
මෙරට නිල සංචාරයක යෙදෙන, ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳ උප ලේකම් එලිසබත් ඇලන් මහත්මිය අද (19) උදෑසන කොළඹ දී ‘ගෝලීය මාධ්‍ය අවකාශය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි එහි බලපෑම’ යන මාතෘකාව යටතේ විශේෂ දේශනයක් පැවැත්වූවාය.
එහිදී ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඇගැයීමට ලක් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී, සාධාරණ, සමාජයක් ස්ථාපිත කිරීමෙහිලා ඔවුන් දක්වන මෙහෙවර ප්‍රශංසනීය යැයි එලිසබත් ඇලන් මහත්මිය පෙන්වා දුන්නාය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්බන්ධයෙන් ඇමෙරිකාවේ කනස්සල්ල පළ වී ඇති බවත්, එම නව පනත කිසිදු අවස්ථාවක නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට බාධාවක් නොවිය යුතු බවත්, එලිසබත් ඇලන් මහත්මිය පැහැදිලි කළාය.
ඊශ්‍රායල හමාස් අර්බුදය සම්බන්ධයෙන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් සහ මාධ්‍යවේදීන් මියයෑම සම්බ්නධයෙන් ද මෙහිදී එලිසබත් ඇලන් මහත්මියගෙන් කරුණු විමසීමක් සිදුවිය.
ඊට පිළිතුරු දෙමින් එලිසබත් ඇලන් මහත්මිය කියා සිටියේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් සහ මාධ්‍යවේදීන් ඝාතනය වීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ දැඩි කනස්සල්ල පළ වන බවය.
ඇමෙරිකන් රජය ගාසා තීරයට දිගින් දිගටම මානුෂීය ආධාර ලබා දීම සිදු කරන බවත්, ඊශ්‍රායල නායකයන් සහ අරාබි නායකයන් එක් වී, අර්බුදයට පැහැදිලි විසඳුම් සෙවීම කළ යුතු බවත් එලිසබත් ඇලන් මහත්මිය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එම දේශනය සංවිධානය කර තිබුණු අතර, එම අවස්ථාවට මෙරට ඇමෙරිකන් තානාපතිනී ජුලී චංග් මහත්මිය ද පැමිණ සිටියහ. මෙම අවස්ථාවට, මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන්, නීතිවේදීන් සහ විද්වත්හු බොහෝ පිරිසක් සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකන් උප ලේකම්වරිය මාධ්‍ය කාර්යභාරය ගැන කතා කරයි