විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මහීන් මෙන්ඩිස් මහතා අද අලූත්ගම නගරයේ රැස්වීමක් අමතද්දී වේදිකාවට ගල් පහරක් එල්ලවී ඇතැයි ආචාර්ය සංගම් ආරංචි කියයි. ගල් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා කවුදැයි හඳුනාගෙන නැත. ගල් පහර එල්ල කිරීමෙන් තම ගමන හෝ වැඩ පිළිවෙල නතරකළ නොහැකි බව මහීන් මෙන්ඩිස් මහතා එහිදී පැවැසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූසිල වාදියෝ වැඩි වුණහමයි ඔහොම වෙන්නේ. (නි)
අනාගතේ අපේ අතේ - ගුරු හොරු ළග සතේ නැතේ... (නි)
බුදුන්ටත් ගල් ගැහුවා . ගණන් ගන්න එපා ,හැංගිලා ගහන්නේ බයටනේ...(ස)
මේජර්ලගේ ඔලු පලන එකේ ඕක මොකද්ද අනේ......(ස)
6%ක් අරගෙන කරන දේවල් මොනවද කියලා අපිට තවම පැහැදිලි නැහැ (නි)
අහිංසක දරුවන්ට දැන්වත් ඉගෙන ගන්න දීලා ඩොලර් හොයාගෙන ඒ රටවලට යන්න..! (නු)
ගල් ගහපු කෙනා දන්නේ නැතුව ඇති බුද්ධියට ගල් ගහන්න බැරි බව..(ස)
ළමයින්ගේ අධ්‍යාපනය උගසට තියලා වර්ජන කරන අයට ගල් නොවෙයි වැදෙන්න ඕනි....(ස)
දෙයියෝ සාක්කි ලොකු අපලයක් ඇති මේ දවස් වල
කොහොමද එහෙම උනේ මම හිතන්නේ තරහක් පිරිමහුව (දී)
මනේකා, චිරාන් ඒ අයට ඇමරිකාවට යන්න කියන්නකෝ. මොනවටද මෙහෙ පාරවල් ගානෙ ඇවිදින්නේ. ඇමරිකාවේ ගිහිල්ල විශ්ව විද්‍යාලවල උගන්වන්න ඒ අයට දෙනවද. අනේ ඇමරිකාවේ ලංකා ඉතිහාසය හරි සිංහල හරි බුදුබණ හරි උගන්වන විශ්ව විද්‍යාල තියෙනවද. එහෙ ගියාම එයාලගෙ ළමයිට නොමිලේ අධ්‍යාපනය දෙනවද. ඒත් ජනප්‍රියම හොඳම ඉස්කෝල එයාලට ලංකාවෙ වගේ දෙනවද. ඔයාල දන්නවද විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගෙ දරුවන්ට ලංකාවේ හොඳම ඉස්කෝල ටික තමයි දෙන්නේ. තීරුබදු රහිත වාහනයක් දෙනවා. ඒවා ඇමරිකාවේ දෙනවද. අපේ ළමයි ගැන ප්‍රසිද්ධියේ කඳුලු හලන එයාල ඉස්කෝලෙට ළමයි දානන යනකොට ඒ සමානාත්මතාව පෙන්වනවද.හැමෝම කරන්නේ දේශපාලන හා ආර්ථික වාසි වෙනුවෙන් දඟලන එකනේ.(ස)
නිදහස් අධ්‍යාපනය කියන්නේ ඉතාම සන්වේදී පහසුවෙන් විකිනිය හැකි දෙයක්. ඉතිහාසය පුරාම මේක විකුණලා ගොඩාක් අය ලාබ ලබාගෙන තිබෙනවා. අද මේ විදිහට නිදහස් අධ්‍යාපනය ඉස්සරහට දාගෙන ගෙනියන්නේ මේ රට අස්තාවර කිරීමේ ලොකු වැඩ පිලිවෙලක්. මේ අය ගොඩක් සිංහල බැරි ඩොලර් වලටවැඩ කරන අය. සමහර අය මුලාවෙලා මේ අයට උදව් කරන බව පේනෙනවා. මා එක දෙයක් ඒ අයගෙන් ඉල්ලනවා. කරුණාකර මෙන්ඩිස් කතා කරන විදිහ අහන්න. මෙයාලා සිංහල බැරි ඩොලර් කාක්කන් බව හොදට තේරුම් ගන්න ඒ ටිකම ඇති.(ස)
බොරු ෂෝ..එක පාරක් ඒ ගොල්ලන්ම ඇන තියාගත්තා...(ස)
ලංකාවෙ අධ්‍යාපනයට යන කළ..!(නු)
අපි දැංවත් මේ පවතින අාණ්ඩුක්‍රමය වෙනස් කරමු...!(නු)
ජිවත් වෙන්න පින තියෙනවා
සිනේකා ඔබ හරි. තේරුම් ගන්න බැරි අය ආණ්ඩුක්‍රමය වෙනස් කරන්න හදන එකට මුලාවෙලා මේ අයට උදව් කරන බව පේනෙනවා. (ස)
හොඳ වෙලාවට ඒක ගලක් වුණේ , බෝම්බයක් වුණානම් ?? (ස) ප්‍රවේසම් වෙන්න..බෝම්බත් ලඟ ලඟ එනවා ඇති..(ස)
අපි දැන්වත් ආණ්ඩුව වෙනස් කරමුද? (නි)
රටක් අස්ථාවර වෙන්නේ අධ්‍යාපන නොලබපු අය වැඩි උනාම කියන එක සිනේකාලවගේ අයට තේරුම් ගන්න පුළුවන් තරම් සරල නැහැ වගේ.(ස)
ලලිත් ඔයා හරියට හරි. අද තියෙන ප්‍රජාතත්‍රවාදය මේක තමයි. ඒත් පුදුමය නම් මේක තමයි හරි කියලා කියන්න මිනිස්සුත් ඉන්නවා. (නි)
