අජන්ත කුමාර අගලකඩ
දින කිහිපයක් තිස්සේ කතාබහට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට (23) පස්වරුවේ සිදුකරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ප්‍රාදේශිය සංවර්ධන ඇමති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයද , රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතාට මහමාර්ග අමාත්‍යධූරය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසේ .
එක්සත් ජාතික පක්ෂයට අයත් අමාත්‍යධූරවල සිඳුවන වෙනස්කම් ඇතුළත් අමාත්‍යවරුන්ගේ ලේඛන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (22) රාත්‍රීයේ බාරදී ඇතැයිද එම ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
උසස් අධ්‍යාපන හා මහමාර්ග ඇමති ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගෙන් මහමාර්ග විෂයද නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාගෙන් නීතිය හා සාමය යන විෂයද ඉවත් කෙරෙනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග කියයි.
මේ අතරේ රාජ්‍ය ඇමතිවරුන් වන රවින්ද්‍ර සමරවීර , සුජීව සේනසිංහ , නියෝජ්‍ය ඇමතිවරුන් වන ආචාර්ය හර්ෂද සිල්වා , අජිත් පී පෙරේරා යන මහත්වරුන් කැබිනට් නොවන ඇමතිවරුන් ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද වාර්තා වේ .
යෝජිත ඇමති මණ්ඩල සංශෝධනයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේද විෂය පථයන් වෙනස් වීමට ඉඩ ඇති අතර මහින්ද අමරවීර , දයාසිරි ජයසේකර යන ඇමතිවරුන්ට වැඩි වගකීම් පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ .
මේ අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඇතුලු විෂයන් කිහිපයක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පැවරීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා මහත්තයටත් හොරු අලන්න බැරි උනොත් , ලංකාවේ හොරු ඉදල නැහැ ඔන්න . බොරුවට තමා හොරු ඉන්නවා කියල අපිව බය කරලා තියෙන්නේ.
අදට වැඩිය හෙට හොඳයි තමා. ඒ උනාට හෙට කියන්නේ අද නෙවෙයි හෙට නේ.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලැබීම ගැන "පොහොට්ටුවන්" සහ "හොරු "හැර සාමාන්‍ය ජනතාවගේ කැමැත්තක් මේදිනවල පවති. මඩේ ගිලි සිටින යහපාලනයට යම්තාක් දුරට හෝ ඉන් ගොඩඒමට මේ තනතුර එතුමාට ලබාදීම සිදුවිය යුත්තකි.
කෝ ඕනම කරන සංශෝධනය ගැන සඳහනක් මෙතන නැහැනෙ .
මට හිතාගන්න බැහැ සමහරු කොහොමද කාඩ් කුට්ටම අනන කොට බූරු වන්වම උඩට එන විධියට ඒක අනන්නේ කියල. මැජික් කාරයින්ට නම් රජාව රැජින කරන හැටිත්, රැජිනව රජා කරන හැටිත් රජාව බූරුවට අන්දන හැටිත් බුරුවන්ව රජ කරවන හැටිත් සුළු දෙයක්. එතැනදී මැජික් කාරයා දේශපාලකයාට බොහෝ සෙයින් සමාන වෙනවා. මන්ද රැවටීමකින් තොරව මැජික් හා දේශපාලනයට පවතින්න බැරි නිසා. කැබිනට් කුට්ටම ඇනීමේදී අපි බලා ඉන්නේ සං කෙසේවෙතත් පුර්ණ ශෝධනයක්.
යුද්ධයක් කරන අවධියක හමුදාවක් මනා ලෙස පාලනය කල සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තුමාට නීතිය හා සාමය ඇමතිකම දෙන්න. ඇත්තටම හොරුන්ව අල්ලන්න පුළුවන් එකම ක්‍රමය මෙයයි. හොරා කවුරු වුනත් දඬුවම් ලැබිය යුතුයි.
සරත් ෆොන්සේකාට නිතිය හා සාමය ඇමතිකම දෙන්න. එතුමා වැඩේ හරියට කරයි. ඒක නැතුව වෙන මොනවා කලත් වැඩක් නැහැ. අනෙක් ඔක්කොම වැඩ බැරි ටාසන්ලා
මේගොල්ලෝ අන්ත පරාජයක් ලබලත් බලේ ඉන්න දගලන හැටි. එනකොට කීවේ කොහොමද ?
කිසිම පලයක් නැතුව මුදල් නාස්ති කරන තනතුරු අහෝසි කරන බවක් නම් පෙනෙන්නේ නැහැ.
සරත් ෆොන්සේකා මැතිතුමාට නීතිය හා සාමය ඇමති ධූරය ලැබුණොත් හොඳයි .එවිට ජනතාවගෙ කඩා වැටුණු මානසිකත්වය යථා තත්ත්වයට පත්වීමට ඉඩ ඇතිවීමට හැක . එවිට ජනාධිපති තුමාගේ ප්‍රතිරූපය ඉහළ නැංවෙනු ඇත.
බාලගිරි දෝසය වගේ. දැන් සතියක වෙලේ සිට හෙට අනිද හෝ ලබන සතියේ. කෝ අපේ ජනාධිපතිතුමා තවම දැක්කෙවත් නැහැ ඡන්දෙන් පස්සේ. කඩුව මුවත් කරනවද දන්නේ නැහැ.
