(ශානුක අරවින්ද)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට දැන් කල් එළඹ ඇති බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ සහ වංචා පිළිබඳ හෙළිදරවු කිරීම සඳහා මාදිවෙල සිය මන්ත්‍රී නිල නිවාසයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ රාමනායක මහතා කිරි බෝතලයක්ද උදාහරණයට ගනිමින් මෙසේ පැවසීය.
“මේ කිරි බෝතලේ ගත්තත් මේකට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. මේකට විතරක් නෙමෙයි හැමදේකටම කල් ඉකුත්වීමේ දිනයක් කියලා එකක් තියෙනවා. ඒ දිනයට කළින් පරිහරණය කරන්න කියලා. රංජන් රාමනායකටත් ඒක තියෙනවා.”
“ඒක විජය කුමාරතුංග මහත්මයට තිබුණා. නෙල්සන් මැන්ඩෙලා මහත්මයට තිබුණා. ලී ක්වාන් යූ මහත්මයා සමුගත්තා. පිදෙල් කස්ත්‍රෝ මහත්මයා අන්තිමේදී සමු අරන් තමන්ගේ සහෝදරයෙකුට දුන්නා.”
“මම ක්‍රිකට් වලින්ම ගන්නම්කෝ, අපි අපේ අගමැතිවරයට බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ඒ කියන්නේ ගොඩක් සැරයක් පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. දැන් අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑනෙ. උපකල්පනය කරන්න බෑනේ.”
“අපිට විතරක් නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න, නවීන් දිසානායක මහත්මයටත් අවස්ථාවක් දෙන්න. හැම වෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද.”
“එහෙම කරන එක වැරදීනේ. අනිත් අයටත් බැට් කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනේ. එත් එතුමා කියන්නේ මම අවුට් නෑ, මට අයෙත් බැට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒක හොඳ මදි. එතුමා කියන්න ඕනේ රංජන් දැන් ඔයා බැට් කරන්න, මම බෝල් කරන්නම් කියලා. අවස්ථාවක් දුන්නොත් ඉදිරියෙදි සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙයි. අපේ පක්ෂෙත් සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා.”
“එතුමට අපි බැට් කරන්න අවස්ථාව දුන්නා 2002 දි. එතුමා එදා නම් සෙන්චරියක් ගහලා ආණ්ඩුව ගත්තා. ඊට පස්සෙ 2004 එතුමා අවුට් වුණා. ඊට පස්සේ 2010 දි අපි පිතිකරුවෙක් ආනයනය කළා. 2015 දි අපි තවත් පිතිකරුවෙක් ආනනයනය කළා. සරත් ෆොන්සේකා මහත්තයවයි, මෛත්‍රීපාල සිරිසේන මහත්තයවයි ආනනයනය තමයි කළේ. ආනනයනය කරලා අපි පසුපෙළ පිතිකරුවො හැටියට ක්‍රීඩා කළා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවර්ධන ජනාධිපතිතුමා පක්ෂෙට හොඳ බැට්මන්ලා කිහිපදෙනෙකු හදා දීලා තිබුනේ නමුත් අවාසනාවකට කොටි ප්‍රහාර නිසා මාස කිහිපය තුලදී ඔක්කොම දැවී ගියා. ඊට පස්සේ රනිල්ව පිටියට එව්වා නෛට්වොච්මන්.. (රෑමුරකරු විදිහට) ඔහු එච්චර දක්ෂ පිතිකරුවෙක් නොවේ. නමුත් හොඳ දඟ පන්දු යවන්නෙක්... මෙච්චර කල් ඔහු ලකුණු නොගැහුවත් ඔහුගේ විකට්ටුව ආරක්ෂාකරගෙන ඉන්නවා. අනිත් අන්තයට හොඳ පිතිකරුවෙක් අාවොත් ඔහුව තනියම රන් අවුට් කරගන්න බැරිනම් ප්‍රතිවාදී පිල සමග එකතුවෙලා හරි අවුට් කරලා දමනවා. ප්‍රතිවාදී පිලේ නායකයත් ඔහු පිටියේ ඉන්නවට කැමතියි... මොකද ඔහු ලකුණු නොගහම ඕවර් ටික නාස්ති කරන නිසා... ඔහුට අවශ්‍ය තම පිල දිනවීම නොව පිටියේ රැදී සිටීමය. දැන් 2020 වෙනකන් ඉතුරුවෙලා තිබෙන්නේ ඕවර කිහිපයක් පමණක් නිසා පිලේ අනිත් ක්‍රීඩකයින් නොසන්සුන්වී ඇත.
