ඇමති රිෂාඩ් බදුයුදීන් කුරුඳුවත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනූව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පාහියංගල ආනන්ද සාගර හිමියන්ගෙන් පොලීසිය අද ප්‍රශ්න කළේය.
මන්නාරමේ අවතැන් වූ ජනතාව පදිංචි කිරීමේ වැඩසටහනට විරෝධය පළ කරමින් ජාතිවාදය අවුස්සමින් ජාතික භික්ෂු සංවිධානය සහ පරිසර සංවිධාන කිහිපයක් කොළඹදී පසුගිය සෙනසුරාදා පැවැතු වූ උද්ඝෝෂණයෙන් තමන්ට අපහාසයක් වූ බව ඇමතිවරයා පොලීසියට පැමිණිලි කර තිබුණි. ආනන්ද සාගර හිමියන් කියා සිටියේ පැයකට අධික කාලයක් පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගත් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන විනාශයට විරුද්ධ වෙන එක වැරදිද? (නි)
කණගාටු නොවන්න,උදහස් නොවන්න. මේ දේශපාලන ක්‍රමය තුළ කවුරු බලයේ සිටියත් සිංහල අයිතිය, බෞද්ධ අයිතිය ඇත්තේ පහළම තැනය. ජාතික වන විනාශයක් ගැන කතාකළ ගරු ස්වාමින් වහන්සේට විරුද්ධව නීතිය හරියටම ක්‍රියාත්මක වේවි. මහා ලොකු බෞද්ධයන් මේවාට මර නින්දේ. අපි වැනි දුප්පතුන්, අහිංසකයන් තමයි විරුද්ධව කතාකරන්නේ. කුමක් කරන්නද? (නි)
"නීතිය සැමට පොදුයි" කියල කොමෙන්ට් දාන අය විල්පත්තුව ගැන නිශ්ශබ්ද ඇයි (කෞ)
මෙය බරපතල තත්වයකි. එළිපිට සිදුවන වන විනාශය හමුවේ ජනපති නියෝගද නොතකන ඇමතිවරයෙකුගේ ක්‍රියාකලාපය කඩිනමින් පාලනය කිරීමකට ලක් නොවුනොත් එය මුල් වන්නේ නොනිදා අවධියෙන් සිටින හික්මුණු ජාතියකට කෙනෙහෙලිකම් හමුවේ ඔවුන් මහා අරගලයකට කැදවීමක් විය හැකිය. (කෞ)
වන විනාශයට අපි කවුරුත් එක්වියයුතුයි. මේ රටත් මුළු මහ වනයත් මුළු රටේ මහජනතාවටම අයිති දෙයක් මිස දේශපාලකයින්ට අයිති දෙයක් නොවේ. අපි සියලු දෙනා මේ සඳහා එකට අත්වැල් බැඳගතයුතු වේලාවකි (බ)
අවතැන් වෙලා ඉන්න එයාලගේ අය විතරක් නෙවෙයි. ඔය පළාත් වලින් කොළඹට ආපු සිංහල අයත් ඉන්නවා. මේක ප්‍රෝඩාවක්. ඒක ගමක් නෙවෙයි. (බ)
පරිසර ඇමති ඇතුළු ඇමති මණ්ඩලය හැර අනෙක් අයගේ ඇසට පමණි මේවා පෙනෙන්නේ එ්කනේ සිංහලයාගේ කරුමේ .....(බ)
පොඩි මිනිහෙක් කැලෙන් දර කෑල්ලක් ගෙනිච්චොත් ඒකට නීතිය අකුරටම.ඇමති කෙනෙක් ලොරි ගානක් ගෙනිච්චත් පරිසරයට වෙන හානිය ඉදිරියේ බලධාරින් අන්දයි.(ම)
හාමුදුරුවරුන්ට, ඇමතිවරුන්ගේ දෙපා නමදින්න වෙන කාලය වැඩි ඈතක නැහැ කියලයි මට හිතෙන්නේ. බෞද්ධ අපි පෙළගැසෙන්න ඕනෑ දේශපාලකයන්ගෙන් ශාසනය බේරාගන්නයි. (නි)
මෙහෙම ගියොත් ඉදිරියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)