ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන සුගත් රත්නවර්ධන නම් පුද්ගලයා රැකියා දෙන බව කියමින් 2011 සිට සෑහෙන පිරිසකගෙන් මුදල් වංචා කර ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී අද කියැවිණි. ඇමැති තිස්ස විතාරණ මහතා 2011 දී ඔහු ගැන පොලිස්පතිට කළ පැමිණිල්ලක් අනුව ඇහැලියගොඩ දී අත්අඩංගුවට ගන්නා විට ඔහු බොරු අංක තහඩුවක් යෙදූ කාරයකින් ගමන් කැර ඇත. ලංකා සමසමාජ පක්ෂයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් වරායේ, ටෙලිකොම්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ රැකියා දෙන බව කියමින් මුදල් වංචා කැර ඇතැයි පොලිසිය, මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට දැන්වීය. කුරුවිට බන්ධනාගාරයේ රිමාන්ඩ් කර සිටින ඔහු ලබන 12 වැනි දා ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් නියෝග කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි වැඩේ වෙනවනේ (දී)
ලංකාව එන්න එන්නම අගාදයට යනවා (දී)
හොද වැඩ මේවා (දී)
ඔය ලේකම් අපි පත්කර ගත්ත කෙනෙක් නෙමෙයිනේ. ඇමතිතුමාමනේ පත් කරගන්න ඇත්තේ. (නි)
ලේකම් නෙමෙයි ගම්පහ පැත්තේ කප්පම් ගන්න ඇමතිකෙනෙක්ම ඉන්නවා..!!(නු)
මේවගේ තව කෙනෙක් ඉන්නාව බෙල්ලන්විල පැත්තේ..ලක්ෂ දෙකක් ගන්නවා මුලින්ම.. පස්සේ මොනවා හරි කිය කිය මග හරිනවා..!!(නු)
කොහොමද වැඩේ? (නි)
සම්බන්ධීකරණ ලේකම් කියලා සමහර කට්ටියක් ඉන්නවා රැකියා ලබාදෙනවා කියලා ජනතාව රවට්ටලා මුදල් ලබා ගන්නවා..!!(නු)
ඇත්තටම මේ අය සල්ලි අරන් රස්සා දෙන්නේ නැද්ද ? (ස)
ඔය කොයි කව්රුත් ඔහොම තමයි (දී)
අහුවුණොත් කියන්නේ වෙන කෙනෙක් කරලා කියලා. අහුනොවුනොත් තමන් කළා කියනවා. අනේ මන්දා! (නි)
ඇයි අර කප්පම් ගත්ත කෙනාව අල්ලන්නේ නැත්තේ? (නි)
ඇමති නම විකුණූ ලේකම් අත්අඩංගුවේ.. ලේකම් පත් කළ ඇමතිට මොකද කරන්නෙ..!!(නු)