උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේදී පළාත් හා පළාත් පාලන ඇමති එ.එල්.එම් අතාඋල්ලා මහතාගේ නිල රියේ හැපුණු නව අවුරුදු පාසල් සිසුවෙක් රෝහල් ගතකරනු ලැබීය.
උතුරුමැද මහ ඇමැතිට ආරක්ෂාව සලසමින් ගිය ආරක්ෂක නිලධරයන්ගේ වාහනයට එප්පාවෙල ඉහළ සියඹාලාවේ 16 කණුව අසලදී යතුරු පැදි කරුවකු මිය යෑමත් සමග එප්පාවල වැසියෝ පාර වසා සාධාරණ පරීකෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. මියගියේ මහින්ද දිසානායක (51) මහතාය.
කැබිතිගොල්ලෑව හීරලුගමදී අතාවුල්ලා මහතාගේ රියේ හැපුණු තරිඳු ලක්මාල් සිසුවා අනුරාධපුර රෝහලේදී හදිසි ශල්‍ය කර්මයකට ලක් කරනු ලැබීය. රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd