(අංජුල මහික වීරරත්න)
ඉදිරි දින තුන සඳහා ඇඳිරිනීතිය නොපනවා සංචරණ සීමා පැනවීම නීතියට යටත් වන ක්‍රියාමාර්ගයක් නොවේ යයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය .
නීතියට පිටින් පනවා තිබෙන සංචරණ සීමා අභියෝගයට ලක් කර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කිසියම් පුරවැසියෙකු ක්‍රියා කළහොත් රජය පැනවූ සියලු සංචරණ නීති හකුලා ගැනීමට සිදුවෙතියි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය .
ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීමට හැකියාව ඇත්තේ 1947 දී සම්මත කළ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ පනවන ඇඳිරි නීතියෙන් පමණකියි ද වජිර අබේවර්ධන මහතා තවදුරටත් කියා සිටියේය .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා වර්තමානයෙ සංචරණ සීමා පනවා තිබෙන්නේ 1932 වසරේදී එංගලන්තය සම්මත කළ රාජධානිය ආරක්ෂා කර ගැනීමේ පනතේ විධිවිධාන යටත් විජිත වලට ද එලෙසින්ම බලපැවැත්වෙතියි එකළ පැවති නියමය යටතේ වුවත් දැන් ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් වන හෙයින් ඒ විධිවිධාන මේ වන විට බල රහිත වී තිබෙතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය
ඉහත පනත 1897 දී වසංගත හා උපද්‍රව අවස්ථාවලදී වරාය සහ ගුවන් තොටුපළ හරහා ගමනාගමනය වෙනුවෙන් සංශෝධනය කළ ද එමඟින් දැනට පනවා ඇති සංචරණ සීමා තහනම ක්‍රියාත්මක කළ නොහැකි බවද වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනූකූල වෙන්න නීතීයක් කෝ
අනේ මෙයා මොනවද දන්නේ
මෙයාලගෙ කට කොතනද තියෙන්නේ. පහුගිය දවස්වල කෑගැහුව රට වහපන්, සංචරණය සීමා කරපන් කියල. දැන් ? මෙයාලට හැදුනෙ නැත්නම් තමා පුදුමෙ?
ඔක්කොම නීතියට කරන රට.
කොහොමහරි බලය අල්ලනන තමයි කල්පනාව
පාර්ලිමේන්තුවෙන් පන්නලා දැම්මෙ ඇයි කියල කල්පනා කරල බැලුවොත් ඔයිට නරකද?
ඉතින් මහත්තයෝ උසාවි ගිහින් නියෝගයක් ගතතනම් ඉවරනේ
මෙවන් අය දියවනාවට කෙසේ ගියේද යන්න පුදුමයකි....
මුහුණු පොතේ පලඋනානම් මගෙන් මුකුත් අහගන්නවා.