සරසවි ආචාර්යවරුන්ගේ හා ඔවුනට සහාය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ ඒකාබද්ධ රැලිය කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (28)පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ, සෝමවංශ අමරසිංහ, සරත් ෆොන්සේකා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු විපක්ෂ දේශපාලනඥයෝ ඊට එක් වී ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනිමට සිය සහාය පළ කළහ. මෙම රැලියට ගාලු පාරෙන් හා නුවර පාරෙන් සෙනඟ පැමිණිම නිසා අද පස්වරුවේ සිට කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් ඇති විය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා
ආණ්ඩුව නුසුදුසු වැඩ කරනකොට එයට විරුද්ධ වීම විපක්ෂයේ වගකීම. ඒ නිසා මේක මම නම් දකින්නේ රටක විය යුතු දෙයක් ලෙසයි. දැන් මේවා කියලා වරඩක් නැහැ. නමුත් මේකේ ලියන අය නොදන්නා දේවල් කියන්න එපා. (නි)
විපක්ෂය කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන සිටිය යුතු පිරිසක් තමා..(නු)
ඔන්න දැන් ආචාර්යවරුන්ටත් විපක්ෂයෙන් ඡන්දය ඉල්ලන්න පුලුවන්. (නි)
අවුරුදු 15 කට කලින් 3.5% අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළා. දැන් 1.8%යි. මේ රටේ විභාග වල දැඩි තරගකාරිත්වයක් තියෙන්නේ. උසස් අධ්‍යාපන ආයතනවල පහසුකම් වැඩි කරලා තව සිසුන් පිරිසකට අවස්ථාව දෙන්න පුළුවන්. (නි)
සුමාල් වගේ හිතන අය ඉන්නකල් රටට දෙයියන්ගේම පිහිටයි. රැළියට ජය වේවා! (නි)
පාලක පක්ෂය වම් අත පෙන්නලා මේ තියෙන්නෙ දකුණ කිවුවත් පිළිගන්න මිනිස්සු ඉන්න රටක අනාගතය ගැන ඉතින් කවර කතාද? ඉතිහාසය තුළ කිසිම ඉල්ලීමක් අරගලයකින් තොරව රිදී බන්දේසියක තබා පාලකයන් ලබා දී නැත. කුඩා දරුවන් යමක් ඉල්ලා හැඩීමද එක් අතකින් බැලූ විට අරගලයකි. එය සුදුසුද නුසුදුසුද ඉටුකළ හැකි ඉල්ලීමක්ද සොයාබලා කටයුතු කිරීම මාපිය යුතුකමකි,වගකීමකි. මේ අරගල අතර සිටින්නේ කුඩාදරුවන් නොව රටේ උගතුන් බුද්ධිමතුන්ය. එනයින් බැලූකල මේ ගැටළු ඉතා පහසුවෙන් විසදා ගත හැකිව තිබුණු බව නම් පැහැදිලිය. ජනතාව පාරම්පරික දේශපාලනයෙන් මිදෙන තුරු රටේ ප්‍රශ්න දෙස බලන ආකාරය වෙනස් නොවනු ඇත. යම් දේශපාලන පක්ෂයකට මනාප වීම තම මාපිය උරුමයෙන් ලැබුණක් යන මතය වෙනස් කරගත යුතු කාලය ඉක්මයමින් තිබේ. බුද්ධියට අවනතව සිතා බලන්න. (නි)
මෙම පාලනය භංග වේවා! (නි)
සිංහලයිනි නැගිටියවු. ස්වභාෂා පාසල්, විශ්ව විද්‍යාල රැකගනිවු. (නි)
මෙතන දේශපාලන ස්වරූපයක් පෙනෙන්නේ නැහැ. (නි)
