මනම්පිටිය ජල ගැනීම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වනජීවි කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළ වලට හානි සිදුකර වටිනා පිලි ලේඛන ඇතුලත් යකඩ අල්මාරි ආදියට ගිනිතබා හානි සිදු කිරීම සහ වනජීවි නිලධාරීන්ට පහරදී මැර තර්ජනය කලැයි ප්‍රධාන සැකකරුවකු වන පොළොන්නරුව ලඬ උයනේ පදිංචි පල්ලෙවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත හෙවත් වැලිරාජු මේ මස 30 දා තෙක් රිමාන්ඩ් කරන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය.ඔහු ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරියෙකි පසුගිය 5 වැනිදා රාත්‍රී ඔහු ඇතුළු කණ්ඩායමක් වනජීවි කාර්යාලටය ඇතුළුවී එහි දේපොළවලට ගිනිතබා හානි කිරීම සහ මහවැලි ගෙඟ් නීති විරෝධී ලෙස වැලි ගොඩදැමීම පිළිබඳ වැටලීමක් කිරීමට ගිය වනජීවි නිලධාරීන්ට පහරදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මොහු අවශ්‍යව සිටිබව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එයාව හිරේ දැම්මෙ එයාලාගෙනෙ මේ රට (ස)
මෙයාලට ගිය රට (ස)
පුදුමයි පොලිසිය මේ වගේ දෙයක් හරි කල එක.. හැබැයි අවසානෙදි වනජීවී එකේ අය වැරදි කාරයො වෙයි.. ඒක තමයි ලංකාවෙ දේශපාලනය.. මහවැලි ගගේ වැලි ගොඩ දාන එකේදි කාර්ය තියෙන්නේ ඔයා කියන ඇමතිගෙ මල්ලිට තමයි.. (නු)
මෙයාලත් අර දුටුගැමුණුගේ පරම්පාරාවේ අය දන්නේ නෑ (අ)
නිතියනම් නිතිය
අයියාගේ හයිය (අ)
අනේ කාලේ වනේ වාසේ! (නි)
ඇමතිතුමා නම් කියන්නේ අත් පිරිසිදුයි කියලා නේද? (නි)
අයියෝ අයියා (අ)
අයියෝ සල්ලි
දැඩි දඩුවම් දෙන්න මොහුට (නි)
දැන් මෙයාලා හරි චණ්ඩිනේ (නි)
හෙට උදේට ඇමතුමක් එයි.. මෙයාලා නිදහස් වෙයි...!(නු)
අපෝයි! (නි)
වැලි රාජු, වලි රාජු වෙලා වගෙයි (නි)
වැලි රජු..!(නු)
වනජීවී එකේ අය කියයිද දන්නේ නැහැ, ඇමතිතුමාගේ මල්ලී නෙමෙයි, ඒ වගේ වෙන එක්කෙනෙක් හිටියේ කියලා. (නි)
හෙට උදේ වෙද්දී වනජීවී කාර්ය මණ්ඩලය හිරේ ගිහින් ඇමති සහෝදරයා එළියේ ඉදීවි. (නි)
මට මතක නැහැ..!(නු)
හෙට අළුත් ආරංචියක් ලැබෙන්නත් පුළුවන් (නි)
මෙයාව කැලණියේ කාටහරි බාර දුන්නා නම් හරි ගස් බඳින්න කියලා. (නි)
ඔන්න වැඩේ. පුලුවන් නම් දඩුවම් දීලා පෙන්නන්න. (නි)
දේශපාලක මැරයෝ ඔක්කෝටම රිදන්න මතක හිටින පාඩමක් දෙන්න ඕනේ.(නදී)
මොහුට නැවත දේශපාලනය කරන්න ඉඩදෙමුද? (නි)
මොකුත් වෙලා නැහැ. මල්ලි හෙට ගෙදර.(නදී)
නීතිය නියමයි....... (නි)
නිතිය නියමයි....... (ස)
මොකක්ද දැන් මෙතන ප්‍රශ්නේ? (නි)
මෛත්‍රිපාල කොතරම් ලස්සන නමක්ද නේද? ඒකටත් එක්ක වැලිරාජු? මාර නමක්නේ? (නි)
දැන් අපිට ඕවා අහලා අහලා පුරුදුයි (නි)
ඔතලා දුන්නු එක නෙමෙයි ලෙහලා බලද්දි (ස)
අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා... ඒ කියන්නේ මහා කකුළුවො කෙලින් අතට ගමන් කරනවා.. නේ.. නේ..!(නු)
උසාවියෙදි වනජීවී එක කියයිද දන්නෙ නැහැ එහෙම දෙයක් උනේ නැහැ ඒක බය නිසා කියපු දෙයක් කියලා..(නු)
ඔයා ගැන අහවලා බලාගනිවි (නි)
උපරිම දඩුවම් දියයුතුයි. (නි)
වැලි රාජුටත් වැරදුනා එහෙනම්? (නි)
මේ සියලු දේවල් වලට වග කිවයුතු එක්කෙනෙක් ඉන්නවා. (නි)
ඇමති සහෝදරයා නෙවෙයි ගිනිතියලා තියෙන්නේ. වනජීවී කාර්යාලයේ අයම ගිනිතියාගෙන. කට්ටිය හෙට අනිද්දට දිවුරුම් පෙත්සමකින් ඒ බව කියයි. (නි)
ඒ වුණාට බලන්නකෝ නම! (නි)
