ඇමෙරිකාවේ බොස්ටන් නුවර ථෙරවාදී විහාරයක් විවෘත විය. එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන විශේෂ ආරාධිතයා විය. නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය කුරුණෑගොඩ පියතිස්ස නා හිමි ඇතුළු ථෙරවාදි සම්ප‍්‍රදායේ භික්ෂුහු තිස් නමක් එම උත්සවයට වැඩම කළහ. අක්කර හතක වන අරණක මේ පන්සල පිහිටියේය. ආචාර්ය කොහොන හා හාර්වඞ් සරසවියේ මහාචාර්ය ක්වීන් එහිදී ප‍්‍රකාශ කළේ ඇමෙරිකා ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට් හා අනගාරික ධර්මපාල තුමන් ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදයේ පුරෝගාමීන් වූ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් රොහාන්, උඩ බලාගෙන කෙළ ගහගන්න එපා. මූණටමයි වැටෙන්නේ. (නි)
බුද්ධ ශාසනය යනු භෞතික දෙයක් නොව අධ්‍යාත්මික දෙයකි. එනිසා පන්සල් කොපමණ හැදුවද, මිනිසුන් තුළ ආගම ධර්මයට අධ්‍යාත්මික නැඹුරුවක් නැත්නම් බුද්ධ ශාසනය ව්‍යාප්ත කළ නොහැක. (නි)
ඉතා හොදයි. මෙය බුදු දහම ලොව පුරා පැතිරවීමට කරන ලද උතුම් කාර්යයකි. (නි)
සමන්, කියන දෙයක් තේරෙන්න කියන්න. අපිට ඔය කෙළින් කිවුවට තේරෙන්නේ නැහැ. (නි)
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් හාමුදුරුවරුන් නැති කමින් පන්සල් 600ක් පමණ වහලා දාලා. ඇත්ත තිත්ත වුවත් තිත්ත ඇත්ත මෙයයි. (නි)
හොදයි. නමුත් පන්සලක් ලෙස පෙනීමට එහි පිටත ව්‍යූහයවත් නිර්මාණය කළා නම් තමයි හොද. (නි)
සාදු ..සාදු..සැමට යහපතක් වේවා !!(ස)
දායක වූ සියලු දෙනාටත් පුවත් සැපයු තිස්ස මහතා ඇතුළු ලන්කාදීපයටත් බොහොම පින්!(ස)
නමෝ බුද්ධාය ! තුන් ලොව ජයගත් ගෞතම බුදුරජුන්ගේ උතුම් ශ්‍රි සද්ධර්මය දෙව්මිනිසුන්ගේ සසර දුක නිවමින් බොහෝ කල් ලොව පවතීවා ! (ස)
බුදු සසුන බැබලේවා......!(ස)
බුද්ධාගමට ගෞරවයක් නැති සමාජයක මෙවැනි දෙයක් සිද්ධ වීමම ලොකු සතුටක්. (නි)
අපේ හාමුදුරුවරුනුත් දැන් කාලයේ තාලයට වෙනස් වෙලා (නි)
සමන් රොහාන් කියන දේ පැහැදිලි මදි. හැබැයි අපේ පළාත් වල බෞද්ධ යයි කියාගත් සමහරු නම් පුද්ගලික නිවසක යාඥා කරමින් සිටි පිරිසකටත් ගල් ප්‍රහාර එල්ල කර තිබෙන පුවත් අපට අහන්නට ලැබී තියෙනවා. බෞද්ධ ප්‍රදේශ වල අන්‍යාගමික පිරිසක් පල්ලියක් හදන්න ගියොත් ලැබෙන්නේ සුහද පිළිගැනීමක් නෙවෙයි. හාමුදුරුවරු කොටසක් සිවුර උස්සාගෙන ලෝකෙටම බුදුදහම ගැන කළු චිත්‍රයක් මවා පෙන්වනවා. නොරටක මෙවැනි අන්‍යාගමික පරිසරයක් මැදට බෞද්ධ ආරාමයක් ගෙනයාමේදී අපේ අයට එවැන්නක් සිදු නොවීම ගැන සතුටුයි. මිනිසුන් යටකරමින් රේස් යන බස්වල පින්තාරු කර ඇති 'මේ බුදුන්ගේ දේශයයි' වැනි වැකිවලට සීමාවී බුදුදහම අපේ රටින් වියැකී යන වෙලාවේ ලෝකයේ කොහේ හෝ බුදුබණ ඇසෙන තැනක් පැවතීම සැනසිල්ලකි. (නි)
හරිම ලස්සනයි..මුළු ලෝකෙම බැබලුවා බුදු හිමියන්...(ස)
බුදු දහම ඉතා ඉක්මනින්න ලංකාවෙන් තුරන් වෙයි. නමුත් ලෝකෙ අනිත් රටවල් එය පිළිගනීවි..!!(නු)
