කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක නීති හා රෙගුලාසි අද සිට දැඩිව පනවතා ඇතැයි එම තානාපති කාර්යාලය කියයි. එක්සත් ජනපදයේ වීසා බලපත් සම්මූඛ පරීක්ෂණය සඳහා පැමිණෙන පිරිස් එම නීති මාලාව අධ්‍යයනය කර ඊට අනුකූලව පැමිණෙන ලෙස දන්වන තානාපති කාර්යාලයය එම නීති කඩකරන කිසිම පුද්ලයකු ඇතුළට නොගන්නා බව ද සඳහන් කරයි.
ජංගම දුරකතන, ඩිජිටල් දිනපොත්, ඩිජිටල් ඔරලෝසු, කැමරා, ශ්‍රව්‍ය/ දෘශ්‍ය කැසට්, සංයුක්ත තැටි, එම්පී -3 යන්ත්‍ර, ලැප්ටොප් පරිගණක, බැටරි මගින් මෙහෙයවන හෝ විද්‍යුත් උපාංග සහිත කිසිම කෙනකු ඇතුළට නොගන්නා බව තානාපති කාර්යාලය සඳහන් කරයි.
ආහාර හා පාන, විලවුමන් වර්ග, මුද්‍රා තැබූ ලියුම් කවර, ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය, කතුරු වැනි ද්‍රව්‍ය , ඇකිලූ විට සෙන්ටිමීටර 40 ට වඩා දිග කුඩ ආදිය ද ඇතුළට ගෙන යාම තහනම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව සඳහා ලංකාවේ සෑම ආයතනයක ඔය විදිහටම කරමු. (නි)
ත්‍රස්තවාද තුරන් කිරීමට මෙය මීට කලින් කරන්න තිබු දෙයක්. (ර)
මෙතන රහසිගත යමක් සිදු වෙනවද ? (ර)
ඔය තීරණය නිවැරදියි. විසා බලපත් සඳහා එනකොට මොනට ද විද්‍යුත් උපකරණ ගේන්නේ.? අවශ්‍ය ලියකියවිලි ටික ගෙනාවහම මදැයි.? මහා මාර්ගේ ඇවිද යන ගමන් ජංගමදුරකතන භාවිතා කිරීමත් තහනම් කල යුතුයි. (ර)
බොහොම හොදයි. හරියටම හරි. (ර)
ඔබට සතුටුයිද දැන්... (ර)
දියවන්නාවේ තිබෙන බලගතු අායතනයටත් හොරුන්ට ඇතුළුවීම තහනම් කළයුතුයි (නි)
අන්තවාදීන්ගෙන් බේරීමට කෙසේවෙත්ත් ඒක ආරක්ෂාවට හොඳයි. (නි)
ජංගම දුරකථනය දැන් ඇගේම කොටසක් වෙලා, නිවා දමා පැමිණෙන්න කියන්න තිබුණානේද? අධිකරණය තුලට යනවිටත් මහමග ජංගම දුරකථක තබා යන්න වෙනවා. නව යුගයට හිතුවොත් නරකද? (ර)
ඇමෙරිකාවේ ඇති අපේ තානාපති කාර්යාලයේත් මෙවැනි නීති ක්‍රියාත්මක කරමු. (ර)
ඕක වහල දැම්මනම් ඉවරයිනේ... (ර)
ධම්ම, ඔව් ඔව් ක්‍රියාත්මක කරන්න පුළුවන්. එ්ත් ඇමෙරිකන්කාරයෝ කී දෙනෙක් ලංකාවට එන්න පොරකනවද කියන එක තමා ප්‍රශ්නේ. (නි)