කලිසමක් හා බ්ලව්සයක් ඇඳ ඉතාලියේ මිලානෝ නුවර රැකියාවට යන්නට සැරැසුණු ශ්‍රී ලාංකික මවකට (40) පුතා බැන වැදී පහරදුන් බව ඉතාලි පුවත්පත් කියයි. එම ඇඳුම නොසුදුසු බව පුතාගේ මතය විය. මවගේ කෑ ගැසීම ඇසී අසල්වැසියන් ආවත් දොර වසා තුබූ නිසා පොලිසිය කැඳැවිණි. කාන්තාවගේ සැමියා ඒ අවස්ථාවේ ගෙදර නොසිටියේය. මව දවසක් රෝහල් ගත කළාය. මේ පුතා මවට පහර දීමට අත ඉස්සූ මුල්වතාව මෙය නොවන බව කියති. මවට හිරිහැර කළැයි ඉතාලි පොලිසිය ඔහුට එරෙහිව නඩු පැවැරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලිය වගේ රටක වැඩ කරද්දී කලිසමක් ඇදල වැඩ කරන එක පහසුයි,අනික කලිසමක් අන්දම මොකද වෙන්නේ එකට ගහන්න ඕනද ,ඔහොම පවුකාර දරුවොත් ඉන්නවනේ අනන්තවත්,පුතාගේ අත් දෙක කඩන්න ඕනා,ඔය ඒ අම්මට ගහපු පලවේනිවතාවත් නෙමෙලුනේ,පවුකාර දරුවෝ. (ස)
අම්මට එහෙම අදින්න මොකක් හරි හේතුවක් ඇතිනේ. (නි)
ඉතාලි ගිය මෝඩයෙක්. (නි)
අම්මත් වැරදි වේන්න පුළුවන් .තමංගේ අම්මට ගහන්න හිතන එකත් පවක්..(ස)
වැරැද්ද තියෙන්නෙ කලිසමේ නෙමෙයි. බලපු කෝනෙයි වැරදි. (ස)
පුතා ඇදුමක් කියල අම්මට ගහලා කියන්නෙ අම්මා හොද කෙනෙක් වෙන්න ඇති (ස)
මේවා මෙහේ ඉතාමත්ම සුලුයි. දේසේ හැටියට වාසේ. (නි)
අම්මට ගහපු අත් දෙක කැඩෙන්න ඕන..(ස)
පුතා ගහපු එකනම් වැරදියි. අපේකම මතක් වෙන්නේ රට ගියහම තමයි. (නි)
විභූෂ , ඔයා කියන්නේ ඇත්ත. සේනකට පොඩ්ඩක්වත් දැනුමක් නැහැ වගේ තමයි. (නි)
පුතාව මානසික වෛද්‍යවරයෙකුය පෙන්නන්න කියන්න. (නි)
මේවා ආනන්තරීය පාප කර්ම. (නි)
ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ ඔබ මතු බුදු වන දවසේ.... (නි)
අම්මට ගහපු එක වැරදි වුණත්, පුතාට පාරේ බැහැලා යන්න බැරි විදියේ ප්‍රශ්නයක් මෙතන තියෙන්නත් පුලුවන්. (නි)
අම්මට ගහපු 1 වැරදියි...(ස)
දෙවියන්ටත් වැඩදිලාද කොහේද මේ වගේ අයට ඉතාලි යන්න වරම් දීල තියෙන්නේ. ඉතාලි දේශගුණයට තමයි ඔය ඇඳුම හැදිල තියෙන්නේ. (අ)
ඔව් සමහරක් අම්මලා විලිසංගෙ නැති ඇදුම් තමයි අදින්නෙ.. ඉතාලියෙ මොකද ලංකාවෙ සමහර අම්මලා පිරිමි ළමයින්ගෙ පාසල්වලට යන හැටි දැක්කම වස ලැජ්ජයි..!(නු)
කොහේ හිටියත් තිරිසනා තිරිසනාමයි.. අම්මා මොනවා කළත් පුතෙකුට බැහැ අම්මට අත උස්සන්න...!!(නු)
පිටරට සංස්කෘතියට හුරුවෙන්න බැරි නම්, ඇයි දෙයියනේ ලංකාවේ නොහිටියේ? (නි)
අම්මා කෙනකුට ගහනවා කියන්නේ මහා පවක්. (නි)
අනේ ඉතිං, ඉතාලියේ සාරි අදින්න පුලුවන්ද? (නි)
අම්මා හොද සක්කර වට්ටමක් වෙන්න ඇති සමහරවිට. පුතා හේතුපිට වෙන්න ඇති කේන්ති ගන්න ඇත්තේ. (නි)
තම මවට පහරදීම කිසිසේත් අනුමත කළ නොහැක.. තමන් පතන නිවන තිබෙන්නේ තම දෙමාපියන්ගේ දෙපා යට බව මා අසා තිබෙනවා..!!
මේ කොල්ල දේශප්‍රේමියෙක් වෙන්න ඕන... එවන්න ලංකාවට ඒ ගොඩට වැටෙන්න...!(නු)
ඒ ඇදුම අම්මට නුසුදුසුයි කියා පුතාට හිතෙන්න ඇති..!(නු)
සේනක අම්මා කිරි පොවද්දි නම් සක්කරවට්ටමක් නෙමෙයි වෙන්න ඇති නේද? අම්මා මොනවා උනත් ගහන එක සම්පූර්ණයෙන්ම වැරදි සේනක හොදද? ටිකක් සමාන්‍ය දැනීම මදි වගේ සේනකට(නු)
ගහන්න නම් හොද නැහැ තමයි. එයාට තිබුණා අඩුම ගානේ තාත්තටවත් කියලා බලන්න. (නි)
ජාතකයේ වැරැද්දනේ ඔය. (නි)
පව් කාර දරුවෙක් අම්මගේ අගේ නොදන්න..(ස)
අයියෝ සල්ලි
මේක දෙපැත්තම බලල විසදන්න ඕන ප්‍රශ්නයක්. මොනවා උනත් ගහපු එක වැරදියි. කලිසමක් ඇන්දා කියලා අපේ කම නැති වෙන්නේ නෑනේ හැබැයි.(ස)
කොටට කොටේ සායවල් අදිනවට වඩා හොදයි කලිසම්..!!(නු)
යුරෝපයට සුදුසු කලිසම තමයි.සාරි නෙමෙයි..(ස)
අම්මගේ හැටි පුතා නේ දන්නේ.(ස)