මේ වගේ උතුම් පුවතක් අසද්දී ආර්ය මාර්ගයට පැමිණි ශ්‍රද්ධාවත් කෙනාට ඇති වෙන්නේ සතුටක්, ශ්‍රද්ධාව මුල්කරගත් සතුට පිනක් ලෙස හිතේ සකස් වෙනවා. නමුත් සාමාන්‍ය පෘතක්ජන කෙනාට මේ වගේ දෙයක් දැක්කත් එහෙම පින් උපදවගන්න හැකියාවක් නැහැ, එය එකට දක්ෂ නැහැ, එය ලොකු තර්ක ගොඩක් හදා ගන්නවා, එක එක ඇද කුද ගෙනහැර පාමින් අනෙක් අයගේ පැහැදීමටත් භාධා වෙන අයුරින් ඔහේ වචන ගලපමින් අදහස් දක්වනවා., මෙසේ අනෙකෙකුගේ පින අවහිර කරමින් මහත් වූ අකුසල් රැස්කරගෙන මරණින් මතු දුගතියේ යනවා. මෙතන සමහර අය ඔන්න ඔය ගොඩේ, බුද්ධිමත් අය මේවට හසු නොවී හිත පහදවා ගන්න, පින් රැස් කරගන්න. ඇමෙරිකාවේ වේගයෙන්ම ව්‍යාප්තවෙන ආගම බුදු දහමයි. මම වෙසෙන කැලිෆෝර්නියාවේ ලොසඇන්ජලෙස් නුවර පමණක් ලංකාවේ විහාරස්ථාන 9 ක් තිබෙනවා , පින්වත් මහා සංඝරත්නය 60 ක් පමණ වැඩ සිටිනවා. අපි නොකා නොබී හෝ මේ පන්සල් ටිකයි සංඝයා වහන්සේලායි රැක බලා ගන්නවා. සංසාරේ ගොහින් ස්වභාවිකව සංසාරේ අවබෝධ කරනවා කියල එකක් නෑ, ස්වාභාවිකව සංසාරේ ඔහේ ආවනේ මෙච්චර කල්, අපායේ නිරයේ වැටි වැටී, ඉදිරියටත් එහෙමමයි. සංසාරෙන් මිදීමට තමයි සම්බුද්ධ දේශනා අපිට අවශ්‍ය, සම්බුද්ධ සද්ධර්මයෙන් තමයි සත්වය එයින් මුදවන්නේ. ශ්‍රද්ධ, වීර්ය, සති, සමාධි, ප්‍රඥා නම් පංච බල ඉතා වීරියෙන් යුතුව දියුණු කර දස සංයෝජන ප්‍රහාණය කලවිට සසර ගමනට අවශ්‍ය ඉන්ධන නොමැතිව නවතිනවා. මේක උඩුගම් බලා යාමක්. ස්වාභාවිකවනම් වෙන්නේ නෑ. (ස)
ලලිත් කියනව වගේ පන්සලක පෙනුම තිබුණානම් තමයි වැඩේ වැදගත් (අ)
සාධු ! සාධු! සාධු! (නි)
ඔතනත් ත්‍රස්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න බැරිවෙලා හරි හිතාගෙන ඉන්නවනම්, ඔය පන්සල ඔතනදීම පාලුවට ඇරල දාන එක හොදයි. ඔන්න කෙළින්ම කිවුවා. (නි)
සමන් මොනවද ඔයා මේ කියන්නේ ?????(ස)
ලලිත් ඇතුළත සිදුවන්නේ යහපත් දෙයක් නම් පිට පෙනුම ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ (ස)
මනුෂ්‍යයාට මනුෂ්‍යයා විවිධාකාරයි.තේරුම් ගන්නේත් විවිධාකාරවයි. ඒ නිසා මම සංසාරය තේරුම් ගත් හැටියට නොවේ තව මනුෂ්‍යයෙක් සංසාරය තේරුම් ගන්නේ. ඒ නිසා සංසාරයේම ගිහිල්ලා තම තමන්ට තේරුම් යන හැටියට ස්වාභාවිකවම සංසාරය තේරුම් ගන්න. (නි)
දැන් කහ සිවුරත් ත්‍රස්ත්‍රවාදියට පාචිච්චි කරනවා. ඒ නිසා විත්‍රපටි වලට හාමුදුරුවරුන් ගාවගන්න එපා. මිත්‍යා දෘෂ්ටික ගුබ්බෑයම් වල පවත්වාගෙන ත්‍රස්තවාදය දැන් කහ සිවුරු අස්සේත්, ඒ වගේම සමහර පන්සල් අස්සේත් පවත්වාගෙන යනවා. කහසිවුරු ඇදගෙන පිණ්ඩපාත යන මුවාවෙන් දැන් දැන් සොරකමුත් කරනවා. මගේ ඇහැටම දැකලා තියෙනවා. ඒ නිසා සංඝයා වහන්සේලා විත්‍රපටි වලට ගාවා ගැනීමෙන් වළකින්න.පිණ්ඩපාතයේ වඩින සංඝයා වහන්සේ නමකටවත් දැන් කාලයේ පිණ්ඩපාතයේ වඩින්න බැහැ, පිණ්ඩපාතයේ වඩින සොරුන් හින්දා. (නි)