මොළේ පිලිකාවක් හේතුවෙන් දෑස් අඳ දරුවකුගේ බලවත් ආශාවක් ඉටු කර දීමට ඇමරිකාවේ වොෂින්ටන් නුවර අසල පොලීසියක් ක‍්‍රියා කෙළේය. හැන්කොක් ස්ටීවන්හට (13) මිතුරන්ද නොමැත. පාසල් ඇරි නිවසට පැමිණි වෙලේ පටන් තම ඵකම ආශාව වන පොලිස් නිළධාරියෙකූ වීම පිලිබඳව ඔහු තම මවත් පියත් සමග නිතර නිතර කතා කරයි. රෝගි දරුවාගේ නොනිමි ආශාව කන වැටුණු ස්වෙචිඡා සංවිධානයක් ඵම නගරයේ පොලිස් ප‍්‍රධානින් සමග සාකච්ඡා කෙළේය. හනි හනිකට ඔහුට සරිලන පොලිස් නිල ඇඳුමක් සුදානමි කළ පොලිස් ප්‍රධානත්වයෙන් රෝගි දරුවාගේ ආශාව ඉටු කළහ. පොලිස් මුලස්ථානයට ගිය දරුවා පලපුරුදු පොලිස් නිළධාරින් පිරිසක් මැද ආධුනිකයෙක් විය. ඔවුන් පැය 12කටත් වැඩි කාලයක් ගත කරමින් පොලිස් රාජකාරිය පිලිබඳව කුඩා දරුවාට කියාදුන්හ. තම ජිවීතයේ තිබු ඵකම ආශාව ඉටු කරගත් දරුවා ගෙදර පැමිණ මහත් සතූටීන් කල් ගෙවයි.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පැමිණීල්ලක් දාන්න යන අයගෙන් බෝල්පොයින්ට් පෑන පවා ඉල්ලගන්න අපේ පොලිසිය.... (නි)
ඇත්තටම ලොකු පිනක් මේක, ලොකු ආදර්ශයක් හැමෝටම , දරුවන්ගේ අහිංසක සිතුවිලි දන්න මිනිස්සු හරි අඩුයි (ස)
බලන්න ඒ පොඩි දරුවගේ හිතේ තියෙන සතුට අපිට මූණෙන් පේනවා.. අනික පොලිස් නිළධාරින්ගේ කරුණාවන්ත බව.....හැමටම ආදර්ශයක්. රෝගියෙකුට කායික සුවයට වඩා මානසික සුවය බෙහෙවින් බලපානවා ,රෝගයක් සුව වීමට. මේ ළමයත් දැන් අසීමිත මානසික සුවයක් විදිනා ඇති. අපේ අයටත් හොද ආදර්ශයක්. (ස)
සිරි මොනවද මේ දොඩවන්නේ? සමහරවිට ලංකාවේ පොලිසියක කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
මේ පුවතෙන් කියවෙන්න රෝගී දරුවෙක්ගේ පැතුමක් ඉටු කරපු හැටි. පොලිසිය හෝ වෙනත් ආයතනයක් එකතු වී කරපු මේ අගනා ක්‍රියාව උතුම් ක්‍රියාවක්. මේ ක්‍රියාවට පොලිසියේ සහය ලැබුණා පමණි. එය ක්‍රියාවේ යෙදෙවුවේ පැතුම් ඉටු කරන ආයතනයකින්. මුළු ලෝකයේම මෙවැනි ආයතන තියෙනවා. අපේ රටේ නොතිබුණු මෙවැනි ආයතනයක් එක කාන්තාවක් මුල් වී පටන් අරන් තියෙනවා. ඇය පිටරට ජීවත්වන කෙනෙක්. අපේ දරුවෝ ගැන සිතපු මේ ශ්‍රී ලංකික කාන්තාව අපේ රටටත් මේ අගනා සේවාව ගෙනවිත් තියනවා. එත් මාධ්‍ය ඒවාට දෙන ප්‍රචාරය මදි. ක්‍රිකට් තරගයක් හෝ දේශපාලන අමනයෙක්ගේ ක්‍රියාවක් නම් ඕනෑ තරම් පත්තරවල, ටීවී වල දමාවි. අකාලේ මේ ලෝකයෙන් සමුගෙන යන පුංචි දරුවන්ගේ පැතුම් ඉටු කරන්න අපේ ලංකාවෙත් 'මගේ පැතුම පදනම' 2009 වසරේ පිහිටුවා නිශ්ශබ්දව වැඩ කටයුතු කරගෙන යනවා. මුළු ශ්‍රී ලාංකික ජනතාවම එකතු වී මෙම පදනමට හැකිතාක් උදවු කරමු. ඔවුන් ගැන සොයා ගන්න පුළුවන් (www.mywishfoundation.org or facebook/mywishfoundation). (නි)