ඔබ මෙතෙක් කල කී දේ අනුව මම නම් තදින්ම විශ්වාස කරනවා ඔබට බැට් කරන්න අවස්ථාව දුන්නොත් ඔබ රටේ කීර්තිය රැකෙන අන්දමින් ඒ වැඩේ කරයි කියලා. හැබැයි, එක කකුලකින් නෙමෙයි, කකුල් දෙකෙන්ම ඔබව පස්සට අදියි. එ්ත් ඒවා කාගෙන යන්න ඔබට ශක්තිය තියෙනවා කියලා ඔබ ඔප්පු කරලා තියෙනවා. එහෙම දවසක් උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
මට මේ දේ අහන්නට සිතුනේ ඔබතුමා ක්‍රිකට් ගැන කතා කරන නිසයි. මේ ළඟදී ඔබතුමා ප්‍රකාශ කළා නේද ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය වකවානුවේ දූෂණ තිබුණු බවත්, ඊට සම්බන්ධ ක්‍රීඩකයින්ගේ නම් ඔබතුමා විසින් හෙළිදරව් කරන බවත්.... අැයි ඔබතුමා ඒ හෙළිදරව්ව නොකළේ?
හැබැයි මේ දූෂිත සමාජයේ අපිට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් කියලා හිතුවට නිකම්ම අවුට් වෙනවා. මොකද ලඟදී දැක්ක නේද බෝලේ පලුදු කරලා සෙල්ලම් කරන්න හැදුවා. අහුවුණු හින්දා මිනිහ ගෙදර ගියා. එ්ත් මහත්තුරු ඉන්න රටක් නිසා. රන්ජන් මහත්තයෝ, තනිකරම දූෂිත දේශපාලකයන් ඉන්න රටක නිකන් අවුට් වෙන්න යන්න එපා. සල්ලි ටික හංගාගෙන එහෙට මෙහෙට යද්දී පෙන්නලා, දේශපාලකයන්ගේ ඔලුව අවුල් කරලයි තියෙන්නේ. මැච් එක ගහන්නේ තනියම නෙමේනේ. ඒ නිසා ඕන කෙනෙක් දාලා සෙල්ලන් කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ මහජනතාවයි. ඔවුන් බඩගින්නේ මැරෙනවා. අපි තනියම නෙමේ, ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙණු කරන්න ඕනෑ. ඕනෑම පිස්සෙකුට මේ වැඩේ කරන්න බැහැ. බිම් මට්ටමෙන් වැඩ කළා කියලා රටක නායකයෙක් වෙන එක විහිළුවක් නෙමේ. දැනටමත් විහිළුවක් වෙලා තියෙන එක පෙනෙන්නේ නැද්ද? ඇයි මේ බොලඳ කතා, ටිකක්, බුද්ධිමත්ව හිතන්න පුරුදුවෙන්න. ස්තූතියි... !!!
