ඇන්ටොනොව් වර්ගයේ විශාල භාන්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අළුයම මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
යු.ආර් 820-27 දරණ මෙම ගුවන්යානාව ඇමරිකාවේ සිට මත්තලට පැමිණ ඇති අතර එය අද මධ්‍යම රාත්‍රී 11.35 ට මත්තල සිට ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත බව වාර්ථා වෙයි.
මත්තල ගුවන් ගමන් කාල සටහනට අනුව අද දිනයේදී මත්තලට පැමණීමට නියමිතව තිබුනේ ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයක් පමණි.
මේ පිළිබඳව කළ විමසීමකදී මත්තල ගුවන්තොටුපොළේ උසස් නිලධාරියෙකු මුලින්ම පැවසුවේ එහි කාර්ය මණ්ඩලය 19 දෙනෙකු සිටින බවත් ගුවන් ගමන් භාන්ඩ තොගයක් රැගෙන යාම සඳහා පැමිණ ඇති බවයි. මෙවැනි යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගුවන් ගමන් භාන්ඩ රැගෙන යාම සඳහා පැමිණෙන බවත් ඔහු කීවේය.
එහෙත් තවත් නිලධාරියෙකු පැවසුවේ මෙවැනි යානයක් මත්තලට පැමිණි පළමු අවස්ථාව මෙය බවත් එහි කාර්ය මණ්ඩලය විවේක ගැනීමට මත්තලට පැමිණි බවයි.
රසියන් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් යුක්රේන් යන ආයතනයට අයත් මෙම ගුවන්යානය තුළ විශාල ඇන්ජිමක් සහ අමතර කොටස් ඇති බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බාන්ධාගාරයේ දැනට ඉතිරි වෙලා තියෙන රත්තරන් කිලෝ ටොන් ගානත් එහෙනම් පිටරටක අදිවී වගේ. (බ)
හොඳට ඇහැගහගෙන ඉන්න වෙනවා දැන්නම් (නි)
අද රෑ එළිවෙනකොට මොනවා වෙනස්වෙලා තියෙයිද දන්නෙ නැහැ (නි)
මත්තල ගුවන් තොටුපොළක් හැදුවේ ඕකට තමයි. අපේ අය තවම නිදිද? (නි)
ඔය නම් මොකක්හරි හොර වැඩකට වගේ. විවේක ගන්න මත්තලටම එන්න ඕනෑද? ලුණු ගෙනියන්න ආවාද දන්නේ කවුද? (නි)
අර කට්ටිය පනීද දන්නේ නැහැ (නදී)
මහින්දගේ ලම්බෝගිනි එන්ජින් ඔක්කොම ඡන්දෙට කලින් මාතර ලංගම බස්වලට හයි කරා. ඒවා කළේ චීනේ බාස් කෙනෙක්. (නදී)
මගේ අදහස මත්තල ගුවන් තොටුපොළ දේශපාලනයකින් තොරව බාවිතයට ගන්න අපේ ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි (නදී)
මත්තල ගැන සුබ සිහින දකින්ඩ පුළුවන් වෙයි වගේ (නදී)
මොනවද දන්නේ නැ පටවන්නේ (බ)
මත්තලට දැන් මැස්සෙක් බෑවත් සැකයි (බ)
ඇයි යකෝ ගුවන් යානාව කටුනායකට නැතිනම් මත්තලට මිසක් පිටකොටුවට බාන්නයැ. කිය කිය හිටියේ මත්තලට මුකුත් එන්නේ නෑ කියල නේද? (බ)
ලාබෙට කුරහන් අරන් යන්න ආවද දන්නේ නෑ (දිල්)
කාලසටහනට පිටින් එන ගුවන් යාන සැකයි තමයි ! ඒකවත් දන්නේ නැද්ද.? (ර)
මහින්ද මහත්තයාට පිං සිද්ධ වෙන්න ඒ අයට ප්ලේන්ටියක් එහෙම බීලා ටිකක් විවේක අරගෙන යන්න පුළුවන්.(හේ)
දැන් දැන් සිදුවන දේවල් අනුව මේ ගැන දෙපාරක් සිතා බලා බුද්ධි අංශද දැනුවත් කරන්න. අර එක්කෙනෙක් ප්‍රසිද්ධියේම කිව්වනේ කටුනායක වැහුවොත් අපිට මත්තලින් පනින්න පුළුවන් කියලා.(හේ)
අද දවසටම එන්න තියෙන්නේ එක ප්ලේන් එකද ?(හේ)
අර ඡන්දෙ ඉවරවුණු වහාම යු.එස්. වලට පලා ගිය හාදයට ගෙනියන්න බැරි වුනු රටේ මිනිස්සුන්ගෙන් හුරකෑ ඉතිරි බඩු ටික ගෙනියන්න වෙන්න ඇති (අ)
දවසටම එක ගුවන් යානය නම් එන්නේ එකේ යන්න ඉන්නේ මගින් දෙදෙනෙක් නම් කරුණාකරලා මත්තල වහන්න .මේවා ජාතික අපරාද .(හේ)
මත්තලට යානයක් ආවත් බ්‍රේකින් නිවුස් එකක්. ආවොත් ඒකත් විවේකයක් ගන්න තමයි.(හේ)
මත්තලට ගුවන් යාන ආවේ මේ ආණ්ඩුවෙන් මිසක් මහින්ද ගේ ආණ්ඩුවෙන් නොවේ.(හේ)
ගුවන් යානය රුසියන් නිසාද මෙහෙම කට්ටිය දගලන්නේ (දිල්)
වහාම හොයන්න ඉක්මනට, නොදන්වා එන්න මේක පාරේ යන බස් එකක් නෙවිනේ. ලම්බෝගිනි රටින් පිටකරන්න ආවද දන්නේ නැ, ජනතාවට අහුවෙන්න කලින්. (දිල්)
මේකේ කවුරු රට පනීවිද (දිල්)
ගුවන් යානා ආවත් වැරදී, නාවත් වැරදී, වෙන වැඩ නැද්ද ?(දිල්)
එක පාරටම මොකද මත්තල මතක් වුණේ.(හේ)
ප්‍රවේශම්වීම කෝකටත් හොඳයි (නි)
ගුවන් යානා එන්න තමයි එයාර්පෝට් හදන්නේ (දිල්)