දොළොස් හැවිරිදි දැරියක කෙලෙසී යැයි සැකපිට අත්අඩංගුවටගත් මිහින්තලා රජමහා විහාරධිපති නාමල්වැවේ රතනසාර නාහිමියනට අනුරාධපුර අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දන එදිරිමාන්න මහතා ඉරිදා රාති‍්‍ර 12.ට ඇප නියම කළත් සදුදා ඇප දෙනතුරු ඒ හිමියනට අනුරාධපුර බන්ධනාගාරයේ ගතකිරීමට සිදුවිය.රුපියල් 25000ක මුදල් හා රුපියල් 100,000ක් බැගින් වූ ශරිර ඇප දෙකක් මත රතනසාර හිමි මුදා හරිනු ලැබීය.