මෙතන ප්‍රතිචාර දාලා තියෙන හුගක් අය ආණ්ඩුවම පක්ෂයි වගේ. (නි)
අපේ රටේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ දරුවෙකුගේ ජීවිතේ හෝ රටේ අනාගතය වැදගත් නැහැ.. (නු)
1987, 1988, 1989 කාලයේ කරපු විදියටම තව ටික කාලයකින් වැඩ පටන් ගනීවි. බලය තරමටම මොළය පාලකයන් ලළ ඇත්තෙ නැහැ. (නි)
මරේ මරුනේ. නියම කට්ටිය එකතු කරගෙන අයිතින් දිනා ගන්න යන්නේ. (නි)
මේකෙ උඩ ප්‍රතිචාර දාලා තියෙන මෝඩයින්ට එයාලගෙ ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන දවසට තේරෙයි මොකක්ද මේකෙ තේරුම කියලා. (නි)
මේකෙ අදහස් දාල තියෙන අයට ළමයින්ට සල්ලි දීලා ඉගෙන ගන්න වෙන දවසට තේරෙයි මොකක්ද මේකෙ තේරුම කියලා...(නු)
එල්ලෙන්න වැල් නැතුව සිටිය අයට වැලක් හම්බුවෙලා. (නි)
මේ අය ආණ්ඩු පක්ෂයේ හිටියා නම් අද මෙහෙම මෙතන ඉදීද? (නි)
ඒකාධිපති පාලනය වහා අවසන් කළ යුතුයි. (නි)
රු. 15,000 පඩි ගන්න බහුතරය ඉන්න රටක රු. 1,00000 ට වඩා පඩි ගන්න ගන්න වැටුපට සේවයක් නොකරන අතලොස්සකට කඩේ ගිය මහා ප්‍රභුවරුනි, පුද්ගලික අංශයේ මැරි මැරී වැඩකරන ජනතාව ගැන ඔහේලට ඔය කැක්කුම නැත්ද? ඔබ නැගී හිටින්නේ මොන පන්තිය වෙනුවෙන්ද? (නි)
ඔය ඉන්නේ ඇදුරෝ ටික... (නි)
සංජය මල්ලි.. ඔය කාලෙට ඔහොම හිතෙනවා.. සිලබස් වෙනස් කරන්නවත් පුද්ගලික විශ්වවිද්‍යාල පිළිබදවවත් ගැටලුවක් නෙමෙයි තියෙන්නේ මෙයාලගේ වැටුප වැඩිකරගැනීම පිළිබද ගැටළුවක්..!(නු)
සුගත් ඔහොම කියලා අපි අවුරුදු තිහක යුද්ධයක් කළා. ඒ කතා දැං හරියන්නේ නැහැ.. පළමුව මොකටද එන්නේ කියලා බලන්න..!(නු)
කමල් මහත්තයෝ, එල්. ටී.ටී. එකේ අය අද ඇත්තටම මොන පක්ෂයේද ඉන්නේ. ඔයාට මතක නැහැ වගේ නේද. ඔහොම තමයි, ඔහොම තමයි. ඔයාලා ආරක්ෂා කරන පාලකයන් නිවැරදිව හා සාධාරණව පාලනය කළා නම් මේ කිසි ගැටලුවක් නැහැ නේද? (නි)
මොනවා කිව්වත් දැං අපිට මේක ගැන තියෙන්නේ දෙගිඩියාවක්..!(නු)
ස්ට්‍රයික් කරපු කාලයට පඩි එපා. (නි)
ඔය මහ සෙනගක්යැ. පහුගිය කාලෙ සෙනග ආවෙම නැති දේශපාලන පක්ෂ වලට විශ්ව විද්‍යාලෙ කොල්ලොන්ට පිං සිද්ධ වෙන්න ඔය නම් මහ සෙනගක් තමයි. ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් ලු. (නි)
ආණ්ඩුව ජනතා විරෝධී මගක යනවිට විපක්ෂය එයට විරුද්ධ විය යුතුයි. එනිසා විපක්ෂයේ මැදිහත්වීම සාධනීයයි. රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සල්ලි වෙන් නොකරන ආණ්ඩුව මෙතනදී කොහොම එකක්ද කියලා පැහැදිළියි. (නි)
