ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීසා බලපත් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් වීසා බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව ඇණහිට ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි. ඇමරිකාව පවසන්නේ මේ තාක්ෂණික දෝෂය සියළුම වර්ගවල වීසා සඳහා බලපා ඇති බවයි. එය ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව ද තානාපති කාර්යාලය පවසයි.

මෙම දෝෂය හේතුවෙන් පසුගිය ජුනි 08 දිනට පසු ඉදිරිපත් කළ අයදුම්පත්‍ර මුද්‍රණය කිරිමට හෝ සළකා බැලීමට මෙතෙක් අවස්ථාවක් ලැබී නැත. වීසා ලබා ගැනීමේ සම්මුඛ සාකච්ඡා සඳහා ලබාදුන් දින වෙනස්කැර ගන්නා ලෙස ද මෙතෙක් අයදුම්පත් සම්පූර්ණ කැර ඇති ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් තානාපති කාර්යාලය පවසයි.