(තිළිණි ද සිල්වා)
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශයේ ප්‍රධාන සහකාර ලේකම් අලිස් වෙලස් මහත්මිය මෙරට නිල සංචාරයක් සඳහා හෙට (09) දිවයිනට පැමිණෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාවයන් ශක්තිමත් කිරීම හා ඉන්දු ‐ ෆැසිෆික් කලාපයේ හවුල්කාරීත්වය තහවුරු කර ගැනීමේ අරමුණෙන් ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.
මෙම ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේදී ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්හූ රැසක් හමුවී මෙරට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ , මානව අයිතිවාසිකම් , සංහිඳියාව හා වගවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
සිය ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය මාලදිවයිනේද සංචාරය කරන අතර එම සංචාරයේ ඇය ළඟදී තේරීපත් මාලදිවයින ජනාධිපතිවරයා සහ මාලදිවයිනේ සිවිල් නායකයින් පිරිසක්ද හමුවීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ගැලවෙන්නට බැරි ණය උගුලක ලංකාව පටලවලා චීන නාවික හමුදාව ලංකාවේ පැලපදියන් වෙන්නයි යන්නේ" කියලා මෙතුමියගේ ලොක්ක කිව්වා විතරයි මෙන්න මෙයා ලංකාවට එනවා. ඇවිත් ශෝබන කතා කියලා ගියාට වැඩක් නැහැ නෝනේ. චීනය කරන දේට වැඩිය ඉහළින් ලංකාවට උපකාර කරන්න වැඩ පිළිවෙලක් සුදානම් කරනවා මිසක්. චීනය ලෝකය පුරාම කරන්නේ ඒ ගොල්ලන්ට ඕන දේ. ඇමෙරිකාවට ඕන දේ නෙවේ. ඉතින් ඒ ගැන චීනෙට බැනලා වැඩක් නැහැ. ඇමෙරිකාවටත් තියෙන්නේ ඒ ගොල්ලන්ගේ බල පුළුවන්කාරකම් පෙන්නලා අපේ වගේ රටවල් වලට උදව් කරන එකයි. මතකනේ ජේ.ආර්.ගේ කාලේ ත්රිකුණාමලේට ඇමෙරිකන් නාවික හමුදාව වද්දගන්න ගිහිල්ලා.. ඒ කාලේ තිබුණු සෝවියට්දේශයයි, ඉන්දියාවයි තරහ කරගෙන සිද්ධ ගත්ත "ත්‍රස්තවාදී" අල කලංචිය. ආයෙත් වතාවක් ඒ වගේ දිරච්ච ලණුදෙනවා එහෙම නෙවේ ඔන්න...
එත් ඉතින් මේ ජනාධිපතියි අගමැතියි දෙන්නම නැති වෙලාවේ ඇවිත් ... ?
ඔය වගේම කෙනෙක් ලිබියාවට ගිහිල්ලා, ලිබියානු ජනතාවට කිව්වා මම ආවේ ඔබව ගඩාපිගෙන් බේරාගෙන ලිබියාව සුර පුරයක් කරන්න කියලා. නමුත් ඉන්පසු ලිබියාව අපායක් වූ බව සියළු දෙනා දන්නවා. දැන් එවැන්නක් ලංකාවටත් කිරීමටයි මොවුන් සූදානම් වන්නේ.
දැන් කට්ටියට කියල යයි භාරකාර ආණ්ඩුවක් පිහිටෙව්වොත් සම්බාධක පනවනවා, බෝම්බ දානවා, මරනවා, යුධ අපරාධ වලට අහුකරනවා කියල. ඕක තමයි කරන්න යන සබඳතා ශක්තිමත් කිරීම.