මම කොළඹ සරසවියේ කලා අංශයේ තුන්වන වසර ඉගෙන ගන්නා අයෙක්.. අද වෙනකොට මේ වර්ජනයට මාස තුනක් වෙනවා අනධ්‍යයන සේවකයන්ගේ වර්ජනයත් සමග. මේ වෙනතෙක් මේකට විසදුමක් දෙන්න බැරිවෙලා තියෙනවා.. මේකට හේතුව රජයට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට තිබෙන අවශ්‍යතාවයයි.. (නු)
දැන් කට්ටියට පැහැදිලියි නේද(නු)
සරත් ෆොන්සේකා මැතිතුමාත් මේකට සහයෝගය දක්වනවා නම් ඇමරිකාවෙනුත් මේ සම්බන්ධයෙන් උදවු ගන්න පුළුවන් වෙයි. අවශ්‍ය නම් ආයුධත් ගෙන්න ගන්න පුළුවන්. වික්‍රමබාහුත් ඉන්න එකේ, තමිළ්නාඩුවෙනුත් උදවු ගන්න බලන්න. (නි)
ආදිවාසී ජනයා හැරෙන්නට අනෙක් සියල්ලෝම මෙතන ඉන්නවානේ. (නි)
මේ සටන පිටිඅස්සේ ඉන්නේ කවුද කියන එක නෙවෙයි, ප්‍රශ්ණය මොකක්ද කියලා හොයල බලන්න. පිටිපස්සේ කවුරුන් හිටියත් කමක් නැහැ, අරමුණ හොඳ එකක් නම්.මේ සටන ජයග්‍රහණයකින් කෙළවර විය යුතුයි. (නි)
මේක රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් විය හැකියි (නි)
හයිඩ් පාක් එකට 500ක් දැම්මත් 5000ක් වගේ පේන්නෙ. අන්තිමට ආචාර්යවරුන්ගේ හම ගියා. කොහෙන්වත් පාත් වුණු බංකොලොත් දේශපාලඥයින්ගේ නම ගියා. ඇදුරුකම එන්.ජී.ඕ. කාරයෝ, ත්‍රස්තවාදියෝ වෙනුවෙන් ජිනීවා ගිය මිනිස්සුම, මමීනිමරුවන් ඉස්සරහා තුට්ටු දෙකට විකිණුනා. (නි)
අද පීඨ වල උගන්වන්න ප්‍රමාණවත් දේශකයෝ නැහැ. එයාලා රැලි වලට ගිහිල්ලා (නි)
දුෂ්ට පාලනය භංග වේවා! (නි)
අපි මෙයාලට ආයෙත් කුමාරෝදය උගන්වමුද? (නි)
ලැජ්ජා නැද්ද මන්දා? (නි)
සමහර ඉල්ලීම් සාධාරණ නෑ (ස)
මිනිසුන් විසින් අතීතය අමතක කර හමාරයි (නි)
දැන් සමහරු චීවරයටවත් ගරු කරන්නෙ නැහැ (නි)
පළමු ඡායාරූපයේ කලු කණ්ණාඩි දාගෙන වාඩිවෙලා ඉන්නේ කවුද කියන්න පුලුවන්ද? (නි)
දැන් කට්ටියට පැහැදිලියි නේද? (නි)
නයි, මුගටි ඔක්කොම එකම බෝට්ටුවක.... (නි)
මෙතන ටී.එන්.ඒ. එකයි එල්.ටී.ටී.ඊ එකයි විතරයි අඩු..!(නු)
දැන්නම් ඔක්කොම ඉල්ලීම් ටික ලැබෙයි..!(නු)
මේක පිටුපස කවුද ඉන්නේ කියන එක දැං හොදටම පැහැදිළියි..!(නු)
ළමයින්ගේ අධ්‍යාපනයත් සමග දේශපාලනය කරන්න එපා..!(නු)
ගිලෙන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවා. (නි)
නිදහස් අධ්‍යාපනය රුකගන්න ඇදුරන් කරන සටනට මම ආශිර්වාද කරනවා.. සටන දිනන තුරු මොන භාදක ආවත් අපි ඔබ සමග ඉන්නවා..! දේශපාලන පක්ෂ සම්බන්ධ කර නොගන්නවානම් හොදයි කියලා හිතෙනවා.,!(නු)
බලන් ගියහම මේකත් අමුතුම සෙල්ලමක්නේ. (නි)
ඔය ඉන්නේ තල්ලුව දීපු කට්ටිය... (නි)
වැටුප වැඩි නොකර 6% අධ්‍යාපනයට වෙන් කලා නම් මේ අය හොයාගන්නවත් නැති වෙයි.!(නු)
ලෝක පුදුමයක්. (නි)
ගාල්ලේදී - ඇදුරන් ඇත. දේශපාලකයන් නැත. කොළඹදී - දේශපාලකයන් ඇත. ඇදුරන් නැත. (නි)