රන්ජන් කියන්නේ අපේ හදවතට සමීප අප ප්‍රියකරන නළුවෙක්. ඒත් ඔහුගේ සමහර දේශපාලන ක්‍රියාකාරකම් සහ කතා ගැන අපට ගැටළු තියෙනවා. මේ වෙලාවේ රනිල් ඉවත් කොට බලය ලබා ගැනීමට විපක්ෂයත්, යහපාලනේ සිටි ශ්‍රීලනිප අයත් නොගත් උත්සාහයක් නැත. ඔවුන් මෙසේ කරනුයේ රනිල්ගෙන් ඔවුන්ට බලය ලබා ගැනීමට තිබෙන බාධාව නිසා බව පැහැදිලිය. කරුණු දැන හෝ නොදැන එජාපයේ සමහර දෙනාද, විපක්ෂයේ කාර්ය භාරය සිදුකරයි. මාගේ තර්කය නම්, රනිල්ට තම ශක්තිය පෙන්වා ප්‍රශ්න ජය ගැනීමට ඉතිරි වසර එක හමාර ලබාදිය යුතුය යන්නය. එවිට සාර්ථක වීම හෝ අසාර්ථක වීම ඔහු විසින්ම සිදුකර ගනු ඇත. පසුගිය මහා මැතිවරණයෙන් ජනතාව ලබාදුන් කාලය වෙනත් ආකාර වලින් අඩු කිරීම යුක්ති යුක්ත නොවන්නේය. රනිල්ටද තමා දක්ෂ හෝ අදක්ෂ බව පෙන්වීමට අවසාන වශයෙන් මෙම කාලය ලබා දිය යුතුය.
හරි හෝ වැරදි වේවා තම අදහස් කෙලින් නිවැරදිව ප්‍රකාශ කරන මනුස්සයෙක්...
කිසිදේකට අහිතක් හිතන්න එපා "සුත්තර පුංචා" වෙනත් කෙනෙකුට බැට් කරන්න නෙවෙයි "නෙට් එකේ ප්‍රැක්ටිස්" කරන්නවත් අවස්ථාවක් දෙන්නේ නැහැ...
අවසන් ඕවර කීපයනේ. ටිකක් ඉවසලා ඉන්න, තව දෙක තුනක් ගහනකල්.
රාමනායක මහතාට යා යුතු ගමනක් ඇති බව අපි දනිමු. අවුරුදු 70 ක් තිස්සේ අප නම් දකින්නේ මුළු දේශපාලන ක්‍රීඩා පිටියම කල් ඉකුත්වී ඇති බවකි. ගරා වැටුන ක්‍රීඩාපිටිය ප්‍රයෝජනවත් වුනේ මාරුවෙන් මාරුවට සුළු පිරිසකට පමණකි. එම ක්‍රීඩාපිටිය ගැන තවදුරටත් කතා කිරීම එක්කෝ මෝඩකමකි. නැති නම් විහිළු කතා කිරීමකි. එසේත් නොමැතිනම් තම තමන්ගේ පැවැත්ම වෙනුවෙනි .
රන්ජන් ක්‍රීඩා ලෝකයේ පිත්තෙන් වැඩ පෙන්වීමට ක්‍රීඩකයන් තෝරා පුහුණු කර පිටියට යවා බෝලයට ගැසීමට සහ යැවීමට මොලේ නැතත් කාය සක්තිය යොදවා කල හැක. දේශපාලන ලෝකයේ රනිල් යනු තුන් ඉරියව්වෙන්ම ක්‍රීඩා කල සහ දැනටත් ක්‍රීඩා කරන දක්ෂ ක්‍රීඩකයෙකි. ඕනෑම පන්දුවකට පහදීමේ හැකියාව තිබෙන නිසා සහ ඔහු ක්‍රීඩා කරන ඉර්යව්ව නොතේරෙන නිසා බොහෝදෙනෙකුට ඔහුව OUT කර ගැනීමට නොහැකි වී ඇත . නමුත් දේසපාලන ලෝකයේ ක්‍රීඩා කිරීමට කාය සක්තියට වඩා උවමනකරන්නේ උගත්කම සහ බුද්දියයි. අනෙක ක්‍රීඩා ටීම් වලින් ටීම් වලට පනින ක්‍රීඩකයන් ගැන කතා කිරීමෙන් පලක් නැත. ඔවූන් අවස්ථාවාදී ක්‍රීඩකයන්ය. අනෙක් ක්‍රීඩකයන් ඉවසීම, උගත්කම සහ මොලය පාවිච්චි නොකර පිරිස් බලය පෙන්වා ටීම් එකේ නායකයා එළවීමට ගොස් OUT වී යන එනමන් නැතිකර ගෙන සිටිති. ඔබ කියන හිතන සහ නායකත්වයට සුදුසු ක්‍රිඩකයන්ගේ නියම සුදුසුකම් එළිදක්වන්න.
