ඇමැති මර්වින් සිල්වාට හා ඔහුගේ පුත් මාලකට එරෙහිව කුමන්ත්‍රණය කරතියි කියන අයට එරෙහිව කැලණි කාන්තා බල මණ්ඩලය හලාවත මුන්නේෂ්වරම් හා භද්‍රකාලී දේවාලවල දී දේව කන්නලව් කර පොල් ගැසීය.

කුමන්ත්‍රණකරුවනට දඩුවම් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

කැලණි කාන්තා බලමණ්ඩලයේ සභාපතිනි දමයන්ති පෙරේරා ප්‍රමුඛ පිරිසක් මේ වතාවත්වලට සහභාගී වූහ.

මුන්නේෂ්වරම් බිලි පූජාවට ගෙනවුත් සිටි එළුවන් සහ කුකුළන් සමූහයක් ඇමැති මර්වින් සිල්වා 2011 සැප්තැම්බර 11 වැනිදා නිදහස් කරගෙන ගියේය.

භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජක මහේන්ද්‍රන් එම සිද්ධිය සිහිපත් කරමින් ‘ඇමැතිතුමාට එන්න කියන්න. අපි තරහා නැහැ. එතුමාගේ අපල උපද්‍රව දුරු කිරීමට අපි දෙවියන්ට පූජාවක් පවත්වන්නම්‘ යනුවෙන් පැවසීය.