නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ. ඒ ඒ අමාත්‍යවරු තම අමාත්‍යාංශයන්හි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරගෙන යන බවට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී පත්වීමේ ලිපියට අත්සන් තැබූහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
ජෝන් අමරතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
මංගල සමරවීර - විදේශ කටයුතු
කරු ජයසූරිය - බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
රවී කරුණානායක - මුදල්
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න - සෞඛ්‍ය
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ද එස්.ගුණවර්ධන - ඉඩම්
සජිත් ප්‍රේමදාස - නිවාස හා සමෘද්ධි
විජයදාස රාජපක්ෂ - අධිකරණ
ගයන්ත කරුණාතිලක - ජනමාධ්‍ය
නවීන් දිසානායක - සංචාරක
අර්ජුන රණතුංග - වරාය හා නාවික
රිෂාඩ් බදුයිදීන් - කර්මාන්ත හා වාණිජ
පලනි දිගම්බරන් - වතු සංවර්ධන
ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික
අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන
තලතා අතුකෝරළ - විදේශ රැකියා
ආර්.ඇම්.රංජිත් මද්දුමබණ්ඩාර - අභ්‍යන්තර ප්‍රවාහන
පී. හැරිසන් - සමාජසේවා හා සුබසාධන
චන්ද්‍රානි බණ්ඩාර - කාන්තා කටයුතු
රාජ්‍ය අමාත්‍යවරුන්
නන්දිමිත්‍ර ඒකනායක - සංස්කෘතික කලා කටයුතු
එස්. රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන
ෆයිසර් මුස්තාෆා - සිවිල් ගුවන් සේවා
පාලිත රංගේ බණ්ඩාර - විදුලි බල හා බල ශක්ති
දිලිප් වෙදආරච්චි - ධීවර
රෝසි සේනානායක - ළමා කටයුතු
රජීව විජේසිංහ - උසස් අධ්‍යාපන
රුවන් විජයවර්ධන - ආරක්ෂක
කරුපයියා වේලායුදන් - පේෂකර්ම
නිරෝෂන් පෙරේරා - තරුණ කටයුතු
නියෝජ්‍ය අමාත්‍යවරුන්
චම්පික ප්‍රේමදාස - සංවර්ධන හා කර්මාන්ත
හර්ෂ ද සිල්වා - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
එරාන් වික්‍රමරත්න - මහා මාර්ග
සුජීව සේනසිංහ - අධිකරණ
වසන්ත සේනානායක - සංචාරක
විජයකලා මහේෂ්වරන් - කාන්තා කටයුතු
අජිත් පී. පෙරේරා - විදේශ කටයුතු
අනෝමා ගමගේ - වාරිමාර්ග
දිවුරුම් දීමෙන් අනතුරුව සභාව අමතමින් බලය ශක්තිමත් වනුයේ බලය අත් හැරීමට ඇති සූදානම මත යැයිද නව අැමැති මණ්ඩලය අමතමින් ජනපති සිරිසේන මහතා කීවේය.
ඡායාරූප - ශාන්ත රත්නායක




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩා වලට කෙනෙක් නැද්ද? (නි)
සතුටුය් මෙතරම් අඩුකිරීම පිළිබඳව. ජයවේවා! (නි)
ක්‍රීඩා කටයුතු භාර ඇමතිවරයෙක්? (අ)
25 නම් පැන්නා නේද? (නි)
ෆොන්සෙකා මහත්තයාට මුකුත් නෑනේ.(හේ)
එක්කෙනෙක් ගැන තමයි මට නම් බයක් තියෙන්නේ... (නි)
ආරම්භය සුහ ලකුණු ,සතුටුයි මගේ ලංකා ,ජයවේවා!'(හේ)
කෝ සජිත් ? (නදී)
ෂා නියමයිනේ! (නි)
මොනවා හරි කරලා ජනදිපතිතුමනි, ගෙම්බෝ පනින අයට නීතියක් ගේන්න පුලුවන්නම් ඔබතුමා උතුම් පින්කමක් කරන්නේ. පනින අයට සමාවක් දෙන්නවත් අායෙමත් පක්ෂයට ගන්නවත් බැරිවෙන්න නීතියක් හදන්න. අතිගරු ජනාදිපති තුමනි මන් ඔබෙන් ඉල්ලන්නේ එපමණි. මේ පනින හැමෝගෙම තියෙන්නේ තමන්ගේ වාසිය මිසක් රටට වැඩක් කරන්න ජාතියට වැඩක් කරන්න උවමනාවක් නෙවේ (නදී)
මම පොළොන්නරුවේ.ඇත්තටම අපිට සතුටුයි. රජරටින් නායකයෙක් බිහිවීම ගැන. මිනිස්සුන්ට ඕනේ යහපාලනයක්, ජීවත් වීමට හොද ආර්ථික රටවක්, අපේ ජනාධිපතිතුමා දුප්පතුන්ගේ දුක අදුනන නායකයෙක්.ඔබට චිරන් ජයතු.(හේ)
රාජ්‍ය අමාත්‍ය ධූර කියන්නේ මොකද්ද?.(හේ)
බොහොම සතුටුයි (නි)
ෆොන්සේකා මහත්තයට මොකුත් නැද්ද (නදී)
චිරං ජයතු අභිනව ජනාධිපතිතුමනි! අප සැමදා ඔබ සමඟයි (නි)
ඔවු ඔවු. මටත් මතක 25යි කියලා කිවුවා කියලා තමයි (නි)
ගණන වැරදිලාවත්ද මන්දා? 25යි කියලා කිවුවා වගෙයි මට නම් මතක (නි)
ඔක්කොම 25යි කියලා මුලින් කිවුවා නේද? (නි)
බලන්න කොච්චර හොඳද? (නි)
ජයවේවා! (නි)
කවුුරු මොනවා කිවුවත් අපි නම් සතුටුයි (නි)
ජනතාව මොවුන් ගැන තමන්ගේ අදහස් නොබෝ දිනකින්ම ප්‍රකාශ කරාවි (නි)
25ක් නෙවෙයි 30 කට වඩා අඩුයි කියලයි කිව්වේ. පටලවා ගන්න එපා. 25 ක් කියලා කියලා තිබුනේ විවිධ මාධ්‍ය මගින් නිල නොවන තොරතුරු. ඔයාල කාට ඡන්දෙ දුන්නත් කමක් නෑ. අපි හැමෝටම අවශ්‍ය රටේ යහපත නේද. හිටපු ජනාදිපති තුමා 100 කට වැඩි කැබිනට් එකක් පත් කරනකොට ඔයාල ඒවා විවේචනය නොකළේ මොකද. දැන් ඔයාලට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒ ගාන 80 කින් විතර අඩු වුන එකද? හැම දේ දිහාම මධ්‍යස්තව බලන්න පුරුදු වෙන්න. හොද දේට හොදයි කියන්න. නරක දේට නරකයි කියන්න. එහෙම නැතිව පක්ෂග්‍රාහී වෙලා කවදාවත් රටක් හදන්න උදවු වෙන්න බෑ. (නදී)
එන්න කලින්ම කියපුවාත් කිවුවේ නැහැ කියලා සමහරු කිවුවනේ. ඉතින් ඇමති මණ්ඩලය 25 යි කියලා කියන්නත් නැතුව ඇති (නි)