ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරෙී අද (02) සවස කැලණිය රාජ මහා විහාරස්ථානයට ගියේය.
විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියෝ සදාතුක කරඬුව හිස මත තබා ඔහුට ආශිර්වාද කළහ.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරෙී අද (02) සවස කැලණිය රාජ මහා විහාරස්ථානයට ගියේය.
විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියෝ සදාතුක කරඬුව හිස මත තබා ඔහුට ආශිර්වාද කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මහතා, උපතින් බෞද්ධ කියා කිසිවෙකු වෙන්කිරීමට බැහැ. බොහෝ අය සිටිනවා බෞද්ධ දර්ශනය ගැන පැහැදී එය ඉගෙන බෞද්ධ ධර්මය වැළඳගන්නා සහ උපතින් බෞධයන්ට වඩා බෞද්ධ දර්ශනය රකින ගරුකරන අය. අපේ රටේ උපතින් බෞද්ධයන් කරනා දේවල් දැක්කකම මේවා ඔබට නොවැටහිම පුදුමයක් (නි)
වේගයෙන් බුද්ධාගමට හැරෙන රටක් ඇමෙරිකාව. (නි)
ඉස්සර ජෝන් ඩොයිලිත් පන්සල් ගිහින් බණ දහම් පාලි පේලි ඉගෙනගෙන බුලත් විට හෙම කකා තමයි අපේ රටේ නායකයොයි හාමුදුරුවනුයි මුළා කරලා යුද්ධයෙන් ගන්න බැරි වුණු රට වංචනික ගිවිසුමකින් පික්පොකට් ගැහුවේ. මුන්දැගේ ගුණ කියන කට්ටිය තව පාරක් කැමැත්තෙන්ම රැවටෙන්න වගෙයි ලෑස්තිය. (නදී)
රුවන්, මේ හැසිරීමට යටින් තියෙන්නේ මොනවාද කියලා ඔබට වැටහෙන නිසයි නොපහන් බවක් දැනෙන්නේ. එහෙත් බටහිර රටවල් අප ලවා ඔවුන් කැමති කැමති පාට වලින් ලෝකය බලවනු පිණිස වරෙක බලහත්කාරයෙන්ද වරෙක ඊනියා පරිත්‍යාග ලෙසද අපට දුන් කණ්ණාඩි ලාගත් අපේ බොහෝ දෙනෙකුට ඔබ දකින සැබෑව නොපෙනෙයි. (නි)
රේණුකා, මෙයාට ඉතිං කුංකුනාවේ හාමුදුරුවෝ කියන විදියේ වස් කවි මිසක් හැම කවිම හරියන් නෑ. (නදී)
තවමත් හිටපු ජනපතිට කඩේ යන පිරිස අඩුවෙලා නැහැ වගේ. (ත)
ඉස්සර ජෝන් ඩොයිලිත් පන්සල් ගිහින් බණ දහම් පාලි පේලි ඉගෙනගෙන බුලත් විට හෙම කකා තමයි අපේ රටේ නායකයොයි හාමුදුරුවනුයි මුළා කරලා යුද්ධයෙන් ගන්න බැරි වුණු රට වංචනික ගිවිසුමකින් පික්පොකට් ගැහුවේ. මුන්දැගේ ගුණ කියන කට්ටිය තව පාරක් කැමැත්තෙන් ම රැවටෙන්න වගෙයි ලෑස්තිය. (බ)
මෙයාලට මොන ආශිර්වාදද?මේ රට කෙලෙසන පිරිසක්. (බ)
හොඳට වැඩ ටික කෙරීගෙන යන පාටක් පෙනෙනවා (නි)
මෙයාලටහොඳ කවියක් කියන්න කවුද ඉන්නේ. (බ)
බොරුවට මුහුණ පෙන්නුවාට වැඩක් තියෙනවාද? අපි දන්නවා මෙයාලගේ හැටි (නි)
