මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ වත්මන් ආණ්ඩුවෙන් කිසිදු ඇමැති ධූරයක් ලබා නොගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකකලනාදන් වව්නියාව ප්ලොට් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
දින 100 වැඩපිළිවෙළ දෙස උනන්දුවෙන් බලා සිටින බවද කී ඔහු යුද්ධය හේතුවෙන් විපතටපත් වැසියන්ට ලැබිය යුතු පහසුකම් හා යුද්ධයෙන් පසුව නැවත පදිංචි වැසියන්ට නොලැබුණු ඉඩම් යළි ලබාදීම මෙන්ම ස්ථිර නිවාස ලබාදීම ගැනද ජනපති හා සාකච්ඡා කළ බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ගිවිසුමක් හෝ ඉල්ලීමක් නොමැතිව සහයෝගය දෙනවා කිව්වට ඔය එළියට එන්නේ ටික ටික! පළමු ඉල්ලීම නම් හරි. දැන් අනිත් ටික. අවසාන ඉල්ලීමත් ඉටුවෙවිද දන්නේනැහැ? පවු දෙවියනේ අපි. (නි)
ඉඳල ඉඳල එකපාරටම අපිට අපේ කෑල්ල ඕනේ කියල නම් කියන්න එපා. අපි හැමදාම සමගියෙන් ඉමු (බ)
මෙවැනි සාකච්ඡාවලට රජයෙන් 10 කු ගෙන් යුතු කොමිටියක් සහබාගි විය උතුයි. (ර)
අන්න හරි පොඩ්ඩක් ඉවසලා බලන් ඉන්න රට යන අත දිහා ඊට පස්සේ පුළුවන් ඇමතිකම් ගන්න. (අ)
මේ ඊයේ පෙරෙයිදා දෙමළ සන්ධානයත් එක්ක කළ පොරොන්දු ඉටුකිරීම සඳහා වූ සාකච්ඡාවේ පළමු ප්‍රතිඵලය තමයි ආණ්ඩුකාරවරයා ඉවත් කිරීම. දෙක , තුන මොනවා වෙයිද කියලත් අපිට හිතාගන්න පුලුවන්.... සියල්ලන්ට පිවිතුරු හෙටක්! (නි)
මේ ඊයේ පෙරෙයිදා දෙමළ සන්ධානයත් එක්ක කළ පොරොන්දු ඉටුකිරීම සඳහා වූ සාකච්ඡාවේ පළමු ප්‍රතිඵලය තමයි ආණ්ඩුකාරවරයා ඉවත් කිරීම. දෙක , තුන මොනවා වෙයිද කියලත් අපිට හිතාගන්න පුලුවන්.... සියල්ලන්ට පිවිතුරු හෙටක්! (අ)
ඔවුන් අහිංසක මිනිසුන්, දකුණ ඉන්නා අපිට ලැබෙන සියල්ල ඔවුන්ට දිය යුතුය, ඒකට තමයි අපි ඡන්දෙ දුන්නේ(අ)
පරිමේ,දකුණේ ඉන්න අයට ලැබුනු, උතුරට නොලැබුනු දෑ මොනවද? (නි)
තුනෙන් දෙක දෙන්ඩ දින 100 තුළ හමුදාව ඉවත් කළ යුතුද? (බ)
සුමිත්, පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඔන්න දැන් ටික ටික එළිවෙනවා (නි)
එතකොට උතුරෙන් නැගෙනහිරින් එලවපු, සත්තු වගේ මරල දාපු සිංහල මුස්ලිම් වැසියන්ගේ ඉඩකඩම් ගේ දොර ගැන මොකද කියන්නේ. එකත් දින 100 යෙන් පස්සෙද.? (බ)
අනේ! එහෙම කියන්න එපා.ඇමතිකම් ගන්න පුළුවන් නම් ගන්න. හැබැයි ඊළම නම් ඉල්ලන්න එපා අපෙන්. (නි)
ගිවිසුමේ කරුණු පහ අතර ඇමතිකම් තිබුනේ නැහැ නේද? පළවෙනි එක කළා. ආණ්ඩුකාරයා ඉවත් කළා. ඉතුරු හතර කරනතුරුයි මම නම් බලා ඉන්නේ. (නි)