
(රෝෂන් තුෂාර)
සැක කටයුතු බැංකු ගිණුම් 16 රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද බන්ධනාගාරයට රැගෙන ගියේය.
හිටපු අමාත්‍යවරයාගේ දියණියන් දෙදෙනෙකු හා බෑනා යන සැකකරුවන් තිදෙනෙකු අල්ලස් කොමිස මම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනා ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය.
අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් ඇප තැන්පත් කර පිටව ගියද ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප තැන්පත් කිරීමට නොහැකිව බන්ධනාගාරගත විය.
සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියම කර තිබිණි.

2025 දෙසැම්බර් මස 18
338
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇප කොන්දේසි නැති කෙහෙළියගේ එක් දියණියක් බන්ධනාගාරයට
ලූට මූස් Thursday, 19 June 2025 08:45 PM
පපුව දැක්කාම මට ඇප දෙන්න හිතුණා අනේ...!
Pradeep KumaraFriday, 20 June 2025 08:48 AM
පපුව හොඳනම් ඔහොම අපරාධ කරන්නෙ නෑනේ නේද?
Nandalal de Silva - France Thursday, 19 June 2025 09:52 PM
දැන් එහෙනන් ඒ දැරිවිගේ පවුල කැඩුණ නෙ, වෙන් උනා නෙ ? පව් අප්පා!!!
කුකුල් චමින්ද Friday, 20 June 2025 12:27 AM
බන්ධනාගාරයේ ඉන්න සහෝදරියන් ඔක්කොම, මේ ගෞරවාන්විත ප්‍රභූ දියණියව හොඳට බලාගන්න ඕන. ඕගොල්ලොන්ටත් දැන් වැඩ කෝටියයි, ඉදිරියට වැඩ ප්‍රකෝටියයි !!!
කව්ද බෝයි Friday, 20 June 2025 12:31 AM
මට ඇප දෙන්න හිතුණා...
don Friday, 20 June 2025 04:17 PM
මම ඇප දෙනවා... මට දෙනවා නම්...