(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විශ්‍රාමික ආදායම් බදු කොමසාරිවරයකුගේ බිරියක රෝගාතුර වී රෝහලට රැගෙන යාමට ආ සුවසැරිය ගිලන් රථයක හෙදියක රෝගි කතගේ ගෙළෙහි වූ ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සොරාගත් බව කියන සිද්ධියක් මිරිහාන පොලිසියෙන් වාර්තා වෙයි.
සැකකාරිය හෙළිකර ඇති තොරතුරු මත රන්මාලය ද සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුල්කෝට්ටේ පදිංචි 29 හැවිරිදි හෙදියකි.
නුගේගොඩ පදිංචි 73 හැවිරිදි විශ්‍රාමික ආදායම් බදු කොමසාරිස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
රෝගී කත සුවසැරිය ගිලන් රථයෙන් රැගෙන යාමට පෙර අලුතින් ඇඳුමක් අන්දවීමට ඇය සිටි කාමරයට ගිය අවස්ථාවේ මෙම රන්මාලය සොරාගෙන ඇති බවට අනාවණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුව වීරවරියක් ගේ රජ වැඩක් .කෝ වෘර්තිය සමිති මේවාට පාරට බහින්නේ නැද්ද
අපි හිතුවේ ඇමතිලා විතරයි මාල කඩන්නේ කියලා....
සුනාමි දවසේ මාල කැඩූ කෙනාගේ ලේ නෑයෙක්ද ?