බැට් නොකරම බෝල් වලින් විතරක් දස්කම් පෙන්නලා ලෝක පුජිත වෙන්න පුළුවන් හිතේ හයිය සහ රටට නියම ආදරයක් තියෙනවා නම්. එදා සිට පැවත එන ජ්යෂ්ඨත්වය හා පළපුරුද්ද මත පත් වන නායකයා කවුරු වුනත් කණ්ඩායමක් වශයෙන් නොසැලී ස්ථිරවම කටයුතු කරමින් තම යුතුකම් උසස් මටමකින් ඉටු කිරීම ජයග්‍රහණයට ඉතාම වැදගත්. බයිලා වලට හැමෝම අකමැති නොවුනත් ඊට වඩා කැමති දේවල් හැමෝටම තියෙන බව දැන සිටීම උචිතය.
රනිල්ව එලවාපු පමණින් මේ රටේ ප්‍රශ්න විසදේවිද රන්ජන්තුමෝ ? ඊළඟට අට පාස් නැති කයිවාරුකාරයෙක් ඔය පුටුවට ආවාම රට කබලෙන් ලිපට. මම රනිල්වාදියෙක් නෙවෙයි. එත් නුගත් කටමැත දොඩවන කෙනෙක් ඔතනට ආවා කියලා මොකද්ද වෙන සෙතේ. ?
රනිල් සහ එයාගෙ වටේ ඉන්න ගෝලයො සෙට් එක ඉන්නකන් බැට් කරන්න තියා බැට් එක අතට වත් ගන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ . අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරා ගන්න එපා.
අපි පොඩි කාලේ අපිත් හිතුවා, අපේ තාත්තලා අම්මලා මොනවාද දන්නේ කියලා, අපි නම් ඔයිට වැඩිය හොඳට ඔය වැඩ කරන්න පුළුවන් කියලා, නමුත් අපිත් තාත්තල අම්මල වුණාම තමයි තේරුනේ අපි කොයි තරම් බොලඳද කියලා, මොකද දැන් අපේ ළමයි අපිට කියන්නෙත් එයිට හපන් ඒවා. අල්ලපු ගෙවල් දිහා බලල අපේ ගෙදර දේවල් තීරණය කරන්න බෑ.
රන්ජන් මහත්තයෝ ඔය ටීම් එක කචල් කවදාවත් ඔය කට්ටියට මැච් දිනන්න බැහැ. තරග පවා දෙනවා මුලු ටීම් එකම වගේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න. ඒ වගේම තමයී අලුත් ප්ලේයර්ස්ලට තැනක් නැහැ වැඩ බැරි මැච් එකක් ගොඩදාන්න බැරි සීනියර්ස්ලා කවදාවත් ටීම් එක දාලා යන්නේ නැහැ. හැමෝමවගේ පුලු පුලුවන් විදියට අනිත් ටීම් එකත් එක්ක ඩීල් දාගෙන ඉන්නේ මේ පැත්තේ සෙල්ළම් කරන්න ලැබුණේ නැත්නම් අනිත් පැත්තට හරි ගීහීල්ලා ගහනවා.
එතකොට සජිත්ට මොකද වෙන්නේ?
රන්ජන් මහත්තයා, රටක් පාලනය කිරීම බයිස්කෝප් එකක් නොවේ, ඊට වඩා යමක් තිබිය යුතුයි, කියන්න පෙර ටිකක් සිතා බලන්න.
