විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද උදේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් සිය දෙවැනි දින පා ගමන ඇරැඹීය. පෙරදින රාත්‍රිය කළුවඩුමුල්ල සිරි විජයාරාමයේ ගත කළ ආචාර්යවරුන් අද ගමන ඇරැඹූයේ බ්‍රාහ්මණවත්තේ විමලවංශ හිමියන් ඇතුළු සංඝරත්නයේ සෙත් පිරිත් දේශනයෙන් පසුවය. එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක, ලයනල් ඉපලවත්ත, හිටපු යුද හමුදාපති සරත් නේසේකා, ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත, බිමල් රත්නායක මහත්වරු ද ගමනට එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දැක්කහම අදහස් දක්වන්නත් දුකයි (නි)
ජය ජය වේ(නු)
ජයෙන් ජයම වේවා..! ඔබලට ලංකාවෙ අධ්‍යාපනය රැක ගැනීමට මේ කරන අරගලයට මගේ උපරිම සහයෝගය.!(නු)
සරසි ඔබ හරි.. ෙහ්මන්තට අධ්‍යාපනය පිළිබද හරි වැටහීමක් නැහැ වගෙයි පේන්නේ..!(නු)
අද ඔය පැත්තට ගිගුරුම් සහිත වැසි ලැබෙනවාලු.. පරිස්සමින් ඉන්න කියන්න..(නු)
කවුරුන් හෝ මේ වාට විරුද්ධව ක්‍රියා කළ යුතුයි...!(නු)
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන කැපවීම අපි අගය කරන්නෙමු .ජය වේවා (නු)
මේ අයත් ටිකක් කට්ට කන එක හොදයි, මොකද කැම්පස් එකේදී සමහර ඇදුරෝ ඉන්නේ නිකං මෘගයෝ වාගේ, හම්බවෙන්නත් බයයි, වචනයක් වැරදුනත් ෆේල්. තව මෙතෙන්ට නොකියන කථාත් තියනවා, පඩි ගන්නවා වාගේම මෙවත් හදාගන්න ඇදුරනේ.(ස)
ඊයේ කට්ටියක් නෑවා .අද කට්ටියක් නාන්න හදන්නේ . මොකෝ ඊයේ කට්ටිය අද නැත්තේ..(ස)
ඔහොම යං....
උදේට කාලද දන්නේ නෑ ඉන්නේ..(ස)
ඉන්දිකා, පස්සෙන් ඉන්න අය දැක්කේ නැද්ද? ඉතින් අචාර්යවරුනේ ඉස්සරහින් ඉන්නේ. පස්සෙන් කවුරු ආවහම මොකද? (නි)
යොහාන්, ඔව් එයාලා නෑවේ නැත්නම් රටටම නාන්නයි වෙන්නේ ඉස්සරහට. මේ රටේ මොනවා නැති වුණත් අන්තිම දුප්පත් මිනිහටත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කම තිබුණා, තමන්ගේ දරුවා ඉගෙනගෙන තැනකට එයි කියලා. හැමදේම නැති කරලා දැන් ඒකත් නැති කරන්න යන වෙලාවෙත් නිකන් ජෝක් දදා ඉන්න ඔයාලා වගේ අය අම්මපා රටකට වාසනාවන්! (නි)
මේගොල්ලන් පිටුපස ඉන්නෙ කවුද කියලා බලන්න ඕන..!(නු)
රටකට ගිය කල
අනුමත මොකරමි
ඉගෙන ගන්නේ නැද්ද මේ මිනිස්සු
ජයවේවා ... ජයවේවා ඔබතුමාලට ජයවේවා
පොඩ්ඩක් ඉවසලා ඉන්න මාලක ආවාම ඔය ඔක්කොම විසදාවි..!(නු)
අනේ අපොයි අධ්‍යාපනයට ගිය කල.. ?(නු)
ඔබ සමග අපි.. ඔබේ සටන අනාගත පරම්පරාව වෙනුවෙනි.. ඔබට ජය..!(නු) .