හොද වැඩේ. (නි)
අපේ ඇමතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම්, මීට වඩා දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
සිනේකා ඔයා මහීම් මෙන්ඩිස් මහත්මයා කථා කරන සිංහල භාෂාව හොඳට අහගෙන ඉඳලා නැතිව වගෙයි. එතුමා ඉතාමත් නිවැරදිව සිංහල කථා කරනවා. ඔයාට සිංහල තේරුණේ නැතිවුණාට කනගාටුයි. මේ අයට ඕන තරම් ඩොලර් හම්බ කරන්න පුඵවන් පිටරටකට ගිහින් ඉගැන්නුවා නම්. පාරවල් දිගේ අව්වේ වැස්සේ මෙහම දුක් විඳින්න ඕන නැහැ. (ස)
කෝ පොලිසිය? (නි)
පොලිසියත් නිදිද කොහෙද? (නි)
ගල් ගැසීම කිසිසේත් අනුමත නොකරමි. (නි)
කවුද දන්නෙ නැහැ ගල් ගැහුවේ? (නි)
ඔය කරල තියෙන්නෙ අනතුරු ඇඟවීමක් වගේ. මහාචාර්යවරුනි ප්‍රවේශම් වෙන්න. දැන්මම එහෙන් මෙහෙන් ඇහෙනවනේ අනාගත අධ්‍යාපන ඇමතිවරුගැන. පුතාට දෙන්න කලින් පුරුදුකරන්නත් එක්ක තාත්තට දෙන්න බැරිකමක් නැහැ.(ස)
කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ
අයියෝ සල්ලි
කොහොමද එහෙම උනේ
පුදුමයි ඒත් ඇත්තයි.... (නි)
ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට ගරුකර නිදහස් අධ්‍යාපනය රැකගන්න. (නි)
ඔය ප්‍රශ්නෙට ඉක්මන් විසඳුමක් නැත්නම් රටේ අධ්‍යාපනයේ බොහෝ කරුනු කාරණා වෙනස්වීමට ඉඩ ඇත (ස)
පරිස්සම් වෙන්න මින් පසු
ඔය කරල තියෙන්නෙ අනතුරු ඇඟවීමක් වගේ. මහාචාර්යවරුනි ප්‍රවේශම් වෙන්න. දැන්මම එහෙන් මෙහෙන් ඇහෙනවනේ අනාගත අධ්‍යාපන ඇමතිවරුගැන.(ස)
සිනේකා, උපුල් ඔයාලා ආචාර්‍ය මහීම් මෙන්ඩිස් මහතා ගැන දන්නේ මොනවද? එයාට ඩොලර් ඕන නම් දැන් වුනත් අමෙරිකාවට යන්න පුලුවන් කෙනෙක්. ඒත් ඔහු මේ පොලොවෙ පය ගහල ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක්. සටන් කරන්නේ ආචාර්‍ය වරුන් වෙනුවෙන්. එයාගෙ භාෂා විලාශය වෙනස් වුවත් ඉතා හොඳ සිංහල කථා කරනවා. දන්නේ නැති දේ කියන්න එපා.(ස)
තමන්‍ටම ගල් ගහ ගන්නත් පුළුවන් (ස)
4000 ක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට මාසයකට රුපියල් 50000 ක් වටිනා ඩොලර් එන්නේ කොහෙන්ද කියලා දැන් අපිට හිතා ගන්න පුලුවන්. අපේ අහිංසක දරුවන්ට දැන්වත් ඉගෙන ගන්න දීලා අර ඩොලර් හොයාගෙන අමෙරිකාවට ගියා නම් ලොකු දෙයක්. (නි)
කවදත් ඔහොම තමයි (ස)
එක පාරක් ඇණ. දැන් ගල්. මෙතන මොකක් හරි අමුත්තක් තියෙනවා. (නි)
හිතාගන්න බෑ (ස)
ප්‍රභාකරන් ඉන්න කාලේ කොච්චර මිනිස්සු මළත් කවුරුත් කතා නැහැ. දැන් තමයි අධ්‍යාපනය බේරාගන්න දගලන්නේ. (නි)
හිනාත් යනවා අනේ මට
බය වෙන්න එපා
ඇති ඔයින් ගියා
ලලිත්, ඔයා කියපු ඒ වැඩ කරපු අය තමයි අද ඒ පා ගමනෙ ඉස්සරහින්ම ඉන්නෙ. සරසවි සිසුන්ගේ ඔලු වලට පරාල ඇණත් ඇතුලු කළා මතක ඇති නේද. සරසවි අවුරුදු ගනන් වහලා තිබ්බ බව මතකද. ඒ කාලෙ සරසවි අධ්‍යාපනය විතරක් නෙමෙයි, සමස්ථ අධ්‍යාපනයම විනාශ කරපු, පාසල් වධකාගාර බවට පත් කරපු, අහිංසක සිසු ජීවිත දහස් ගණනක් වළ පල්ලට යවපු පක්ෂ දෙකේ අය තමයි දැන් කෑගහන්නේ. අපි ඒ අය නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරයි කියලා හිතලා නැවත පාලනය බාර දෙමුද මල්ලී. (නි)
කියන තරමක් බොරු කියන නිසයි (ස)
අපේ ශක්තියත් ඔබලාටයි...ජය වේවා ..!(ස)
නැතුව ඉතින් මැණික් ගලකින් ගහන්නයැ...(ස)
පව්.