මේ වගේ සින්තටික් වෙනස්කම් කරන්නේ නැතුව දැන්වත් රටේ මිනිස්සුට ඇඟට දැනෙන්නෙ දෙයක් කරන්න. අවුරුදු 3ක්ම කලේ කයිවාරුවයි, පච කෙලිල්ලයි. සංවර්ධනය වෙන්නේ ඉබි ගමනේ. ජීවන වියදම දවසින් දවස වැඩිවෙනවා. ආර්ථිකය දවසින් දවස කඩන් වැටෙනවා.
ඔච්චර තමා අඩුව තිබුනේ.
සරත් ෆොන්සේකා මැතිතුමාට නීතිය හා සාමය ඇමති ධූරය ලබාදෙන්න
පසුගිය අවුරුදු 3 ක්ම පහල බැහැපු ආර්ථිකය ගොඩනගන්න විශාල කැප කිරීමක් කරන්න වෙයි. වෙගවත්ව නමුත් යම්කිසි ප්‍රමාණයකට වැරදි මාවතේ යමින් තිබුණු සංවර්ධනය නිවැරදි මාවතට ගන්නේ නැතුව නවත්තල දාලා දැන් ඇමති මණ්ඩලය මාරු කරලා ගොඩයන්න බැරිවෙයි. ඇමති මණ්ඩලයත් වරප්‍රසාද පරිත්‍යාග කරලා හරි කැප වුනොත් ජනතා ප්‍රසාදය ඇතිවෙයි. අයෙත් ජනතාවට කොකා පෙන්නන නම් එපා.
දැන් මේක වෙනස් කලාම ඔක්කොම හරිද ?
බස්සා නිදි මරයි කිසි හොර කමක් බැරි . බල්ලා හෙමින් නොගියත් කිසි වැඩක් බැරි ඌරා මඩ හැරුවත් කිසි වැපුරුමක් නැති හිවලා සිංහ වෙස් ගත්තත් නාද බැරි
සංවර්ධනය, දුෂණය සහ හොරු ඕවා මොකටද? පක්ෂය දිනවන්න එපැය.
මේ මොනවා කලත් ඔය කාඩ් කුට්ටමේ ඉන්න අයමනේ නමුත් යම්කිසි ප්‍රගතියක් ඕන නම් සරත් ෆොන්සේකාට ආරක්ෂක අංශයේ ඇමති කමක් දෙන එක හොදයි ඕක දෙන්න තිබුනේ 2015.
අදට වැඩිය හෙට හොඳයි. හෙට කියන්නේ ඉතින් කවදාවත් "උදාවෙන" දවසක් නෙවේනේ.
තියෙන දෝෂ කන්දරාව මදිවට බාලගිරි දෝෂයත් හැදිලා වගේ. කොහෙන් මේවට බෙහෙත් හොයන්නද මන්දා?
කොහොම මූණු මාරු කරත් ආණ්ඩුව එකයි. ආණ්ඩුවට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනසක් මිසක බොරු චරිත මාරුවක් නොවෙයි.
බාලගිරි දෝසෙ අද නොවෙයි හෙටයි.
ජනාධිපතිතුමනි ! අපේ රටට අවශ්‍ය වැඩකරන, අවංක නායකයින්. හැමදාම එක එක්කෙනාගේ වැරදි හොයන නායකයින් නෙවේ. එහෙම වුණොත් වෙන්නේ රට එකම තැන... මේ රට විනාශ කරන්න දෙන්න එපා. අපේ රටට අපි ගොඩක් අදෙරෙයි ! මේ රට විනාශ කරන්නේ නූගත් නායකයින්...
පසුගිය දිනවල ලොක්කට උපදෙස් දුන්න පුරෝහිත, බාල තෙල් වලට පෙට්‍රෝලියම් අමාත්‍යාංශය බාර දුන්නා.. එහෙම බැරි නම් ළමයි ඉස්කෝලවලට හොර පාරෙන් දාන්න පුළුවන් ඇමති කමක්වත්...
බලමු මේ සැරේ මොකක්ද කරන්න යන්නේ කියලා...
ජනතාව එමති මණ්ඩල සංශෝදනයක් ඉල්ලුවේ නී අනෙක කුරු කොහෙට මාරු කලත් වියදම් වෙඩි වීමක් මිස වෙන වෙන දෙයක් නෙතිවී දේශපාලන පක්ෂවල අර්බුද රටේ ප්‍රශ්න බවට පත නොකරනවනම් තම වැඩ හොද හිසරදෙට කෝට්ටේ මාරු කරනවා වගේ වෙඩක් මීක පහුගිය කළෙම හිටපු ය එකතුවෙලා සාමුහික තීරණ ගත්තේ ඉතින් යේ මුණ වෙනස් උනත් එච්චරි ඒ නිසා ප්‍රතිපතිති මාරුවකට යන්න කාලය හරි
නිවටකම් කෙසේද යත් බොරුව සහ වංචාවයි. ඌරුකොටුවක් බලා ගන්නවත් සුදුසු නැත. කොහෙත්ම විශ්වාස කරන්නට බැරිය. රටට ජනතාවට කිසිම වැඩක් නැත. රනිල්ගේත්, චන්ද්‍රිකාගේත්, බටහිරයන්ගේ පදයට නටන රණ විරුවන් සුළුකොට තකයි. කුමන්ත්රණයෙන් බලය ලබාගෙන මිනිසුන් රවටා වංචනික ලෙස කටයුතු කිරීම දැන්වත් නවතා ඉවත් වන එකයි කල යුත්තේ...