ජයවේවා
මේ ඉල්ලන්නේ හදිසි නීතියද?(නු)
අධ්‍යාපනයට වියදම් කරන්නේ මහජනතාවගේම මුදල් කියලා මතක තියා ගත්තොත් හොදයි. (නි)
ඇරිස්, එයාලා ඉල්ලන්නේ රටේ දරුවන්ගේ අනාගතය සහ නොමිලයේ අධ්‍යාපන අයිතිය. (නි)
කිසිම බලධාරියෙකුට මේ ප්‍රශ්නය විසදන්න උවමනාවක් නැහැ. මොකද එයාලගේ දරුවො ඉගෙනගන්නෙ පිට රටවල්වල. අන්තිමට අපේ දුප්පත් දරුවන්ම තමයි මේවගෙන් බැට කන්නෙත්. මෙහෙම වෙනකොට උගත්තු රටහැරල යනඑක අහන්න දෙයක්ද?.(ස)
ඇදුරුතුමන්ලාට ජය වේවා! (නි)
ජය වේවා !!!!!! (ස)
මිලින්ද, අපෝ ප්‍රයිවට් බස්වලින් ප්‍රශ්නයක් නෑ. මේ අය ප්‍රයිවට් බස්කාරයින්වත් අමාරුවේ දාලයි තියෙන්නේ.(ස)
වැඩේ හරියයිද ඔහොම කළා කියලා
අපි ඔබලා සමඟ මොරටුවේදී එකතු වන්නෙමු.(ස)
මොන ආණ්ඩුවක් වුණත් පෙරළන්න නම් එනවා උඩ දාගෙන. ඒත් මේ රටට හොදක් කරන්න නම් කවුරුත් නැහැ. අනේ මෙහෙමත් කට්ටිය ඉන්න රටක්? ඊජිප්තුව, සිරියාවට වුණ දේ මෙහෙටත් කරන්න පුලුවන් වේවි කියලද දන්නේ නැහැ හිතන්නේ. 'අනේ එක දවසක් මම හීනෙන් ගුරුවරයෙක් වුණානේ' සිංදුව මතක් වෙනවා මට. (නි)
මෙයාලට නම් කවදාවත්ම ඇස් ඇරෙන්නෙ නැහැ (නි)
ඇයි මෙතන මේ එජාපයේ අයත් ඉන්නේ? (නි)
ගුරුවරු උනාම මිට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනේ (දී)
ආදර්ශයක් දෙන්න පුළුවන් වැඩක් නොවෙයි මේ කරන්නේ
දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබ කරන කැපවීම අපි අගය කරන්නෙමු .ජය වේවා ..(ස)
6% නෙවෙයි 50% වැඩි කරන්න කියලා ඉල්ලන්න . පිනට ඉගෙනගෙන දැන් රට විනාස කරන්න හදනවා (ස)
උගතුන්ට සළකන්නේ නැති රටක් කවදාවත් දියුණු වෙන්නෙ නැහැ (නි)
බලාගෙන පාරේ ප්‍රයිවට් බස් යනවා (ස)
අනේ මන්දා ඉතින්
ජය වේවා !!! (ස)
ජය වේවා ! මේක ආරම්භයක් කර ගනිමු. (ස)
සම්බුදු හිමිගේ සදහම් සිසිලෙන් සැනෙහන අප සිරි ලක් දරුවෝ උදාර වැඩ කර දෙවුලොව වෙත යන මේ ලෙස අගේ ඇති මහ ඇදුරෝ (නි)
නොසැලී ඉදිරියටම...ජය වේවා (ස)
මේ රටේ කවුද පිනට ඉගෙන නොගත්තේ.හේමන්ත පිනට තියා පවටවත් ඉගෙනගෙන නෑ වගේ (ස)
ලංකාවේ ගුරුවරුන්ට ගිය කල
ඉල්ලන දේවල් දීලා දාන්න
මේක කලයුතු දෙයක්. රජය මේ ප්‍රශ්නය විසඳන්න කිසිම උනන්දුවක් නැත්නම් වෙන කරන්න දෙයක් නැහැ. අඩු වශයෙන් සාමකාමිව ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න කරන ප්‍රයත්නයට අපි ගරු කල යුතුයි.(ස)
ආචාර්‍යතුමණි අපිත් ඔබ සමග කොළඹදී එකතු වෙනවා. නිදහස් අධ්‍යාපනය රැක ගනිමු (ස)
මම හිතන්නේ හේමන්තගේ කවුරුවත් සරසවියක් ළගින්වත් ගිහින් නැහැ (නි)
කාට කියන්නද