(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවත් සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බව විශේෂඥ මතය යැයිද ඇය සඳහන් කළාය.
කොවිඩ් රෝගීන්ගේ සහ කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැති හෙයින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ජනතාව ඒකරාශීවීම වැළැක්වීම තවදුරටත් කළ යුතු බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමාජයේ පවුල් පිටින් කොවිඩ් ආසාදනයවන තත්වයක් පෙනෙන්නට ඇතැයිද කීවාය.
රෝග ලක්ෂණ නැති අය සමාජයේ සිටීම භයානක බවද ඇය පැවසුවාය.
දැනට පවතින කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කළද එය රටක් හැටියට දීර්ඝ කාලීනව කළ හැකි දෙයක් නොවන බවත් ඉදිරියේදී ජනතාවට කොවිඩ් රෝගය හමුවේ ඊට අනුගතව සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීමට සිදුවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
දකුණු අප්‍රිකාවේ පැතිර යන සැර කොරෝනා ප්‍රභේදය දැනට එංගලන්තයටද පැතිර ඇති හෙයින් එය ශ්‍රී ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන බව රාජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳිරිය කියලා දෙයක් තියෙනවද රටේ?
ඇත්තටම මෙයාලට දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න දඟලන හැටි ගැන නම් මෙලෝ අවබෝධයක් නෑ. එක සැරයක් කළගෙඩි නැටුම කළා නම් මොකට එනවද දන්නේ නෑ...
තමන්ගේ පුද්ගලික අදහස් පවුලේ අය සමග බෙදාගන්න... රට වහලා අහිංසක මිනිස්සු කන්නේ කොහොමද? කොරෝනාවලින් ලොකු අය ගොඩ ගියාට දුප්පත් ජනතාව අවුරුදු ගාණකට පස්සට ඇදලා දැම්මා..
ඔබතුමියගේ පෞද්ගලික මතවලට ඉඩදෙන්න බෑ.
නගරබද මෙන්ම ගම්බද තොරතුරු ටිකක් හොයලා බැලුවොත් ලොක්ඩවුන් එකක් හෝ ඇඳිරිනීතිය තියෙන බවක් පෙනෙන්නට නැහැ.. බොරු නොකර රට අරින්න. රටේ නීතියක් තියෙනවද? නීතියක් තිබේ නම් නීති ක්‍රියාත්මක කරන්න. මිනිස්සුන්ව තවදුරටත් පීඩාවට පත්කරන්න එපා. සියලු ශක්තිය කොරෝනා 19 මැඩලන්න යොදවන්න.