ලෝකයේ දියුණු රටවල පක්ෂ නායකයෙක් ඡන්දයෙන් පැරදුනහම වෙන කෙනෙකුට අවස්ථාව දීල නායකකමෙන් ඉවත් වෙනවා, ලංකාවේ සිටපු බලගතුම දේශපාලකයකු වන ජයවර්ධන ජනාධිපතිතුමා වුනත් තම ධුර කාල 2 ඉවර වුනහම දේශපාලනයෙන් විශ්‍රාම ගියා විශ්‍රාම යන්න කාලයක පටන් දෙවෙනි පෙළ නායකයන් 3 දෙනෙකුම හැදුවා, ඔහු ඔහු තම පවුල, පැලැන්තියට වැඩිය පක්ෂයට ආදරය කලා, ඔහු දැනගත්ත ඡන්දෙ දිනන්න නම් ජනතාව අතර ජනප්‍රිය, කාර්යශුර කෙනා පක්ෂේ නායකත්වය ගත යුතු බවත් එවිට ඡන්ද දිනිය හැකි බවත් බලය ලැබුන පසු පක්ෂයේ සිටින උගත් , බුද්ධිමත් දේශපාලකයට රටට වැඩක් කලා හැකි බව, එමනිසා ඔහු ප්‍රේමදාසට බලය දුන්නා, දැන් බලපුවහම ලංකාවේ ප්‍රධාන පක්ෂ 2-3 ම ක්‍රියාත්මක වෙන්නේ මෙයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාදාමයක්, එම නිසා එම පක්ෂත් අතරමග රටත් අතරමග.
හැබැයි රන්ජන් ඇමතිතුමෝ, දැන් පරිස්සම් වෙන්න. ඔබට අඬගහල එක්කෝ රාත්‍රී බෝජන හෝ ඇමතිකමක් හෝ නැත්නං මොනවා හරි අයිසිං ගාවි. හැබැයි ඕවට අහුවන්න නං එපා.
පක්ෂේ නායකයා තෝරන්න පක්ෂෙන් පාර්ලිමේන්තුවට සහ පළාත්සභාවට සහ ප්‍රාදේශීය සභාවට තේරී පත්වුන මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන් සිදු කරන්න , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ ඡන්දයට එක ලකුණ බැගින්ද , පළාත්සභා මන්ත්‍රීවරයකුගේ ඡන්දයකට ලකුණු 10 බැගින්ද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ ඡන්දයකට ලකුණු 20 බැගින්ද දෙන්න , .වැඩිම ලකුණු ලබාගන්න පුද්ගලයා පක්ෂ නායකයා කරගන්න , එතකොට හැමදාම ඡන්ද පැරදෙන මිනිස්සු නිකන්ම කැපී ගොස් දක්ෂයෝ ඉහලට ඒවි
පක්ෂයක් ලෙස එජාපයේ මොන අඩුපාඩු තිබුණත් එය කෑලිවලට කැඩෙන්න දෙන්නේ නැතුව ආරක්ෂා කලේ රනිල්. එතුමා සියලු බාධක දරාගෙන තවමත් නායකයා ලෙස කටයුතු කිරීම ප්‍රසංසනීයයි. නමුත් දෙවැනි පෙළක් නිර්මාණය නොකිරීම වරදක්. ශක්තිමත් දෙවනපෙලක් සාදා 2020න් පසු ඡන්දයට ඉදිරිපත් කල යුතුයි. රනිල්ගේ නායකත්වය ගැන ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ ගම්මන් පිලටයි එකාබද්ධයටයි. ඔවුන්ට තියන ලොකුම අභියෝගය ඔහුයි. රන්ජන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු තව ටිකක් ඉවසුවොත් හොඳයි. ඇඟේ හයියට හැමදේම කරන්න බෑ. බුද්ධියත් ඕනේ....
රනිල් එක පාරක්වත් පරාද නැහැ ඇත්තටම හොඳේ. රනිල්ව අර චන්ද්‍රිකා මැඩම් එක්ක එකතුවෙලා එක පාරක් ජනතා විමුක්ති පෙරමුණ එක්ක එකතුවෙලා කකුලෙන් අැද්දා. දිනපු ආණ්ඩුව ඊට පස්සේ හැම පාරම රනිල් දිනුම්... සේරම හොර ඡන්දෙන් දින්නේ... අනික් අය කොටින්ට සල්ලි දීලා ඡන්දෙ වර්ජනය කළා. කොටින්ම සරත් ෆොන්සේකා මහත්තයාත් දිනුම්... එතනත් හොර ඡන්දෙන් අනික් කෙනා දින්නේ. අනික රනිල් ව ගෙදර යවලා වෙන කව්ද ඉන්නේ ඒ තැන දෙන්න?