ලංකාවට විප්ලවයක් අවශ්‍යයි. (නි)
ගහගෙන යනකොට එල්ලෙන්න වැලකුත් එපායැ.එල්.ටී.ටි.ඊ. එකෙනුත් ඔතන ඇති සමහරවිට. (නි)
රට කමු - අපි හැදෙමු. (නි)
හැමදෙනාටම එක දෙයක් අමතක වෙලා වගෙයි (නි)
මේ රුළියට දායකත්වය දුන්න දේශපාලන නායකයින් තමන්ගේ පටු දේශපාලන අරමුණු කරා දුවන්නන් බව මා නොපැකිලිව කියන්න කැමතියි..!(නු)
අපේ ඇදුරුතුමාලත් බංකොලොත් දේශපාලනයට යට වුණා! (නි)
ආචාර්යවරු කාගේහරි හොද ලණුවක් කාලා වගෙයි පෙනෙන්නේ. (නි)
රුවන් මහත්තයත් ඉන්නවා.. මෙන්න රටට ඕන සැබෑ නායකයෝ.. ඇදුරු සටනට ජය වේවා..!(නු)
ඔය ඇවිල්ල තියෙන්නෙ බළළ්ලු ටික මල්ලෙන් එළියට... (නි)
වෙන වැඩකුත් නැහැනේ ඉතිං. ඔහොම යන්කෝ. (නි)
අපේ ළමයි නම් ඉන්නෙ පිටරට විශ්ව විද්‍යාල වල (නි)
විපක්ෂය ඉතිං ඕනෑම තැනකට රිංගනවනේ. (නි)
මොනවා උනත් අපි ස්වාමින්වහන්සේලා ළගදි හෝ පන්සලේදි හිස්වැසුම් ගලවනවා.. ඇදුරු තුමන් පළමුව ඒක දැනගන්න.. මේවා රටේ පොඩි අයත් බලනවානේ..!(නු)
මේ ගොල්ල ඇවිල්ලා තියෙන්නේ මොකටද?(නු)
බලය නෑති උනාම ඔක්කොමලා පෙලපාලි.....බලය තියෙද්දී මේවා නෑ.....(ස)
අනේ අපේ ළමයින්ගේ ප්‍රශ්න පත්‍ර බලලා දෙන්න. පින් සිද්ධ වෙයි. (නි)
මෙයාලට කොහෙන් හරි සල්ලි ලැබෙනවා..!(නු)
ඔහොම යං ඔහොම යං...!(නු)
නිදහස් අධ්‍යාපනය රැකේවා! (නි)
මෙයාලා ටිකම තමා ඉතින් 2010 ආවෙත්. එල්ලෙන්න වැලක් නැහැනේ ඉතින් දැන්. පවු. (නි)
එන්.ජී.ඕ. එකට සරසවි සිසුනුත් අහුවෙලා වගෙයි. (නි)
විපක්ෂය ගෑවුණු තැන, නිකන් කිරි කළයට ගොම බිදක් වැටුනා වගේ. අනික මම නම් දැක්කේ නැහැ, වෙනද දැකලා පුරුදු ආචාර්ය,මහාචාර්ය කියන අය. ඒ මොකද? (නි)
ආණ්ඩුවේ සමහර ඇමතිවරු බුද්ධිමතුන්ට බයයි. නීතියට බයයි. මේ අයගේ මොළය සහ කට සම්බන්ධ නැහැ. (නි)
මෙයාලට සටන් පාඨ නැතිව හිටියෙ..!(නු)
ඇස් පරිස්සම් කරගන්න. කොයි වෙලේ ඇහැට අනීද කියන්න නොදනී. (නි)
"දී කිරට බළල්ලුත් සාක්කිලු!" ඔහොම තැන බල බලා ඒවාට රිංගලාවත් මොකක් හරි පොටක් පාදාගන්නවා හැරෙන්නට වෙන මොනවා කරන්නද දැන්? නේද !"කොහොම වුණත් මේ යන පිළිවෙල හරි නැහැ. රටේ අනාගත බුද්ධිමතුන් වැඩි වී යාමටත්, ඉන්න මේ ටික දෙනත් රටින් පිටවීමටත් මේ වගේ වැඩ නිසා වෙන්න පුළුවන්. අනේ මෙහෙම රටක්! (නි)
මැද පෙරදිග වසන්තය වගේ වෙයිද දන්නේ නැහැ. (නි)
ආණ්ඩුව රැකගනිමු. මාලක සිල්වා රැකගනිමු. (නි)
මට නම් පෙනෙන්නේ කට්ටියම එකතුවෙලා බොර දියේ මාළු බාන්න වගේ කල්පනාව . (නි)
ඔය පැන්නේ බළල්ලු රංචුවක්ම මල්ලෙන් එළියට... (නි)
විපක්ෂයේ අයට මේක හොඳ අවස්ථාවක්. අඩු වශයෙන් රට වෙනුවෙන් එකතුවෙලා යමක් කරන්න. (නි)