(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
අමාත්‍යවරුන් හත්දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් පනස් තුන් කෝටි හැත්තෑ නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (රුපියල් 53,79,62,790) ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවක් රජයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
2016 අතිරේක ප්රතිපාදනය උපයෝජනය නොකළ බැවින් මෙම අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා බදු ද ඇතුළත්ව මෙම මූල්‍ය ප්රතිපාදනය වෙන්කර ඇති බවද පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.
ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදි ගැනීම සඳහා රුපියල් 4,26,00,000 ක මුදලක්ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා 4,20,00,000 ක මුදලක්ද වාරිමාර්ග හා ජල සම්පාදන කළමනාකරණ අමාත්‍යවරයාට සහ රාජ්‍ය ඇමැතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් 8,60,00,000 ක මුදලක්ද විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,10,00,000 ක මුදලක්ද සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 මුදලක්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 4,30,00,000 ක මුදලක්ද තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.
ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් රථ 25 ක් සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයකට කුලී බදු වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීමට රුපියල් හය කෝටි විසි දෙලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලා ද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජනතාවගෙන් වැඩි පිරිසක් නියග නිසා දුක්විදිනවා, පොහොර සහනාදාර නැතිව ගොවි ජනතාව දුක්විදිනව, පාර්ලිමේන්තුවේ ඉන්න බුරු රැලට වාහන ගෙන්න කෝටිගණන් මුදල් නාස්ති කරනවා. මෙහෙම කරන්න එපා තොපිට හෙනගහනවා... හෙනගහනවා.
සුපිරි වාහන ගෙන්වල සැපදෙන්න ඕනි ජාතික සංවර්ධනය දකින්න පුලුවන් එකම විදිය තමයි ඒක.... අනේ වාසනාවන්.... ශ්‍රී ලංකා මෑණියන්ගේ වාසනාව
අපිට හොද වැඩේ මේ ගොල්ලන්ට ඡන්දේ දීලා පත් කරාට
එකම අදහසයි තියෙන්නෙ. මුන් තරම් කාලකන්නි ටිකක් මේ ලෝකෙ කොහේවත් නැහැ. ඔය කරන දේවල් වලට පවුල් පිටින් හැඳි ගෑවිලාම යන්න කියල ප්‍රර්තනා කරනව. මම දන්න සමහර දේශපාකයො ඉන්නව එහෙම වෙලා අන්ත දුක් විඳින.
තු නොදකින් ඔය තියෙන්නේ මහා ලොකු සංවර්ධනේ , හොද වැඩේ අපේ බත් කන හරකුන්ට උඩ පැනල පත් කරගත්තා.
දරුණුම මූල්‍ය අර්බුදයක් තියෙන්නේ කියල මහා බැංකුව ඊයෙත් කිව්වා. එහෙම තියෙද්දී, මිනිස්සුන්ට ජීවිතේ එන්න එන්නම අම්මරු වෙද්දී මෙහෙම කරන එකේ මොනම සාධාරනයක්වත් තියෙනවද. තොපිට හෙන හතම ගහපියවූ කියල රන්ජන්ගේ බාසාවෙන් සාප කරන්න විතරයි අපිට කරන්න පුළුවන්. ඡන්දෙ තියන්නෙත් නැහැනේ.
දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් සුරසැප විඳින තක්කඩි ඇමතියන්ට හෙන වදින්න ඕන. ඇමතියන්ට මන්ත්රීන්ටයි කැබ් රථයක යන්න බැරි මොකද, කෝටි 4-5ක වහනයක්ම ඕනද? රටේ මිනිස්සුන්ට කන්න නැහැ, හරියට අධ්‍යාපන සෞඛ්‍ය පහසුකමක් නැහැ, රටේ හරි ප්‍රවාහන සේවයක්, මාර්ග පද්දතියක් නැහැ. හැබැයි ඇමතියන්ට මන්ත්රීන්ටයි සුපිරි වාහන, සුපිරි රජ සැප. කුණු වෙලා යන්න ඕන පවුල් පිටින්.
ඉතාමත් යහපත් ආරංචියක්. ලංකාවේ ඉන්න බුද්ධිමත් ජනතාව ගැන සතුටු වෙන්න ඕන.
කෝටි 6කත කැබ් රථ 25ක් ගන්න පුළුවන්. හැබැයි ඇමැතියන්ගේ වාහන 12 කට කෝටි 50ක් ඕන. ඇයි ඇමතියන්ට කැබ් රථයක් දෙන්න බැරි? කෝටි 5-7 ක වහනයක්ම ඕනද? අපි ඇමරිකාවද, එංගලන්තේද, මැද පෙරදිග තෙල් රටක්ද? ණයට කන හිඟන රටක්. එහෙවු හිඟන රටක නහුතයක් ඉන්න ඇමතියන්ට මන්ත්‍රීන්ට මෙහෙම සැප දෙන්න ඕනද? මොන නීතියක්ද මේ? මොන රටක්ද මේ?
මගේ අම්මේ බුදු අම්මේ දෙවි හැමදුරුවනේ. හාල් කිලෝ එකක් ගන්න සල්ලි නැතිව ඉන්න අපිට දෙයියෝද...
අපිත් ඡන්දෙ දුන්නේ මුන්ට ඒ ගෙන අපි දුක් වෙනවා කරෝල ග්‍රේම් 50 ගන්න බැරුව මිනිස්සු දුක් විදිනවා තොපිට කාර්.
මේක තමයි අපි බලාපොරොතු උන සැබෑ වෙනස.
පොදුජනයනි නුබලා පටි තදකරගනිල්ලා. වාහන නොමැතිව අපගේ බඩ සංවර්දනය කරගත නොහැක.