මොහු බෞද්ධයෙක්ද? එසේ නම් පමණයි නේද සධාතුක කරඬුව හිස තබා මොහුට ආශිර්වාද කරන්නේ? (නි)
හෙට එළිවෙනකොට 'ජාත්‍යන්තර කුමන්ත්‍රණ මහත්තුරු' කියයිද දන්නෙ නැහැ කැලණි විහාරයේ මැණික් පුටුවත් ඇමෙරිකාවට ගෙනයන්න සාකච්ඡා කළා කියලා. (නි)
ඇමෙරිකාවේ අවුරුදු දෙතුන් සීයක් පැරණි පුරාවස්තු බලා ඉන්න කෙරී අවුරුදු දහස් ගණනක් පැරණි මේ දේවල් බලලා බයවෙලා වගෙයි පෙනෙන්නේ. (නි)
උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ!! (නි)
නිහතමානී මිනිස්සු ඕනෑම ආගමකට ගරුකරනවා. අපේ රටේ අයට හොඳ ආදර්ශ (නි)
මට නම් දැනෙන්නේ තරහක් මිස පහන් හැඟීමක් නම් නොවේ (නි)
මොනවා වුණත් අපි එයාලව ඕනෑවට වඩා විශ්වාස කරන්න අමාරුයි (නි)
බොහොම හොඳ කාර්යයක්. ලංකාවේ පන්සලකට ගිහිල්ලා බුදුදහම ගැන ඉගෙනගැනීම (නි)
රුවන්, මේක තමා කියන්නේ, උපතින් බෞද්ධ නොවුණට උගත් ඇමරිකානු මිනිස්සු හොඳ නරක ගැන අපේ රටේ මිනිසුන්ට වඩා හොඳට දැනුවත්. දහම් අවබෝධයට අවැසි නුවණ මේ රටවල අයට තිබෙනවා. පොතක් කියවා ලංකාවට වැඩකරන්න ආ සර් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් හොඳ උදාහරණයක්. (නි)
සම්පත්, ඔබ උපතින් බෞද්ධද? (නි)
සම්පත්, කුහකවෙන්න එපා. එහෙනම් අපේ රටේ නායකයන් තිරුපති වඳින්න යන්නේ. මේ මනුස්සයා කැළණි පන්සලට ගරුකරන්න ඇවිල්ලා ගියා. එච්චරයි. (නි)
මා දන්නා තරමින් බුදු දහම දර්ශනයක්.ඕනෑම අයෙකුට පන්සලකට ගොස් බුදුන් දැකගැනීමේ නිදහස ඇත.ඇතැම් අන්ධ බෞද්ධයන්ට වඩා අන්‍යාගමික අයට මේ දර්ශනය අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙන්නටද පුළුවන. (නි)
බටහිර රටවල් කොටි තහනම නිසා යුද්ධය ජය ගන්න ලේසි උනා. නමුත් අන්තිම මොහොතේ දේශපාලන විසඳුමකට යන්න කියල බලකළ එක ඇත්ත. එත් ලෝකයේ සෑම රටක්ම අපට විවිධ ලෙස උපකාර කලා. මේක අපි තේරුම් ගමු. (ර)
අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ බෞද්ධ දර්ශනය සිංහල මිනිසුන්ට විතරක් අයිති එකක් කියලා එක මෙතැන සමහර අදහස් වලින් පේනවා. ඇත්තටම බෞද්ධ දර්ශනය අයිති කොහේ හිටියත් බුද්දිමත් මිනිසුන්ට මිසක් නුගත් අයට නම් නොවේ. (ර)
සමස්තයක් වශයෙන් කවුරුත් අවිශ්වාස නොකරන එක වැදගත්. ඒත් එකක් මතක තියාගන්න. අපිට ඕනෑතරම් අත්දැකීම් තියනවා ඕනෑවට වඩා විශ්වාස කරලා වැඩ කළාම වෙනදේටත් (නි)