උතුරුමැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට ආරක්ෂාව සැලසූ රියක හැපී එප්පාවලදී යතුරුපැදි කරුවකු මියගිය අතර කැබිතිගොල්ලෑවේදී පළාත් හා පළාත් පාලන ඇමති එ.එල්.එම් අතාඋල්ලා මහතාගේ නිල රියේ හැපුණු නව අවුරුදු පාසල් සිසුවෙක් රෝහල් ගතකරනු ලැබීය.
උතුරුමැද මහ ඇමැතිට ආරක්ෂාව සලසමින් ගිය ආරක්ෂක නිලධරයන්ගේ වාහනයට එප්පාවෙල ඉහළ සියඹාලාවේ 16 කණුව අසලදී යතුරු පැදි කරුවකු මිය යෑමත් සමග එප්පාවල වැසියෝ පාර වසා සාධාරණ පරීකෂණයක් ඉල්ලා උද්ඝෝෂණයක් ඇරැඹූහ. මියගියේ මහින්ද දිසානායක (51) මහතාය.
කැබිතිගොල්ලෑව හීරලුගමදී අතාවුල්ලා මහතාගේ රියේ හැපුණු තරිඳු ලක්මාල් සිසුවා අනුරාධපුර රෝහලේදී හදිසි ශල්‍ය කර්මයකට ලක් කරනු ලැබීය. රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන ලැබ ඇත.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමැති රියට අපළ දෙකයි