ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් හෙට්ටිආරච්චිගේ උපාලි ගුණරත්නට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ නඩු තුනක් පැවරූ කොල්ලුපිටිය පොලීසිය පැවසූවේ රැකියා දෙන බවට මුදල් ගෙන වංචා කළ සිද්ධි රැසක් ගැන පැමිණිලි ලැබී ඇති බවයි. පශු සම්පත් මණ්ඩලයේද, ලංකා බැංකුවේද, පිටරටද රැකියා දෙන බව කියමින් තිදෙනෙකුගෙන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් වංචා කළැයි අද නඩු තුනත් පැවරිණි. ඔහුට ඇප ඉල්ලූ විට මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න පැවසුවේ වංචා කළ මුදල් ගෙවන්නේ නම් ඇප දීම සැලකා බැලිය හැකි බවයි. ලබන 18 වැනිදා තෙක් ඔහු රිමාන් කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොඩ්ඩ පොඩ්ඩ වැහි පොද වැටෙන්නේ. ඉවසන්න. තව වැඩිකල් යන්නේ නැහැ වහින්න. (නි)
දැන් දැන් පොලිසියෙන් හොඳ වැඩ වෙනවා. ඒත් වැඩි කල් යන්න කලින් තවත් මොකෙක් හරි ලොකු පුතණ්ඩියෙක් මෝඩ වැඩක් කරයි. ඊට පස්සෙ ඉතින් ආයෙත් ආශ්චර්යවත් ඇඟිලි ගැහිලි පටන් ගනියි. (නි)
නඩුකාරතුමා හරි. වංචාකළ සියළුම මුදල් දෙනකම් දාන්න එපා එළියට. (නි)
ආශ්චර්යයි ආශ්චර්යයි, ඒ වගේම සන්තෝෂයි. (නි)
නිකං ඉදලා සල්ලි හොයනවා...!(නු)
අයියෝ සල්ලි ....
කොල්ලුපිටියෙ පොලිසියට අපේ ප්‍රණාමය! (නි)
දැන් නම් පොලිසිය නීතිය අකුරටම..... හරිම සන්තෝෂයි. (නි)
හොඳ වැඩේ (ස)
මෙයත් සෝභිත මුදලාලිගේ නෑකෙනෙක්ද කොහෙද?(නු)
මෙයා ලේකම් උනාට කිසිම තේරුමක් නැති කෙනෙක්.. බලන්නකො සමහරු මොනවා කළත් නිදැල්ලේ..!(නු)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු (ස)
"චතුල වෙරෝනා ලේකම් කෙනෙක් නම් එයා හොරුන්ගෙත් හොරෙක්" චතුල ඉඳලා ඉඳලා ඒ කියපු කතාවට නම් මගේත් සැලියුට් එක..! (ස)
ඇමතිතුමා කවුද, ලේකම්තුමා කවුද කියලා අදුරගන්න බැරුව මම දැන් මාර පැටලිල්ලක් ඉන්නේ? (නි)
ලේකම් කෙනෙක් නම් එයා හොරුන්ගෙත් හොරෙක් (ස)
එයාලත් ඉතිං ජීවත් වෙන්න එපැයි. (නි)
කනගාටුයි නේ
දැන් එයා කියයිද දන්නේ නැහැ, "අනේ මම ගත්තේ නැහැ. එයාලා මට බලෙන්ම දුන්නා" කියලා. (නි)
දැන් කියයිද දන්නේ නැහැ එයාව අදුරන්නේ නැහැ කියලා. (නි)
හේතුව කුමක් හෝ වේවා අධිකරණයේ මේ දකින්නට ලැබෙන ස්වාධීනත්වය (එය පවතින තාක් කල්) අපේ ගෞරවයට ලක් වේ. වරෙන්තු පිට සිටිමින් ඉහලම අය සමග ගැවසෙන අයටත් මෙහෙම දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවානම් කොතරම් අගේද? (නු)
ඇමතිතුමෝ , ඇමතිතුමෝ මම හිරේ ....(ස)