IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇමෙරිකා රාජ්‍ය ලේකම් කැලණි පුද බිමේ

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරෙී අද (02) සවස කැලණිය රාජ මහා විහාරස්ථානයට ගියේය.

විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියෝ සදාතුක කරඬුව හිස මත තබා ඔහුට ආශිර්වාද කළහ.

394

396

392

395 393  391



අදහස් (0)

ඇමෙරිකා රාජ්‍ය ලේකම් කැලණි පුද බිමේ

යහම්පත් Sunday, 03 May 2015 07:35 AM

සම්පත් මහතා, උපතින් බෞද්ධ කියා කිසිවෙකු වෙන්කිරීමට බැහැ. බොහෝ අය සිටිනවා බෞද්ධ දර්ශනය ගැන පැහැදී එය ඉගෙන බෞද්ධ ධර්මය වැළඳගන්නා සහ උපතින් බෞධයන්ට වඩා බෞද්ධ දර්ශනය රකින ගරුකරන අය. අපේ රටේ උපතින් බෞද්ධයන් කරනා දේවල් දැක්කකම මේවා ඔබට නොවැටහිම පුදුමයක් (නි)

:       0       0

පුබුදු Sunday, 03 May 2015 08:58 AM

වේගයෙන් බුද්ධාගමට හැරෙන රටක් ඇමෙරිකාව. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 06 May 2015 07:02 PM

ඉස්සර ජෝන් ඩොයිලිත් පන්සල් ගිහින් බණ දහම් පාලි පේලි ඉගෙනගෙන බුලත් විට හෙම කකා තමයි අපේ රටේ නායකයොයි හාමුදුරුවනුයි මුළා කරලා යුද්ධයෙන් ගන්න බැරි වුණු රට වංචනික ගිවිසුමකින් පික්පොකට් ගැහුවේ. මුන්දැගේ ගුණ කියන කට්ටිය තව පාරක් කැමැත්තෙන්ම රැවටෙන්න වගෙයි ලෑස්තිය. (නදී)

:       0       0

සුමුදු හේවා Tuesday, 05 May 2015 03:44 PM

රුවන්, මේ හැසිරීමට යටින් තියෙන්නේ මොනවාද කියලා ඔබට වැටහෙන නිසයි නොපහන් බවක් දැනෙන්නේ. එහෙත් බටහිර රටවල් අප ලවා ඔවුන් කැමති කැමති පාට වලින් ලෝකය බලවනු පිණිස වරෙක බලහත්කාරයෙන්ද වරෙක ඊනියා පරිත්‍යාග ලෙසද අපට දුන් කණ්ණාඩි ලාගත් අපේ බොහෝ දෙනෙකුට ඔබ දකින සැබෑව නොපෙනෙයි. (නි)

:       0       0

රිතක් රෝහිත් Wednesday, 06 May 2015 07:06 PM

රේණුකා, මෙයාට ඉතිං කුංකුනාවේ හාමුදුරුවෝ කියන විදියේ වස් කවි මිසක් හැම කවිම හරියන් නෑ. (නදී)

:       0       0

නලීන් Sunday, 03 May 2015 09:39 AM

තවමත් හිටපු ජනපතිට කඩේ යන පිරිස අඩුවෙලා නැහැ වගේ. (ත)

:       0       0

සුමුදු හේවා Thursday, 07 May 2015 03:53 PM

ඉස්සර ජෝන් ඩොයිලිත් පන්සල් ගිහින් බණ දහම් පාලි පේලි ඉගෙනගෙන බුලත් විට හෙම කකා තමයි අපේ රටේ නායකයොයි හාමුදුරුවනුයි මුළා කරලා යුද්ධයෙන් ගන්න බැරි වුණු රට වංචනික ගිවිසුමකින් පික්පොකට් ගැහුවේ. මුන්දැගේ ගුණ කියන කට්ටිය තව පාරක් කැමැත්තෙන් ම රැවටෙන්න වගෙයි ලෑස්තිය. (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 05 May 2015 11:01 AM

මෙයාලට මොන ආශිර්වාදද?මේ රට කෙලෙසන පිරිසක්. (බ)

:       0       0

ඉලේපෙරුම Saturday, 02 May 2015 02:46 PM

හොඳට වැඩ ටික කෙරීගෙන යන පාටක් පෙනෙනවා (නි)

:       0       0

රේණුකා Tuesday, 05 May 2015 11:03 AM

මෙයාලටහොඳ කවියක් කියන්න කවුද ඉන්නේ. (බ)

:       0       0

සුරේන් Saturday, 02 May 2015 02:47 PM

බොරුවට මුහුණ පෙන්නුවාට වැඩක් තියෙනවාද? අපි දන්නවා මෙයාලගේ හැටි (නි)

