක වශයෙන් පැතිර සිටිනවා. එහෙම නැතුව හොද මිනිස්සු එක් රටකටත් නරක මිනිස්සු තවත් රටකටත් ලෙස බෙදී නැහැ. (නි)

:       0       0

චන්දා Thursday, 18 April 2013 03:54 PM

බුදු දහම මේ කාරණා සමග අනා ගන්න එපෝ,, (ස)

:       0       0

සදරුවන් Thursday, 18 April 2013 03:58 PM

කරන කලට පව් මිහිරිය මී සේ... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... මේක නොමගට හැරිච්ච අයටයි. (නි)

:       0       0

සෙන්තිල් Thursday, 18 April 2013 04:04 PM

ලංකාවේ කරන කැත වැඩවලට එවෙලේම බෝම්බවලින් හොඳ හොඳ පිළිතුරු ලැබුණු එක ඔයා දන්නැද්ද ? (ස)

:       0       0

සඳරුවන් Thursday, 18 April 2013 04:06 PM

බුදු ගුණ බලය කෙළ ලක්ෂයක් සක්වල පැතිර පවතිනවා.(ස)

:       0       0

අතපත්තු Thursday, 18 April 2013 04:07 PM

බෝම්බ වලට, අපි කියන්නේ කළකම් පල දෙයි කියලා. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 18 April 2013 04:08 PM

අනික් මිනිසුන්ගේ දුකේදී සතුටු වෙන්න තරම් අපි අවුරුදු 2500 ක කාලය තුල දියුණු වෙලා. (ස)

:       0       0

ඇන්ටන් Thursday, 18 April 2013 04:14 PM

මේක පොහොරවලට ආසනික් කළවම් කරපු තැන වෙන්න බැරිද (ස)

:       0       0

වසන්ත Thursday, 18 April 2013 04:21 PM

උතුරු කොරියාවට යුද්දය පටන් ගන්න නියම කාලය (ස)

:       0       0

අමරා Thursday, 18 April 2013 04:22 PM

සුනිල් පෙරේරා කියන විදියට මෙවෙනි දේවලට බුදුදහම ගාවගැනීම නොමනා ක්‍රියාවක් (ස)

:       0       0

අසේල Friday, 19 April 2013 01:06 AM

ලංකාවේ මිනිස්සු ළිදේ ඉන්න ගෙම්බො වගෙයි. ලෝකයේ වෙන කිසිම දෙයක් ගැන හරියට නොදැන බුදු දහමක් අල්ලාගෙන පිස්සන් වගේ බොරුවට කෑගහනවා. (නි)

:       0       0

දාස Thursday, 18 April 2013 04:50 PM

පුදුම බෞද්ධයෝ අනුන්ගේ විපතේදී සතුටු වෙලා කරුම ගැන කියන්නේ..(ස)

:       0       0

පාල Thursday, 18 April 2013 04:55 PM

සම්පත්, බුදු දහම විනාස කරන්නේ ඔහේ වගේ අය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site