ඇමරිකාවට විරෝධය පලකරමින් නැගෙනහිර ප‍්‍රධාන නගර කිහිපයක අද උදේ මුස්ලිම්වරු පාරේ ටයර් පුළුස්සමින් පෙළපාලි යමින් උද්ඝෝෂණ කළහ.
කල්මුණේ, නින්දවූර්, සමන්තුරේ, නවිච්චමඩු ආදී නගරවල මෙම උද්ඝෝෂණ ඇරැඹූහ. සිකුරාදා යාඥාවෙන් අනතුරුව ඇරැඹූ උද්ඝෝෂණ නිසා එම ප‍්‍රදේශවල කඩසාප්පු, පාසල් වසාදමා තිබූ අතර ගමනා ගමනය ද ඇණහිටිණි.
මෙහි කැපී පෙණුනු තවත් ලක්ෂණයක් වූයේ පොලීසිය දක්නට නොලැබීමය.
චිත‍්‍රපටයක් හදා මහමද්තුමාට අපහාස කළැයි ඇමරිකාව හෙළාදකිමින් ශ්‍රී ලංකාවේ වෙනත් නගරවලද අද මෙවැනි උද්ඝෝෂණ පැවැත්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, එහෙම පාරට බහින හැමකෙනාම අල්ලලා හිරේ දානවනම් ඔහේව තමයි මුලින්ම අල්ලලා හිරේට දාන්න ඕනෑ. (නි)
මේ මිනිස්සු වගේ කාටුන් එකක් හරි චිත්‍රපටියක් හරි දැක්කම කුලප්පු වෙන ජන කොට්ඨාශයක් මුළු ලෝකෙම නැහැ. අන්තිමේදී මිනී මරලා, ගිනි තියලා, ගල් ගහලා, මිනිස්සුන්ට තුවාල කරලා මුස්ලිම් අයම ඔප්පු කරලා පෙන්නනවා ඒවාගේ තිබුනේ ඇත්ත කියලා. අනික ඇමරිකාවේ හදපු චිත්‍රපටයක් කියන්නේ ඇමරිකානු රජයේ නිල ප්‍රකාශය නොවන තත්වයක් තුළ ඇමරිකාවේ කොඩි පුච්චන්න, ජනපති ඔබාමගේ පඔයෝ හදලා පුච්චන්න ලංකාවේ රජය ඉඩ දීලා තියෙන එකත් ප්‍රශ්නයක්. අන්තිමේදී ඇමරිකාව තේරුම් ගන්නේ ලංකාව ඇමරිකානු විරෝධී රටක් කියන එක. ඒ තත්වය නම් රටේ අනාගතයට කොහෙත්ම හිතකර නැහැ. කරුණාකර මීට පස්සේවත් මේ වගේ විකාර වැඩ පොලීසිය යොදවලා නවත්වන්න.(ස)
මේවා රාජ්‍යය දේපළ නේද? කෝ පොලිසිය? (නි)
මේ උද්ඝෝෂණ කරන්න ඕනේ ඇමරිකාවට ගිහිල්ලා. ලංකාවේ පොදු දේපළ මේවට පලි නෑ. (අ)
අපි ඉන්නේ දෝහා කටාර් වල මේ රටේ කිසිම සද්දයක් නෑ. සමහර විට මේක මුස්ලිම් රටක් කියල ලෝකෙම දන්න හින්ද වෙන්න ඇති.(ස)
අනික මේ උද්ඝෝෂණය කරන එක්කෙනෙක්වත් මේ චිත්‍රපටය බලලා නැතිව ඇති.(ස)
ප්‍රදීප් ඔබ හරි, අපි ගැන කණගාටුයි..(ස)
අපේ තම්බිලා ළඟදීම කන්න තමයි ඔය හදන්නේ. මම ඉන්නේ සෞදි අරාබියේ. මෙහෙවත් නැහැනේ ඔහොම. විනාශය නම් ළඟදීම එයි වගේ. (නි)
මට හිතෙන්නේ හැමෝටම පිස්සු. (නි)
චරිත්, මෙය දේශපාලන ප්‍රශ්නයක් නොව ආගම් ප්‍රශ්නයකි. (නි)
මරුනේ, ඇමෙරිකාවට හොද ක්‍රමයක්. සියලුම හමුදා නැවත ගෙන්වාගෙන , සල්ලි ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක්. හොලිවූඩ් වලටම කියලා මාසෙකට සැරයක් මේ වගේ පොඩි ෆිල්ම් එකක් එළියට දැම්මොත් ඕන් බලන්න අවුරුදු 5 ක් යනකොට මුස්ලිම් ලෝකය එකාට එකා මරාගෙන, ගිනිතියාගෙන, කුඩුකරගෙන විනාස වෙනවා සිකුරුයි. අනෙක මමත් මේක බැලුවා. අනේ ඔච්චර කෑ ගහන්න එකක් නොවෙයි. මේකට මෙහෙම නටනවානම්, අර බාමියන් පිළිම කඩපු වෙලාවේ බෞද්ධයන් ගැහුවා නම්, ආසියාවේ ඒක හබ්බයෙක්වත් ඉතිරිවෙන්නේ නැහැ. කෝ රිදුනද බෞද්ධ අයට? මොකද ඒවා ඔහොම කළා කියල වට්ටන්න පුළුවන් දේවල් නොවෙයි! දැන් නම් මට අර වීඩියෝ එකේ තිබ්බ මරණ ගිනිතියන දර්ශන පාරවල් පුරාම පණපිටින් බලන්න වෙලා තියෙන්නේ. (නි)