ගල් ගහපු කෙනා නිදහස් අධ්‍යාපනයට පිලිලයක් (ස)
ඇදුරුතුමන්ලාණෙනි, මේ රටට ඔබේ වටිනාකම තේරෙන්න නම් ඔබ වෙනත් රටකට සේවය ලබා දෙන්න. (නි)
දැන් ඉන්න රාජ්‍ය සේවකයන්ට එකපාරටම අමතක වෙන ලෙඩකුත් තියෙනවනේ (නි)
කාගේ වැඩක්ද ?? (ස)
මට හිතෙන්නෙ මේක සැලසුම් සහගත වැඩක් කියලයි. අවදානය ගන්න කරන්න ඇති කියලයි මට හිතෙන්නේ. ඔය වගේ සෙනග ගොඩක් ඉන්න තැනක ගල ගහපු කෙනා අල්ලන්න බැරි වීම පුදුම සහගතයි.(ස)
නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමු. (ස)
දැං ඉතිං මීට වඩා වැඩි දෙයක් උනත් බලාපොරොත්තු වෙන්න පුළුවං.. (නු)
ඇදුරන්ට ගල් ගහන යුගයක් එදත් තිබුන. උසාවි වලටත් ගල් ගැහුවා. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ට වගේම මහාචාර්ය සරත්චන්ද්‍රයන්ටත් ගහපු හැටි අපට මතකයි. එදා හිටපු චණ්ඩින්ට වුන දේවලුත් එම ආණ්ඩුවට අන්තිමේ අත් උන ඉරණමත් අපටනම් තාම මතකයි. එත් මේවා නොදන්නා අය අද ඔය කරන හිතුවක්කාර ප්‍රහාර වලින් අන්තිමට වෙන්නේ රට විනාශ වීම පමණි. දැන්ම මේක තේරුම් අරන් ඉක්මනට මේ ප්‍රශ්නය නොවිසදුනොත් රට යලිත් මහා අඝාදයකට යනු නියතයි. (ස)
සියයට හය ලුබුනොත් අනාගත පරපුර ගල් ගහනෙකක් නැහැ. (ස)
ඒ කියන්නේ අරයා දැන්මම අධ්‍යාපන ඇමති වෙලා ද ? (ස)
සේනක ඔබ හරි ..ගල් ගැහුවේ මිනිස්සු අතරින් කෙනෙක් නම් ඒ වටේ හිටපු මිනිස්සු නිකම් බලන් හිටියද ????? මේවා තමයි නියම රඟපෑම්..(ස)
මමත් ඔය අවස්ථාවෙ හිටියා. දැඩි පොලිස් ආරක්ෂාවක් දමා තිබියදීත් ගල් පාරක් ගහලා මේ පුද්ගලයා පැනලා ගියේ කොහොමද? මේක සැලසුම් කරලා කරපු දෙයක් කියලයි මම නම් කියන්නේ. මොකද ඒ අවස්ථාවෙ කිසිම පොලිස් නිලධාරියෙක් ඒ මිනිහා අල්ලන්න උත්සාහ ගත්තේ නැති නිසා. (නි)
මේවා ලජ්ජා නැති වැඩ
බුද්ධියත් සමග හැප්පෙන්න ගල්මුල් වලට පුලුවන්ද? (නි)
ඔලුවට වැටුනා නම්
ගලක් වැටුණා! අහසින්මද දන්නේ නැහැ වැටුනේ. (නි)
පල ඇති රුකටලු ගල් ගහන්නේ..(ස)
එහෙම කරන්න අයිතියක් කාටවත් නැහැ
ගල් ගහලා මදි(ස)