මගේ ඇස්දෙකට කදුළු ආවා , දරුවා මෙයින්ම සුවය ලැබේවා! (නි)
නියම නිලදරුවෝ. (නි)
කොහේ වුණත් පොලිස්කාරයො නම් මට පෙන්නන්න බැහැ. (නි)
ඒකටත් එක්ක අපේ පොලිසිය. නේද? (නි)
අසින්ත මම ඔබ සමග එකඟයි , කවදාකහරි අපේ රටේ පොලීසියට මේ වගේ දෙයන් කරයිද කියලා බලාගෙන ඉමු (ස)
ඇත්තටම හරිම හොද වැඩක්. හැබැයි මෙහෙම දේක වටිනාකමක් දන්නේ නැති මිනිස්සු මේවා කියවලා දාන අදහස් නම් අන්තිමයි. (නි)
සිරි, ඔයා පුටුවල වාඩිවෙද්දී පරිස්සමින් වාඩිවෙන්න. මොළය තැළෙයි. (නි)
දෑසට කදුලු නැගෙන අනුවේදනීය පුවතක්. (නි)
ඇමරිකාවෙ පොලිසියට ලංකාවෙ පොලිසිය කිට්ටු කරන්නවත් බැහැ.. ලංකාවෙ පොලිසිය ඒ තරම්ම බලවත්.. මොනවටද දන්නවාද? ජරාවට..!(නු)
අපේ පැත්තේ පොලිසිය නම් කන්නත් දීලයි එවන්නේ. (නි)
කොහොමහරි පොලිසියට බනින්න පුළුවන් වුණා නම් අපේ මිනිස්සුන්ට ඊට වැඩිය දෙයක් නැහැ (නි)
අකලන්කගේ අදහස හරියටම හරි ,,, (ස)
අපෝ ලංකාවේ සමහර පොලීසි ළමයින්ට සලකපු අවස්ථා මෙහෙමද. ඒවා තමයි නියම රේකෝඩ්ස්. ළමයෙක්ම නොවුනත් කටුනායකදි,රත්මලානෙදි සලකපු සැලකිල්ල කොහොමද. (ස)
ලංකාවෙ සමහර පොලිසිවල ළමයි පැය දොළහක් තිබ්බොත් ඒ ළමයා රටේ තියෙන හැම නරක වචනයක්ම ඉගෙන ගනීවි..!(නු)
විශිෂ්ඨයි !! (ස)
මට අපේ වෙන්නප්පුව පොලිසිය මතක් උනා ඒකත් ඔයවගේම කරුනාවන්තයි.(ස)
සමහර විට දරුවා මේකෙන්ම සුවය ලබන්නත් ඉඩ තියෙනවා (ස)
ඇත්තටම අගය කල යුතු ක්‍රියාවක් (ස)
ඇයි අපේ රටෙත් පොලිස් නිලධාරීන් ජනතා සේවයට ඕනම වෙලාවක උදව් කරන්න සැදී පැහැදී ඉන්නවා..!(නු)
ලංකාවේ නම් ....බඩුම තමයි (ස).
ළමයාගේ ආසාව සන්සිදවීම ගැන සංතෝෂයි... සමහර විට දරැවා ඔයින්ම සුව වෙලා ඇති..!(නු)
උතුම් පින්කමක්, දරුවා සුවපත් වේවි (ස)
මේකත් එතරම් පුදුම විය යුතු පුවතක්ද? පොලීසිය, සහ තවත් කොපමණක් නම් ආයතන වල රාජකාරි කරණ (මොළේ) ලෙඩ දරුවන්ගෙ ගණණ බලන්න.(ස)
වෙනස් ආකල්ප වෙනස් ජීවිතයකට...!(නු)
අගය කළ යුතු වැඩක්.. (නු)
සිරි.. මේ පුතාව දාල තියෙන්නේ මිනිසුන්ව පුදුම කරන්න නෙමයි.. පුංචි දරුවෙකුගේ අහිංසක ආශාවක් ඉටුකරන්න ඔය වගේ අකාරුණික මිනිසුන් අතර ඉන්න උතුම් කරුණාවන්ත මිනිසුන් කොටසක් කරපු උතුම් දෙයක්... අපේ මිනිසුන්ටත් හොද ආදර්ශයක් කරගන්නයි.. ඔයාට පුදුම හිතෙන දේවල් බලන්න නෙමෙයි..!(නු)
මොනවා උනත් රෝගී දරුවෙකු සැනසවීම අගය කරනවා (ස)
දෑස අන්දයි කියලා නේද තියෙන්නේ , මගෙද මන්දා අන්දා !!!! (ස)
ලංකාවේ පොලීසියත් ඔය වගේ හොඳයි (ස)
ලෝකේ උතුම් මිනිසුන් ඉන්නවා කියන්නේ ඒකයි (ස)