ඇමරිකාව එපා
මංජු ඔබ හරි (අ)
ඔවු මංජු, ඔයා හරි. වැරදි දේ කෙරුවේ ඔයා තමයි. (නි)
අනේ ඔය හිත්වල තියෙන්නේ කුහකකම (ස)
මාර වැඩේ කියන්නේ මුන්නේෂ්වරම් වල තිබ්බ උද්ඝෝෂණයට පොලිසිය එරෙහි වුණා විතරක් නෙමෙයි, අධිකරණයෙන් පවා ඒකට තහනම් නියෝගයක් නිකුත් කළා. එතකොට දඹුල්ලේ මුස්ලිම් පල්ලියක් ඉවත් කරන එකටත් පොලිසිය හරස් වුණා විතරක් නෙමෙයි විශේෂ කාර්ය බලකායත් දැම්මා. නමුත් මේවට කෝ මේ කාගෙවත් කිසිම සද්දයක් නෑනේ? එතකොට බෞද්ධ අපිට කුඩම්මගේ සැළකිළිද? (නි)
මගේ උපරිම සහාය
ලංකාවට එරෙහි වෙන්න එපා
මෙයාලාව අරාබියට එළවලා දාන්නයි තියෙන්නේ. (නි)
ඒ වැඩේ හරි
"අපි ඉන්නේ දෝහා කටාර් වල මේ රටේ කිසිම සද්දයක් නෑ. සමහර විට මේක මුස්ලිම් රටක් කියල ලෝකෙම දන්න හින්ද වෙන්න ඇති.(ස)කුරේ නාවලගේ 2012-09-21 10:30:11 අපි ඩුබායි වල හිටියත් මුස්ලිම් අයගේ උද්‍ඝෝෂණයක් අපි නම් දැක්කේ නැහැ." මේ සේරම මොන ජාතියේ මිනිස්සුද මන්දා? (නි)
ලංකාවට ජයවේවා
අපෙත් සහාය
අයියෝ සල්ලි කියුවලු
දඹුල්ලේ සිංහල අපි උද්ඝෝෂණය කරද්දි තමා පොලිසියෙන් නෙලන්න ආවේ.. මේ අයට ඒ මුකුත් නෑ.. (ස)
මේවට අදහස් දාන්න ඕනේ නෑ (අ)
ජයවේවා...ජයවේවා...
සෞදි සහ කුවේට් රවටල් හඩක් නොනගන්නේ ඇයි.. මේවා දුප්පත් රටවල අයට විතරමද?(නු)
මෙහේ කැගැහුවට ඇමෙරිකාව කවදාවත් එයාලගේ වැඩ නතර කරන්නේ නැහැ. (නි)
මුස්ලිම් සහෝදරවරුනි, ඔබට ඇමරිකානු පෙළපාලි වර්ජන අවශ්‍ය නැත. ඔබ කළ යුත්තේ, 1. සියලුම මුස්‌ලිම් ජාතිකයන් ඇමරිකාවෙන් පිටකරන්න. 2 ගූගල්, යූටියුබ්, ෆේස්බුක් නවත්වන්න. කොටින්ම කියනවනම් මයික්‍රොසොෆ්ට් වර්ජනය කරන්න 3.කේ.එෆ්.සී. , කොකාකෝලා, මැක්ඩොනල්ඩ් වර්ජනය කරන්න 4. ඇමරිකානු පරිගණක උපාංග වර්ජනය කරන්න. 5.පාන්පිටි වර්ජනය කරන්න. (නි)
නිදහස් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අරින්න, උසස්පෙළ ප්‍රතිපල වෙනුවෙන් පාරට බහිනවද.... (ස)
පාරට බහින අයව අල්ලල හිරේ දැම්මනම් හරි..(ස)
පොලිසියට මෙ දවස්වල අපල කාලයක් . එ හින්දා එවන්න නැතුව ඇති.....?(ස)
ඇයි නාමල් එහෙම කියන්නේ .පව් නේ..(ස)
අනේ පව්, දැන් ඇමෙරිකාව හොඳටම බයවෙලා ඇති (ස)
වෙන රටක් නිපදවපු චිත්‍රපටියකට විරුද්ධව පාරට බහින්න මිනිස්සු ඉන්න රටක, පුරාවස්තු මංකොල්ලය, ළමා අපචාර වගේ දූෂණ වලට විරුද්ධව පාරට බහින්න එක්කෙනෙක් හොයාගන්න නැති වෙච්ච එක ගැන කණගාටුයි. (නි)
ඒකට ලංකවේ උද්ඝෝශනය කරළ මොනව කරන්නද?මේක අපේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි නේ ? (ස)
වැසිආගම දහම තුල ලොකු හැදියාවකි ඇත්තේ ලොව සියලු දෙන ඒය වටහා ගත යුත්තේ (ස)