:       0       0

සම්පත් Saturday, 02 May 2015 03:18 PM

මොහු බෞද්ධයෙක්ද? එසේ නම් පමණයි නේද සධාතුක කරඬුව හිස තබා මොහුට ආශිර්වාද කරන්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 02 May 2015 03:37 PM

හෙට එළිවෙනකොට 'ජාත්‍යන්තර කුමන්ත්‍රණ මහත්තුරු' කියයිද දන්නෙ නැහැ කැලණි විහාරයේ මැණික් පුටුවත් ඇමෙරිකාවට ගෙනයන්න සාකච්ඡා කළා කියලා. (නි)

:       0       0

ලලිත් Saturday, 02 May 2015 03:59 PM

ඇමෙරිකාවේ අවුරුදු දෙතුන් සීයක් පැරණි පුරාවස්තු බලා ඉන්න කෙරී අවුරුදු දහස් ගණනක් පැරණි මේ දේවල් බලලා බයවෙලා වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

අනුර Saturday, 02 May 2015 05:09 PM

උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ!! (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 02 May 2015 05:59 PM

නිහතමානී මිනිස්සු ඕනෑම ආගමකට ගරුකරනවා. අපේ රටේ අයට හොඳ ආදර්ශ (නි)

:       0       0

රුවන් Saturday, 02 May 2015 06:25 PM

මට නම් දැනෙන්නේ තරහක් මිස පහන් හැඟීමක් නම් නොවේ (නි)

:       0       0

යමින්ත Saturday, 02 May 2015 10:14 PM

මොනවා වුණත් අපි එයාලව ඕනෑවට වඩා විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

රන්ජිත් Sunday, 03 May 2015 02:16 AM

බොහොම හොඳ කාර්යයක්. ලංකාවේ පන්සලකට ගිහිල්ලා බුදුදහම ගැන ඉගෙනගැනීම (නි)

:       0       0

සුදෙල්මි Sunday, 03 May 2015 02:22 AM

රුවන්, මේක තමා කියන්නේ, උපතින් බෞද්ධ නොවුණට උගත් ඇමරිකානු මිනිස්සු හොඳ නරක ගැන අපේ රටේ මිනිසුන්ට වඩා හොඳට දැනුවත්. දහම් අවබෝධයට අවැසි නුවණ මේ රටවල අයට තිබෙනවා. පොතක් කියවා ලංකාවට වැඩකරන්න ආ සර් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් හොඳ උදාහරණයක්. (නි)

:       0       0

අජන්ත Sunday, 03 May 2015 03:10 AM

සම්පත්, ඔබ උපතින් බෞද්ධද? (නි)

:       0       0

කනිෂ්ක Sunday, 03 May 2015 04:25 AM

සම්පත්, කුහකවෙන්න එපා. එහෙනම් අපේ රටේ නායකයන් තිරුපති වඳින්න යන්නේ. මේ මනුස්සයා කැළණි පන්සලට ගරුකරන්න ඇවිල්ලා ගියා. එච්චරයි. (නි)

:       0       0

සෑම් Sunday, 03 May 2015 04:59 AM

මා දන්නා තරමින් බුදු දහම දර්ශනයක්.ඕනෑම අයෙකුට පන්සලකට ගොස් බුදුන් දැකගැනීමේ නිදහස ඇත.ඇතැම් අන්ධ බෞද්ධයන්ට වඩා අන්‍යාගමික අයට මේ දර්ශනය අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙන්නටද පුළුවන. (නි)

:       0       0

ශාමිලා Sunday, 03 May 2015 05:14 AM

බටහිර රටවල් කොටි තහනම නිසා යුද්ධය ජය ගන්න ලේසි උනා. නමුත් අන්තිම මොහොතේ දේශපාලන විසඳුමකට යන්න කියල බලකළ එක ඇත්ත. එත් ලෝකයේ සෑම රටක්ම අපට විවිධ ලෙස උපකාර කලා. මේක අපි තේරුම් ගමු. (ර)

:       0       0

උපාලි Sunday, 03 May 2015 05:20 AM

අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ බෞද්ධ දර්ශනය සිංහල මිනිසුන්ට විතරක් අයිති එකක් කියලා එක මෙතැන සමහර අදහස් වලින් පේනවා. ඇත්තටම බෞද්ධ දර්ශනය අයිති කොහේ හිටියත් බුද්දිමත් මිනිසුන්ට මිසක් නුගත් අයට නම් නොවේ. (ර)

:       0       0

ජන හිත Sunday, 03 May 2015 05:56 AM

සමස්තයක් වශයෙන් කවුරුත් අවිශ්වාස නොකරන එක වැදගත්. ඒත් එකක් මතක තියාගන්න. අපිට ඕනෑතරම් අත්දැකීම් තියනවා ඕනෑවට වඩා විශ්වාස කරලා වැඩ කළාම වෙනදේටත් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site