තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීෂ් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන මහත්වරුන් ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම සළකා බැලීම ලබන 29 වැනි දා තෙක් කල් දැමීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා ඉදිරියේ නඩුව කැඳැවූ අතර අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරෙස්න මහතා විනිසුරු මඩුල්ලේ නොමැති වීම හේතුවෙන් පෙත්සම කල් තැබිණි. ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම ද එදිනට සිදු කෙරේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රිමාන්ඩ් එකේ ඉන්න අතර නඩුව කල් යන එක කොතරම් හොඳද? ඉඳ හිට හොඳ ආරංචිත් කියවන්න ලැබෙනවා. රට යකාට ගියත් තමන්ගේ මඩිය තරකරගත්ත හොරුන්ට කිසිම සමාවක් දෙන්න එපා.