අපි ඩුබායි වල හිටියත් මුස්ලිම් අයගේ උද්‍ඝෝෂණයක් අපි නම් දැක්කේ නැහැ. (නි)
නමෝ බුද්ධාය ! ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාවේ අපට මේ ආකාරයට දේශනා කොට තිබෙනවා. පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඔබ ඉදිරියේ තථාගතයන් වහන්සේට හෝ තථාගත ධර්මයට නින්දා කළොත් එයට ඔබ කේන්ති ගන්න එපා. ද්වේෂය ඇති කරගන්න එපා. ද්වේෂය ඇති කර ගත්තොත් පිරිහෙන්නේ ඔබේ සිතයි. ඒ නිසා ඔවුනට මෙත් වඩන්න.ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වෛරයෙන් වෛරය සන්සිදෙන්නේ නැහැ කියලා. මෙත් සිත වැඩීමෙන්ම යි වෛරය සන්සිදෙන්නේ කියලා. ලෝකෙන් නින්දා අපහාස එල්ල වන විට එයට නොකිපී මෙත් වඩා සිත කුසලයෙන් රැක ගන්නා ආකාරය කියා දුන් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! (නි)
මේවා ඔක්කොම බයිලා තමයි. ඒ වීඩීයෝ එකේ තියෙන්නේ ඇත්තනේ. බොරු මවා පෑමක් නැහැ ඒකේ. ඒකේ තියෙන්න සෑබෑ ස්වරූපය ඔය පෙළපාළි යන ජාතියේ. ඔය වීඩීයෝ ටික මකන්න ඕනෑ නැහැ යූ ටියුබ් එකෙන්. මේ රටට විරුද්ධව එක එක ත්‍රස්තවාදියො, සුද්දො ඈගිල්ල දික් කරද්දි එකෙක් නැහැ පෙළපාළි යන්න. ඒත් දැන් කොහොමද? උන් මේ රටට ඇගිල්ල දික් කළේ අපේ වැරැද්දක් නෑතිව. ඒත් මේකට මෙයාලා පෙළපාළි ගියාට ඒකේ තියෙන්න 200% ඇත්ත. (නි)
හැමදාම ඔය කඩ වහලා තිබුණොත් තමයි හොද. (නි)
රට යන අත (ස)
මේවා අපි අදහන දර්ශනයට නම් විරුද්ධයි (නි)
විකාර උද්ඝෝෂණ වලින් ඇති පලේ කිම? සාමකාමීව යමක් කළ නොහැකිද? ඉස්ලාම් දහම සාමකාමී සහෝදරත්වයෙන් පිරි ආගමක්??? උසාවියට ගල් ගසා පොලිසියට ගල් ගසා මහපාරට හානි කිරීම....,?? මුස්ලිම් ආගම කියන්නේ මෙහෙම එකකටද?(ස)
ලංකාවේ ඕවා කරන්නේ නැතුව වෙන කොහේහරි ගිහින් කරගත්තා නම් නේද හොද? (නි)
මෙය රජයට හෝ ලංකාවට සම්බන්ධ පාර්ශවයකට විරුද්ධ උද්ඝෝෂණයක් නොවන නිසා පොලීසිය අවශ්‍ය වන්නේ නැති බව පෙනේ. මෙම උද්ඝෝෂණ දෙස වෙනත් කෝණයකින් නොබැලීමට කාරුණික වන ලෙස හිතවත් පාඨකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි. (නි)
ලංකාවේ ආර්ථිකය තවත් පහළට වැටෙනවා විතරයි. (නි)
කොච්චර හංගන්න හැදුවත් ඇත්ත එලියට එනවා. ඇත්ත තිත්තයි . දරාගන්න බෑ. ඉතින් මරා ගන්නවා.(ස)
අද මුළු ලෝකයම ඇමරිකාවට එරෙහි වෙලා තමයි....ඇමරිකාව බය වෙනවාමයි..(ස)
'INNOCENCE OF MUSLIMS' ෆිල්ම් එකේ වැරදි දේවල් නෑ නේ..(ස)
සෞදි අය කට වහන් ඉන්නවනම් ඇයි මේ ඔයාලා විතරක් ........(ස)
"මෙහි කැපී පෙණුනු තවත් ලක්ෂණයක් වූයේ පොලීසිය දක්නට නොලැබීමය." හැම උද්ඝෝෂනකටම විරුද්ධව උසාවි පවා යන පොලිසිය මේ මොකද අමුත්තක්? (ස)
මේකටත් සමහරු බුද්ධාගම සම්බන්ධ කරගන්න බලයි. අපිට අන්‍ය ආගම් ගැන දැනගන්න වුවමනාවක් නැහැ. (නි)
බලමු කොච්චර කල් මේවා කරයිද කියලා (නි)