අපරාදෙ! හොඳ අහ අහා හිටිය අයියාව නැති කෙරුවා. (නි)
මොකද මේ අපේ වැලි රාජුට අරියාදු කරන්නේ? (නි)
පොලිසියට කම්පනය හැදේවි. (නි)
අපි අපිම ගිනි තියාගත්තා කියලා කියයිද දන්නෙ නැහැ (නි)
ඔය එක මල්ලි කෙනෙක්නෙ වැඩනේ. (නි)
නියාමයි (දී)
එයාලට අමතක වුණොත් මොකද කරන්නේ? (නි)
අපි දෙන්නා සන්තෝෂෙන් ඉන්නේ.... අයියා මල්ලී වාගේ... (නි)
මොහුට විරුද්ධව විනය පරීක්ෂණයක් තැබිය යුතුයි (නි)
යුධ හමුදා කර්නල්ට වුණ දේම මේ නිලධාරින්ටත් වේවි. වැලි රාජු සම්පුර්ණයෙන්ම නිදොස් වේවි. මේකත් එක් සිදුවිමක් විතරයි. අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල එක වෑයමක් කියලා ඇමතිවරු ජනතාවට ඇත්ත පැහැදිලි කරලා දෙයි..... (නි)
අපරාදේ පොලිසියට භාර දුන්නේ? (නි)
අපි බලමු ඇමති සහෝදරයා කොහොමද මේ සම්බන්ධව ක්‍රියා කරන්නේ කියලා , ඒකත් ආශ්චර්‍යක්ද කියලා (ස)
ඇයි ඒ වැලි රාජු කියන්නේ? (නි)
පේනවානේ ඇමතිතුමාගේ කට්ටියගෙ තරම... කට්ටිය හිතා ඉන්නේ සැප වාහන වල ගියාම සුදු ෂර්ට් එක ඇන්දම එයාලා හරි වැදගත් ඒ වගේම උගත් ගරු ගාම්භීර අය කියලා. අනේ අපේ රටට ගිය කළ..!(නු)
හැබැයි සහෝදරයාට ප්‍රශ්නේ විසදගන්න දෙන්න (දී)
අයියෝ සිරිසේන! (නි)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
එක බඩවැල කඩාගෙන ආපු අර ගිරවු දෙන්නගේ කතාව මට මතක් වුණා (නි)
ඔය ඇමතිලාගේ වැඩ ගැන වගකියන්න ඕනෑ ලොක්කෙක් කොහේ හරි ඇතිනෙ. ඒ ලොක්කා මේ වගේ දේවල් ගැන මොනවද දන්නෙ නැහැ කියන්නෙ? අනිත් අතට එයා මොනව කරන්නද “මල්ලිලාගෙ“ වැඩ කිඩ ගැන. (නි)
ඉතාම සරළ ගැටලුවක්නේ.. ඕවත් වැඩද?(නු)
වනජීවි එකෙන් කියයිද දන්නෙ නැහැ එයාලම ගහගත්තා කියලා (නි)
එහෙනම් දඩුවම් දෙයි.. (නු)
වැලි රාජු නෙමෙයි වලි රජෙක් වගෙයි. (නි)
අයියනම් කතා කරන්නෙ කිරි කොකෙක් වගේ.. බලාගෙන ගියාම එයත් කණ කොකෙක්නෙ..!(නු)
නමින්ම වැඩ පේනවා අපිට. (නි)
නිළධාරීන් දුවද්දී වැටිලා තුවාල වෙලා ඇති (නි)
ඔය ජරාවැඩ කරන ඇමතිලා ටිකකුත් ඉන්නවානේ.. ඒ අයවත් රිමාන්ඩ් කරන්න.. නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා කියලා කියන්න පුළුවං..!(නු)
මොන ජාතියක කෙනෙක්ද මන්දා? (නි)
පවු නේද? (නි)
වනජීවී එකේ අය කියයි කම්පනය නිසා "වැලි රාජුගේ " නම කිව්වේ කියලා (ස)
තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි (දී)
මේ එලියට එන්නේ ඡන්ද ප්‍රතිඵල...
ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. (නි)
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..!(නු)
අපරාදෙනෙ එවේලෙම වැලි යට හංගන්නනෙ තිබ්බෙ? (නු)
වැරදි නම් දඩුවම් දිය යුතුමයි (දී)
මෙන්න මේක තමයි මහත්වරුන්ගේ දේශපාලනය කියන්නේ. (නි)
වැලි රජු නමින්ම තේරෙනවා චන්ඩියෙක් කියලා..!(නු)
ඇයි ගෙවන වාට්ටුවකවත් නැවැත්තුවේ නැත්තේ? පවු නැද්ද? (නි)
අර කෝටි ගනන් අහිංසකයන්ගේ හාල් විලන් ගසා කන අනිත් මල්ල කොහෙද ඉන්නේ කියලත් හොයන්න.(නදී)
ඇමතිතුමා තාම මොනවත් කියලා නැද්ද මේ ගැන (ස)
සහෝදරයටත් විසුමක් වෙන්නෙ නැහැ මෙයා නිසා.. හිතන්න ඇති මහා ලොකු වැඩක් කළයි කියලා.. බුවල්ලෙන් තලන්න ඕන... (නු)
ඕකනම් වනජීවි එකේම වැඩක්.බලන්න බොරුනම්.පව් වැලි රාජු. (ස)
සිරිසේන නම් කියයි. මේ සහෝදරයව අපි අතඇරලා ඉන්නේ. එයා මගේ ඡන්දෙට පෝස්ටර් එකක් වත් ගැහුවේ නැහැ. පොලිසිය හරියට නීතිය කරයි කියලා.(නදී)